ගිතාරිගේ ආදර සිහිනය බොඳ වූයේ ඇයි?

අගෝස්තු 9, 2019

 ‘කොහොමද ඊයේ මැච් එක. සුවිමාල් හොඳට ප්ලේ කළා නේද? ලාලිත්‍යා ගිතාරිගෙන් ඇහුවේ හොඳ වර්ණනාවක් බලාපොරොත්තුවෙන්.

‘අපෝ සුවිමාල් ගැනද? මේ ලෝකේ කාටත් වඩා හොඳට විස්තර ප්‍රචාරයක් ගිතාරි දෙයි’

වසරක දෙකක සිට ගිතාරි පුදුමාකාර ලෙසින් වෙනස් වී ඇත. පෙරදී ක්‍රිකට් ගැනවත්, ක්‍රිකට් ක්‍රීඩකයන් ගැනවත් කිසිදු උනන්දුවක් නොදැක් වූ ගිතාරි දැන් සුවිමාල් ගැනත් ක්‍රිකට් ගැනත් දක්වන්නේ පුදුම උනන්දුකි. ඔහු ගැන පළවෙන පේළි දෙකක තොරතුරක් පවා ගිතාරි පොතක අලවා ගෙන සිටින්නීය. දැන් දැන් ඇය සුවිමාල් සෙල්ලම් කරන තරඟ බැලීමට පවා නිවාඩු දමා යන්නීය.

ඇඟලුම් කම්හලේ ප්‍රධානියා ගිතාරි නිවාඩු ගන්නවා වැඩි බව පවසමින් නිතරම බැණ වැදුණේය. මිතුරියට සුවිමාල් ගැන පවතින්නේ සාමාන්‍ය ඇල්මක් නොවන බව ලාලිත්‍යාට වැටහී තිබිණි. ගිතාරි රාජකාරි කරන අතරතුරේ පවා සුවිමාල්ගේ ඡායාරූපයක් අතගාමින් සිටිනු ඇය දුටුවාය.

දිනක් ලාලිත්‍යා, ගිතාරිට හොර රහසේ ඇයගේ මව මුණ ගැසුණාය. ගිතාරිට සුවිමාල් ගැන පවතින උනන්දුව පමණට වැඩි උනන්දුවක් බව ඇය මවට කීවාය. මව පැවසූ කථාව අසා ලාලිත්‍යාගේ සියොලඟ හිරි වැටුණි. ‘අනේ දුවේ මේ කෙල්ල අපි ගේන කිසිම මංගල යෝජනාවකට කැමැති නැහැනෙ. ඔය සුවිමාල් දරුව ගැනමයි ගෙදරදිත් කියන්නේ. සුවිමාල් කොහොම ළමයෙක්ද? හරි පොහොසත් ඇති. මේ වගේ පවුල්වලට ඔය වගේ මහත්තයෙක් පෑහේවිද? මව එක දිගටම කියාගෙන ගියාය.

‘අපෝ ඇන්ටි එයාට දරුවන් දෙන්නෙක් ඉන්නවා. බැඳලා ඉන්නෙත් ජනප්‍රියම නිළියක්. ගිතාරි හරි අමාරුවකනේ වැටෙන්න යන්නේ’.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති
සටහන
චම්පිකා දීපානි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.