අක්මාවේ රෝග ලක්ෂණ Hepatitis

අගෝස්තු 9, 2019

රෝගියා විසින් පවසන රෝග ලක්ෂණ (Symptoms)  -වෛද්‍යවරයා විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව සොයාගන්නා ලද රෝග ලක්ෂණ (Signs) ඇස් කහ පැහැ ගැන්වීම – ඇස් කහ පැහැ ගැන්වීම (වෛද්‍යවරයා මෙය තහවුරු කරයි)

උණ – පිරිමියෙකුගේ පියයුරු විශාල වීම

කෑම අරුචිය – පුරුෂයන්ගේ ලිංගිත අප්‍රාණිකත්වය

වමනය – පිරිමියෙකුගේ ශරීරයේ රෝම කූප අඩුවීම

උදරයේ දකුණු පෙදෙසේ ඉහළ කෙළවරේ ඇතිවන වේදනාව – කල්පනාව මඳගතිය

බඩ පිපුම ,උදරය මහත්වීම – අල්ල කැසීම

වළලුකර හා පෙදා ඉදිමුම – පපුවේ කුඩා රුධිර පැල්ලම් (Spider Naevi)  (මකුළුවෙකුගේ ආකාරයට)

ලේ වමනය – අල්ලේ ඇතිවන රතු පැහැය

මළපහ කළු පැහැයෙන් පිටවීම –පැරොට්ඩ් ග්‍රන්ථි ඉදිමීම

මල සමඟ රුධිරය පිටවීම – ප්ලීහාව විශාලවීම

මුත්‍රා දුඹුරු පැහැ ගැනීම – සිරුර කැසීම නිසා ඇතිවූ සීරීම් ලකුණු

මලපහවල කහ පැහැය අඩුවීම – උදරය තුළ දියර පිරීම

කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම -පාද සහ වළලු කර ඉදිමීම

හෙපටයිටීස් ඒ 99.9% ක් ප්‍රතිකාර මඟින් සුවකළ හැකි අතර, හෙපටයිටීස් ඒ රෝගයෙන් යම් කෙනෙකු මිය යන්නේ නම් දහසකට එක් රෝගියෙකුට කලාතුරකින් ඇතිවන තත්ත්වයකි.

වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක
බදුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.