සුවැති දිවියකට හොඳම ආහාර රටාව

අගෝස්තු 23, 2019

ආහාර අපව ජීවත් කරයි. එමෙන්ම නිවැරැදිව ආහාර නොගත්තොත් අප අකාලයේ මරුමුවට පත් වන්නේ ද ගන්නා ආහාර පානම හේතුකර ගෙනය. ආයුර්වේදයට අනුව ආහාර ගන්නවා නම් ආහාර කිසි විටකත් රෝගී වීමට හේතු වන්නේ නැත. ඒ සඳහා,

1) පෝෂ්‍යජනක ආහාර ගන්න

ආහාරයක නැවුම් බව වැඩි වූ තරමට එහි පෝෂ්‍ය ගුණය ද ඉහළය. ඒ ඒ වාරයට ඒ ඒ දේශයට සොබා දම නිර්මාණය කර ඇත්තේ වඩාත් ගුණදායක පෝෂ්‍යජනක එළවළු පලතුරුය.

(2) ආයුර්වේදයේ දක්වා ඇති රස හයකින් යුතු ආහාර ගැනීමෙන් සමබල ආහාර වේලත් ගත්තා යැයි සතුටු විය හැකිය. එපමණක් නොව කුසට පිරුණු බවක් දැනෙන නිසා පමණට වඩා ආහාර ගැනෙන්නේ ද නැත. අනවශ්‍ය අතුරුපස ගැනීමෙන් වැළකෙයි.

බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මෙන්ම ආයුර්වේදය අනුව ද තද රතු, තද කොළ, තද දම්, තද නිල්, තැඹිලි වැනි විවිධ වර්ණයන්ගෙන් යුතු ආහාර ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය හෙවත් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ යයි.

ආහාර හැකි තරම් පිස ආහාරයට ගන්න. අමු ආහාර ජීර්ණය වීමට ආහාර ජීර්ණ පද්ධතියට දිගු කාලයක් ගත වෙයි. එහෙත් පිසූ විට පහසුවෙන් ජීර්ණය වෙයි. ඔබ සලාද ලෝලියෙක් නම් දිවා ආහාරයත් සමඟ ඒ කැමැත්ත සිංසිඳුවා ගන්න.

කුළුබඩු අපේ ආහාරයට රසයක් වගේම ගුණයක් ද එක් කරයි. ජීර්ණයට පෝෂක උරා ගැනීමට ආධාර වෙයි.

ආහාර ගත යුත්තේ කුසගින්න ඇති විටය. එකම වේලාවක ආහාර ගැනීමෙන් එකම වේලාවක කුසගින්න දැනෙයි. එයින් නීරෝගි දිවියකට මඟ පෑදෙයි. පරිගණකයේ හෝ රූපවාහිනියේ දැස් රඳවා ගෙන ආහාර නොගත යුතුය.

කුසගින්න ආහාර මඟින් නිවුණේ නැත්නම් සිරුරේ පටක ද දහනය වන්නට ගනී. සිරරේ ග්ලූකෝස් ඌනතාවක් ඇති වෙයි. ඊළඟට මේදයත්, මාංසපේශි, ප්‍රෝටීන් සියල්ල දහනය වන්නට ගන්නේ ජීවිතය හැකි තරම් කලක් පවත්වා ගන්නයි.

එක් ආහාර වේලක් ගෙන ජීර්ණයවීමට පෙර තවත් ආහාර වේලක් ගතහොත් නියමිත පරිදි ජීර්ණය සිදු නොවෙයි. කුසගින්න දුර්වල වෙයි. මෙයින් සෙම නිපදවීමත් විස නිපදවීමත් වැඩි වෙයි. මෙවිට බර ගතියක්, වාතය පිරීමක්, වෙහෙසක් දැනෙයි.

එක් ආහාර වේලක් හොඳින් ජීර්ණය වූ පසු අනෙක් ආහාර වේල ගත යුතුය.

ආහාරවලින් සතුටු මානසිකත්වයක් ඇතිකර ගැනීමට වැඩි දෙනෙක් වැරැදි අයුරින් නිතර නිතර ආහාර ගනිති.

කෑම වේල් අතර පැය තුනක පරතරයක් තබා ගැනීම මඟින් නීරෝගි ජීර්ණ පද්ධතියකට හිමිකම් කිව හැකියි. අතරවාරයේ අතුරුපසක් ගැනීමට පුළුවන. සෙම අධික අයගේ ආහාර වේල් අතර පරතරය ඊටත් වැඩි විය යුතුය. සෙම උග්‍ර අයගේ ජීර්ණය සිදුවන්නේ සෙමිනි. ආහාර වේල් දෙකක් සෙම උග්‍ර අයට ප්‍රමාණවත්ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

(ආයුර්වේද උපදෙස් ඇසුරිනි)
චම්පිකා දීපානි රණසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.