පලා පොළොං දෂ්ඨය උග්‍ර විෂ සහිතයි

අගෝස්තු 23, 2019

බාල,මහලු, කවුරුත් පරිසරයේ් ගහ කොළ සමඟ ගනු දෙනු කරති. ලන්දේ, බැද්දේ, කැලයේ කටයුතු කල්පනාකාරීව කළ යුතුය. ගහ කොළ අතරේ සැරිසරන සර්පයන්ගෙන් අනතුරුවීමට ඉඩ ඇති බැවිනි. රුක්ගොමු වාසස්ථාන කරගෙන හැසිරෙන “පලා පොළඟා” උග්‍ර විෂ සහිත සර්පයෙකි.

කොළ පාට වර්ණයෙන් යුත් මෙම පොළඟා ගේ හිස දෙපස සිට වලිගය දක්වා කළු පාට රටාවක් විහිදෙයි. පලා වර්ණයෙන් යුක්ත නිසා ගහ කොළේ රැඳී සිටියදී හඳුනා ගැනීම අපහසුය. විශාල ශාරීරික හිමිකම් නොකියන කුඩා සර්පයෙකි.

ගස් අතුවල රැඳෙන මෙම සර්පයාගෙන් සිදුවන අනතුරු අඩුය. එහෙත් දෂ්ඨයකදී උග්‍ර විෂ ශරීර ගතවීම අනතුරුදායක වේ. මෙම විෂ රුධිර සංසරණ පද්ධතියට බලපෑම් කරයි. ඉන් වකුගඩුවලට හානිදායක තත්වයන් ඇතිකරනු ලැබේ. එම නිසා “පලා පොළොං” දෂ්ඨයකදී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කළ යුතුය.

මෙම සර්ප දෂ්ඨයන් සඳහා දේශීය පාරම්පරික විෂ වෛද්‍ය ශාස්ත්‍රයේ බොහෝ සාර්ථක ප්‍රතිකාර වේ.

පලා පොළඟාගේ පොදු ශාරීරික ලක්ෂණ මෙලෙස සඳහන් කළ හැකිය. සෙන්ටිමීටර් 60-75 පමණ ශරීරය දිගු වේ. ගෙලෙන් වෙන් කොට හඳුනාගත හැකි ත්‍රිකෝණාකාර හිසක් දැකිය හැකිය. පලාවන් සිරුරේ කළු පැහැති රටාවක් දිව යයි.

තුරු අතර සැරසරණ කුඩා පක්ෂීන්, මැඩියන් , ක්ෂීරපායි සතුන් ආහාරයට ගනු ලැබේ.

නගරයෙන් බැහැර ග්‍රාමීය කැලෑවල මෙම සතුන් ගේ යම් ගහනයක් දැකිය හැකිය. ජුනි, ජුලි මාසයේදි මොවුන් බෝවීම දකින්නට ලැබෙයි. ගෑණු සත්වයා වරකට පැටවුන් 25 පමණ බිහිකරණු ලැබේ.

ඉහත සඳහන් කළ පරිදි මෙම සර්පයන් රුක් මත සැරිසරයි. මොවුන් බිමට නොබසින බව ඉන් අදහස් නොවේ. ඉඳහිට සත්ව දඩයම් සඳහා බිම ගැවසෙනු දැකගත හැකිය. මෙම සතුන් ගේ දෂ්ඨයන් නිසා මිනිසුන් ගේ හෘදය, වකුගඩු ප්‍රහාරයට ලක් වේ.

වන රොද වල් හිදී මෙම දෂ්ඨයන් බහුලව සිදුවීම දක්නට ලැබේ. එම ස්ථානයන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගැටලු ගෙන දෙයි. මේ නිසා සංයමයෙන් රෝගියාට ප්‍රතිකාර සඳහා පහසු ස්ථානයකට ගෙන යා යුතුය. එහිදී රෝගියා බියට හෝ තැති ගැනීමකට ලක් නොකර ගන්න ප්‍රථමාධාර සපයන්නන් ගේ වගකීමකි. කිසිම විටක දෂ්ඨයට ලක්වූ රෝගියා ප්‍රතිකාර සඳහා ඇවිද්දවාගෙන රැගෙන යාම නොකළ යුතුය. ඉන් ශරීරය පුරා විෂ කඩිනමින් පැතිරී යයි. එය වළක්වා ගැනීමට රෝගියා ඔසවාගෙන යාම යෝග්‍ය වේ.

සමහර විටක රෝගියාව ඉක්මනින් වෛද්‍යවරයකු හමුවට පමුණුවාලීමට නොහැකි අවස්ථා උදාවේ. එතෙක් රෝගියා කිසිදු ප්‍රතිකාරයක් නොකර ගමනේ යෙදවීම යෝග්‍ය නොවෙයි. මේ නිසා ඵලදායි ප්‍රථමාධාර ලබා දීම රෝගියාගේ ජීවිතය ආක්ෂා කර ගැනීමට හේතු වේ. ඒ සඳහා භාවිතා කළ හැකි ඖෂධ සංයෝජන කීපයක් පහත සදහන් ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ආචාර්ය පණ්ඩිත වෛද්‍ය
ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
ගොරකපිටිය – පිළියන්දල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.