බලි ශාන්තිකර්ම සහ මනෝරෝග

සැප්තැම්බර් 20, 2019

අවුරුදු 3000කට අධික දීර්ඝ ඉතිහාසයක් ඇති අපේ දේශීය වෙදකමේ භූත විද්‍යාව එක් චිකිත්සා කර්මයකි. අපේ හෙළ වෙදකමත් අපේ හෙළ සංස්කෘතියත් අතර සහජීවනයෙන් කටයුතු කරන අය වේ. අපේ බලිශාන්තිකර්ම බලිතොවිල් යාතු කර්ම සහ දේශීය චිකිත්සාව එකී අත්වැල් බැඳගෙන කටයුතු කළා. එදා පෙර දවස. අද සම්ප්‍රදායික බලි ශාන්තිකර්ම ටිකෙන් ටික පිරිහීයමින් පවතී.

එයට ප්‍රධාන හේතුවීම නවීන තාක්ෂණය නිසා අපේ අය ඒ පිළිබඳව හරිහැටි නොසැලකීමත්. එම ශාස්ත්‍රය දන්නා අය අඩුවීමෙන් කටයුතු හරි හැටි නොකිරීමත් නිසා ය. එදා මානසික රෝගවල හොඳම ප්‍රතිකාරය වූයේ යාතුකර්ම බලිතොවිල් සහ ශාන්ති කර්මය.

අපේ රටේ පමණක් නොව සෑම රටකම ඔවුන් සංස්කෘතිය අනුව බලි තොවිල් යාතු කර්ම ශාන්ති කර්ම තිබේ. මේ හේතුව නිසා මනෝචිකිත්සකයෙක් වූ ‘සිග්මන් ප්‍රොයිඩ්’ මහතා බලිතොවිල් යාතු කර්ම ශාන්ති කර්ම කලා ප්‍රතිකාරයක් බව (Art Therapy)  හඳුන්වනු ලැබුවා.

අතීතයේ මෙතරම් දියුණු විද්‍යාත්මක බටහිර වෙදකමක් හෝ ආයුර්වේද වෙදකමක් නොතිබුණ යුගයේ සියලුම මානසික රෝග සඳහා බලි තොවිල් ශාන්ති කර්ම යාතු කර්ම සිදුකළා රෝගීන් සුවපත් වුණා. මෙම ශාන්ති කර්ම සියල්ලම යාගහෝම බෞද්ධ දර්ශනය හා සිංහල සංස්කෘතිය අත්වැල් බැඳගත් ක්‍රියාවලියකි. යක්ෂයින් පිසාචයින් භූතයන් පිළිබඳ විශ්වාසයන් නිසා මිනිසාට මේ අය ලෙඩ ඇති කරන බව පැරණි අය විශ්වාස කළා.

බෞද්ධ දර්ශනය අනුව මානසික රෝගවලට හේතුවන බෞද්ධ මනෝවිද්‍යාව අනුව මිනිසාගේ චිත්ත අභ්‍යන්තරයේ තැන්පත් වී ඇත්තාවූ රාග, ද්වේශ, මෝහ යන මනෝ භාවයන් මාර යනුවෙන් අදහස් කෙරේ. තවද බිය, සැකය, තණ්හාව, උදාසීනත්වය යන මේ කරුණු නිසා මිනිසාගේ මනසේ මනෝ භාවයන් විෂම වීමෙන් මිනිසාට මානසික රෝග වැළඳෙන බව ඉතා ගැඹුරින් බුද්ධ දේශනාවේ විස්තර කර තිබේ.

කරණීය මෙත්ත සූත්‍රය අනුවත් රතන සූත්‍රය අනුවත් මේ මනුෂ්‍ය ලෝකයේ යක්ෂ, ප්‍රේත, භූත, කුම්භාණ්ඩ සත්ව කොට්ඨාස ආත්ම ජීවත්වන බව සඳහන් වේ. තවද ප්‍රේත වස්තු විමාන වස්තු වලත් යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයන් ගැන සඳහන් කෙරේ.

ගැමි ජනතාව අතර යාතු කර්ම බලි තොවිල් ශාන්ති කර්ම එදා තිබුණි. මෙයට ප්‍රධාන හේතුව ගැමි ජනතාව ජීවිකාව කළේ වැව් ගම්මාන ආශි‍්‍රතව හේනේ කුඹුරේ කැලේ ඔවුන් ගොඩගොවිතැන් කළා මේ නිසාම ඔවුන් යක්ෂ ප්‍රේත පිසාච කුණ්භාණ්ඩ විශ්වාසයන් පිළිබඳ තදින් විශ්වාස කළා. එදා ඔවුන්ට වැළඳෙන රෝග යක්ෂ, ප්‍රේත, පිසාචයින්ගෙන් වැළඳෙන බවත් විශ්වාස කළා. එමෙන්ම ශාන්තිකර්ම බලිතොවිල් වලින් වැළඳුන රෝග සුවපත් වුණා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
බර්ටි උබේසිරි නාරායන
සෙත්සිරි වෙද ගෙදර


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.