සුව දිවියකට ලුණු භාවිතය

අගෝස්තු 9, 2019

අපි කවුරුත් විවිධ රසවලට කැමතියි. එදා මෙන් අදත් කාන්තාවෝ ව්‍යාංජන කෑම වර්ග රසවත්කර ගැනීමට ලුණු වැඩිපුර භාවිතා කරයි.

අඩු ලුණු ප්‍රමාණයකට දිවහුරු කරගැනීම මඟින් ආහාරයේ ස්වභාවික රසය භුක්ති විඳීමටත් නීරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් හේතුවක් වනු ඇත.

වැඩිපුර ලුණු නරක ඇයි?

ලුණු අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීම අධික රුධිර පීඩනය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන අතර හදවත් රෝග සහ ආමාශ පිළිකා ඇතිවීමේ අවදානම ඉතාමත් වැඩියි.

ලුණු අඩුකිරීම නිසා ශරීරයට අවශ්‍ය අයඩීන් ප්‍රමාණය නොලැබී යනවාදැයි ඔබට සිතිය හැකි ය. එහෙත් ලුණු අඩු කිරීම නිසා ලැබිය යුතු අයඩින් ප්‍රමාණයට බලපෑමක් නොවෙයි. ආහාර පිසීමෙන් පසුව ලුණු එකතු කිරීම මඟින් අයඩීන් විනාශ වී යෑම අවම කරගත හැකි ය.

ශරීරයේ ක්‍රියාකාරීත්වයට ලුණු සුළු ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි. එම ප්‍රමාණය දිනකට වැඩිහිටි කෙනෙකුට ලුණු ග්‍රෑම් 5 කි. (තේ හැඳි 01) සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට ග්‍රෑම් 500 ක් බර ලුණු පැකට් එකක් පාවිච්චි කළ හැකි ය.

රුධිර පීඩනය නැති වුවද ලුණු ප්‍රමාණ ගැන සැලකිලිමත් විය යුතුවෙයි.

ඔබ ගන්නා ලුණු ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම් එවැනි අයට අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වැඩියි. එමනිසා පරිස්සම සෑම දෙයකටම සුබ වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් - විශේෂඥ වෛද්‍ය

රංජිත් බටුවන්තුවාව
වෛද්‍ය බුද්ධිකා සුදුසිංහ
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.