දරු ඵල ලබාදෙන මව්කිරි වඩන අගනා ඖෂධාහාරය නෙළුම් අල

අගෝස්තු 30, 2019

අපට එදිනෙදා ජීවිතයේදී වැදගත් වන දේ අතුරින් ආහාර සඳහා ලැබෙන්නේ ප්‍රධානතම ස්ථානයකි. අපගේ ජීවිතය පවත්වාගෙනයාමට ආහාර අත්‍යාවශ්‍යමය.

මෙහිදී ශරීරයේ වර්ධනය හා පෝෂණය සඳහා ආහාර වැදගත් වන අතරම රෝගයන්ගෙන් වළකා නිරෝගී බව රැකගැනීමටත් හේතුවේ. මෙවන් ආහාර ඖෂධාහාර ලෙස හැඳීන්විය හැකිය. මෙවන් වූ ඖෂධාහාර අතුරින් එක් වැදගත් ඖෂධාහාරයක් ලෙස නෙළුම් අල හැඳීන්විය හැක. දරුවන්ට සිත පෑදෙන ඉතා සිත් ඇදගන්නා නිරාමිස සුවදෙන මලක් ලෙස නෙළුම් මල් හැඳීන්විය හැකි වන අතරම මෙම නෙළුම් පැළෑටියේ අලය ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන්ද ඉතා ප්‍රයෝජනවත් ඖෂධාහාරයකි.

වසර දහස් ගණනකට පෙර පටන් ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන නෙළුම් අල දේශීය වෙදකමේදී මෙන්ම ආයුර්වේද වෙදකමේ දී ද රෝගාබාධ රැසකට ඖෂධීය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙයි.

නෙළුම් වැවෙන ප්‍රදේශ

කාශ්මීර, බිහාර, බොගාල්, බොම්මාය ආදි සියලුම ඉන්දියානු උෂ්ණ ප්‍රදේශවලද, පාකිස්තානයේ ද, ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශයන්හිද ජලාශ වල වැවේ.

නෙළුම් අල සඳහා

සංස්කෘත බසින් : පද්ම මුල, ශාළුක, සකල කරභාට, ශාලීක, පද්මකන්ද, ජලාලූක යන නාමයන් යෙදේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරනවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.