රහස් බෙහෙත් කවි

සැප්තැම්බර් 20, 2019

ආයුර්වේදයේ එක් පැතිකඩක එලිදැකීමක් ලෙස රහස් බෙහෙත් ප්‍රතිකාර කවි විශේෂයෙන් හඳුන්වාදිය හැක. එදා සමාජයේ වෛද්‍යවරයා යනු කවියෙක් මෙන්ම සමාජ හිතකාමී ගුණයන් දැක්වූ කෙනෙක් විය.

එසේම සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ තම දැනුම ඒකරාශිකොට ඒවා සමාජ මෙහෙවර සඳහා යෙදවීය. මුදලට නොව තම දැනුම පුළුල් මාර්ග ඔස්සේ අනාගතය උදෙසා ද එක්රැස් කළහ. මෙම කවිද එහි ප්‍රතිඵලයකි. මෙම කවිවල අයිතීන් නම් වශයෙන් ප්‍රකාශ කළ නොහැකි වුවද, සෑම රචනාවකම අවශ්‍යතාවය වනුයේ මතු පරපුර සදහා වන තිරසාර භාවිතයයි. එය අප දේශීය වෛද්‍යක්‍රම චිකිත්සාවක හඳුන්වාදිය යුතුම ප්‍රතිකාර ක්‍රමවේදයක් වන නිසාමය. ලංකාවට ආවේණික වූ සාරවත් ප්‍රතිකාර ක්‍රමවේදයක මෙම ගැටපද කවි විවරණයක් වන නිසාය.

උණට

කටකාරි තුන්කුළු දා
අට එකකට සි වළ දා
වා සෙම් වැඩ ජොරා එ දා
වල් වැදිලා ගියෙ නොර දා

පදාර්ථ

කටකාරී – කණ්ටකාරි (කටුවැල්බටු)
තුන් කුළු – තිකුළු (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි)
වා , සෙම්, වැඩි ජොරා – වාසෙම් ජනනිත උණ

විස්තර

කටුවැල්බටු, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි මේවා කලං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා බීමෙන් වා සෙම් ජනනිත උණ සුව වේ.

කූට අමතනා ගර අඹු සොඳ කට කාරී
අට අඹු ගෙනා සිටි අඹු එකකට බේරී
එම අඹු කණා සුණු ලා සතියක් නෑරී
අටවන ජොරා බැට කාගෙන යයි තේරී

මෙම කවියෙන් කියැවෙන ඖෂධ යෝගය පහත දැක්වෙන සකු සිලෝවෙන් කියවෙන යෝගය බව ඇතැම් වෛද්‍යවරු විශ්වාස කරති.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.