හිසරදයෙන් ඔබත් පීඩා විඳිනවාද?

අගෝස්තු 2, 2019

ශාකයක පැවැත්මට මූල පද්ධතිය වැදගත් වන්නේ යම් සේද මනුෂ්‍ය ශරීරය ක්‍රියාත්මකවීමට හිස වැදගත් වන්නේ ද එසේම ය. එබැවින් මෙම උත්තමාංගය නීරෝගීව පවත්වා ගැනීමට උත්සාහ කිරීම උතුම් කාර්යයකි.

රෝගයක් වශයෙන් හෝ රෝගයක උපද්‍රවයක් වශයෙන් හෝ වෙනත් රෝගයක ලක්ෂණයක් වශයෙන් හෝ පැන නගින්නා වූ හිසරදය අතිශයින් පීඩාකාරී බවක් ගෙන දෙයි. වර්තමාන සමාජය තුළ ඉතා සුලබව දක්නට ලැබෙන හිසරදය ලෝක ජනගහනයෙන් 90% කටත් වඩා වැඩි පිරිසක් ගිල ගෙන ඇත. ලොකු, කුඩා, තරුණ, වැඩිහිටි කිසිදු වයස් භේදයකින් තොරව මෙම පීඩාකාරී එහෙත් බෝ නොවන රෝග තත්ත්වයට දිනෙන් දින මුහුණ දෙමින් සිටිති.

ඔලුවේ කැක්කුම, හිසේ කැක්කුම, හිසරදය, හිස රුජාව යනාදී වශයෙන් සාමාන්‍ය ජනවහරේ හඳුන්වනු ලබන මෙම හිංසාකාරී වේදනාව ආයුර්වේද ශාස්ත්‍රයේ ශිරෝ රුජා, ශිරඞශූල, ශිරෝතාප යන නාමයන්ගෙන් හඳුන්වනු ලබයි. හිසරදය (ඩ්ඥචඤචජඩඥ) නොහඳුනන අයෙකු සොයාගැනීමට නොහැකි තරම් ය.

ආයුර්වේද ශාස්ත්‍රයේ හිසේ හටගන්නා රෝග 11 ක් පිළිබඳව විග්‍රහ කොට ඇත. එනම් මෙම හිසරදය නමැති පීඩාකාරී තත්ත්වය ප්‍රභේද කොට ඉතා ගැඹුරින් විස්තර කර ඇත. ඒ අනුව හිස ආශි‍්‍රතව හට ගන්නා ශීර්ෂ රෝග මෙසේ ය.

ශිරෝ රෝගස්තු ජායන්තේ

වාත පිත්ත කඵෛශ් ත්‍රිභිඞ

සන්නිපාතේන රක්තේන

ක්ෂෙයේන ක්‍රිමිහිස් තථා

සූර්යාවර්තානන්තවාතාර් ධාවභේදක සංඛකෛඞ

වාතජ හිසරදය, පිත්තජ හිසරදය, කඵජ හිසරදය, ත්‍රිදෝෂජ හිසරදය, රක්තජ හිසරදය, ධාතු ක්ෂයජ හිසරදය, ක්‍රිමිජ හිසරදය, සූර්යාවර්ථය (ඉරුවාරදය), අනන්තවාතය, අර්ධාවභේදකය, සංඛකය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ආයු. වෛද්‍ය
කාන්ති මදුරප්පෙරුම

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.