හදවතට ගුණ දෙන රස ගුණ සපිරි රටකජු

අගෝස්තු 23, 2019

වත්මන් සමාජය ගැන සලකා බලන විට අපට පෙනී යන්නේ බොහෝ දෙනා කුමන හෝ රෝගී තත්ත්වයකින් යුතු බවයි. විවිධ වූ රැකියාවල නිරතවීම නිසා ඇති වන කාර්යබහුලතාවය සිරුරට ව්‍යායාමයක් ඇති නොවීම, මානසික ආතතිය වැනි කරුණු නිසා රෝගීන් වන සංඛ්‍යාව ඉතා විශාලය.

වර්තමානයේ හෘද රෝගීන්, දියවැඩියා රෝගීන් අධිකව ඇත්තේ මෙම හේතු නිසාය. අතීතයේ දී නිරෝගි ශක්තිසම්පන්න මිනිසුන් සිටීමට හේතුව වූයේ කය වෙහෙසා වැඩ කිරීමත්, ගමේ හැදුණු අල, බතල, එළවඵ ,පලතුරු ආදිය නිරතුරුව ගැනීමත් පිරිසිදු ජලය පානයත් මානසික හා කායික ප්‍රබෝධතාවයෙන් යුතුව සිටීම නිසාත් ය.

මෙවන් වූ කරුණු ගැන සලකා බලන කල වර්තමානයේ ආහාර පාන ගැනීමේදී වස විස නොයෙදු, එසේම රෝග ඇති නොකරණ, රෝග සමනයට උදව් කරන ආහාර ගැනීමට සැලකිලිමත් විය යුතුය.

මෙවන් වූ ආහාරපාන අතුරින් එක් වැදගත් හා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ලෙස රටකජු හැඳීන්විය හැක. බාල, තරුණ, මහලු සියලු දෙනාම පාහේ ප්‍රියකරන රටකජු ඉතා රසවත් ඖෂධාහාරයක් ලෙසද සැලකිය හැකිය.

විශේෂයෙන් කුඩා ළමයින් සහ තරුණ තරුණියන් ඉතා ප්‍රියකරන කෑමක් ලෙස රටකජු හැඳීන්විය හැක. ගමනක් යන විටද කාන්සිය මඟ හරවා ගැනීමටද, වාහන වල ගමන් කරන විට ගමන් මහන්සිය හා විඩාව අඩු කර ගැනීමට ද රට කජු ගොටුවක් ගෙන හප හපා රස වි¼දීම බොහෝ දෙනාගේ සිරිතක් වී ඇත.

හෘදය රෝගීන්ටත්, දියවැඩියා රෝගීන්ටත් ඉතා ගුණදායක රටකජු නිර්මාංසාහාර ගනු ලබන අයගේ ශරීර ශක්තිය හා පෝෂණය ඇති කරලීමට බෙහෙවින් උපකාරි වේ. තවද, දිවට මෙන්ම ආහාර ජීරණ පද්ධතියටද ඉතා හිතකාරී ද්‍රව්‍යයක් ලෙස රටකජු හැඳීන්වීමට පුළුවන.

රටකජු වැවෙන ප්‍රදේශ

රටකජු වල ජන්ම භූමිය දකුණු ඇමරිකාව යැයි විශ්වාස කරණු ලැබේ. මෙය බොහෝ පැරණි ශාක විශේෂයකි. ප්‍රාග් ඓතිහාසික යුගවල පේරු රාජ්‍යයේ සොහොන් ගෙවල් කැණීමේ දී ඒ තුළ රටකජු චිත්‍රවලින් අලංකාර කරන ලද භාජන හමුවී ඇතැයි වාර්තා වේ. පේරු රාජ්‍යයෙන් මෙය අප්‍රිකාවට සංක්‍රමණය වී ඇති බවත්, එතැනින් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වී ඇති බවත් සැලකේ.

වර්තමානයේ රට කජු වගාවක් ලෙස දකුණු ඇමරිකාවේ විශාල ලෙස වවනු ලබන අතර ප්ලොරිඩාවේ සිට කැලිෆෝනියාව දක්වා ව්‍යාප්තව ඇත. උතුරු ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයද රටකජු සඳහා ඉතා ප්‍රසිද්ධය. ලතින් ඇමරිකාව ආසියාව හා අප්‍රිකාවේ බොහෝ රටවල මෙය ඉතා සාර්ථකව වාණිජ වශයෙන් වවනු ලබයි. ජපානය, චීනය, මලයාසියාව හා කොරියාවේද බහුලව වවනු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ගොකරැල්ල, පොල්ගොල්ල,
ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය
වෛද්‍ය මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.