අක්මා ප්‍රදාහය හෙපටයිටීස් –Hepatitis

අගෝස්තු 2, 2019

හෙපටයිටීස් (Hepatitis)  යනු ඇස් කහ වීම ජෝන්ඩිස් (Jaundice) ඇතිවීමට එක් හේතුවකි. අක්මාවට විෂබීජ ඇතුළුවීම නිසාද අක්මා ප්‍රදාහ (Hepatitis) ඇති වේ.

හෙපටයිටීස් වර්ග

1.හෙපටයිටීස් A

2.හෙපටයිටීස් B

3.හෙපටයිටීස් C

4.හෙපටයිටීස් D

5.හෙපටයිටීස් E සහ G ලෙස වර්ග රාශියකි

ප්‍රධානතම හා සුලබතම හෙපටයිටීස් වර්ගය වන්නේ බෝ වන සෙංගමාලයයි. එනම් (Hepatitis)  ඒ රෝගයයි.අපිරිසුදු ජලය පානය කිරීම සහ අපිරිසිදු ආහාරපාන සිරුරට ඇතුළුවීම මඟින් මෙම රෝගය බෝවේ.

හෙපටයිටීස් වැලඳීමට හේතුවන වෙනත් ආසාදන

1.ඩෙංගු රෝගය වැලඳීම නිසා ඇතැම් අයගේ අක්මාව ආසාදනයට ලක්වී හෙපටයිටීස් තත්ත්වයක් උදාවිය හැකිය. ප්‍රතිකාර මගින් සුවකළ හැකි වුවද වෛද්‍යවරයෙකු විසින් ඩෙංගු රෝගීන්ගේ උදරය පරීක්ෂා කිරීමේදී අක්මාව ඉදිමී ඇති බව හඳුනාගත හැක.

2.හෙපටයිටීස් (අක්මා ප්‍රදාහයක්) ඇතිවී ජෝන්ඩිස් තත්ත්වයක් උදා කරවන සුලබ ආසාදන තත්ත්ව අතර මී උණ හා මැලේරියාව ප්‍රමුඛ ස්ථානයක් ගනී. ඇස් කහවීමට අමතරව මී උණ රෝගයේ ඇස් රත්වීමත්, තද උණ සහ තදබල මාංශපේශි වේදනාවක්ද පවතී. මැලේරියාවේදී ඇස් කහවන්නේ මැලේරියාව උග්‍ර වූ විටය. ඇඟ සීතල වී ගැහෙමින් ඇතිවන තද උණ හා උණ බැස යාමේදී අධික ලෙස දහදිය දැමීම මැලේරියාවේ ප්‍රධාන රෝග ලක්ෂණයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
නිරූපා සංජීවනී
රත්නායක බදුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.