වාතරක්තය

අගෝස්තු 23, 2019

වාතයත් රක්තයක් ප්‍රබල ලෙස ප්‍රකෝප වී සෑදෙන රෝගයකි. බෙහෙවින් කුඩා සන්ධිස්ථාන ඇසුරු කරන බැවින්, “ඛුඪවාත” නමින්ද වාතරක්තය හැඳින්වේ. “ඛුඪ” යනු කුඩා සන්ධි සඳහා භාවිතා වන සමාන නමෙකි. වාතරක්තය යන තේරුමෙන් වාතශෝණික යන නමද මෙයට යෙදී ඇත.

වාතරක්ත හේතු

1.කටුක, තික්ත, ක්ෂාය රසැති රූක්ෂ ආහාර නිතර බහුලව අනුභව කිරීම ( කොල්ලු, කඩල, කුරක්කන් ආදිය)

2.ජල බහුල (අනුප) වියළි ප්‍රදේශ (ජාංගල) ආශි‍්‍රත මාංසාහාර වැඩිපුර නිතර කෑම

3.මලබද්ධතාව

4.මුත්‍ර දෝෂ

5.පහකළ යුතු වේග පහ නොකිරීම

6.හරක් මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, ජාඩි, බල මාළු, බල කරවල, ටින් මාළු වර්ග, රට දෙල්, අච්චාරු, තක්කාලි, අන්නාසි, ලුණු දෙහි ආදී ගිනියම් කෑම වර්ග වැඩිපුර අනුභව කිරීම

7.විනාකිරි ආදී කාඩි යෙදූ ආහාර නිතර ගැනීම

8.මත්පැන් වර්ග අධිකව නිතර නිතර ගැනීම

9.කිරි, මස් වැනි එකිනෙකට නොගැලපෙන ආහාර අධිකව ගැනීම

10.කෑ පිට කෑම

11.දවල් කාලයේ නිදීම හා රාත්‍රී නිදි වැරීම

12.සුවපහසු අසුන්හි නිතර නිදීම හා හිඳීම

13.පාපැදි, යතුරු පැදි, බස්රිය, දුම්රිය ආදියේ දී පා පහළට එල්ලා වැටෙන සේ දිගු වේලා ගමන් කිරීම

14.උෂ්ණ කාලයේ බොහෝ දුර පයින් ගමන් කිරීම

වාතරක්ත සම්ප්‍රාප්තිය (රෝගය සෑදෙන හැටි) වාත කෝපකර හේතුවලින් කිපුණු වාතයත් පිත්ත කෝපකර හේතුවලින් කිපුණු පිතත්, එකට එක්ව අතිශයින්ම දූෂිත අවස්ථාවට පත් වේ. එසේ ප්‍රබලව කිපුණු දුෂිත වූ රක්තය වාතයේ ගමන් මඟ අවුරා දමා වාතරක්තය උපදවයි. බෙහෙවින් මෙයට ගොදුරු වනුයේ අතුල් පතුල් ය. වෙනත් වචනවලින් කිවහොත් පා දෙකත්, අත් දෙකත් ය. එසේ අතුල් පතුල්වල රැස්වන අතිශයින් දූෂිත වාතරක්ත විෂ, මී විෂ පරිද්දෙන් කෙමෙන් කෙමෙන් සෙසු ශරීරාංග කරා ද පැතිරී යයි.

සුශ්‍රැත ආචාර්යතුමා ඒ බව සනාථ කරන්නේ මෙ පරිද්දෙනි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
අමරසිරි පාන්නම්පෙරුම

වෛද්‍ය නිරූපා සංජීවනී රත්නායක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.