විල්හෙල්ම් රොන්ජන්ට පෙර එක්ස් – රේ ක්‍රමය බුදුන් වහන්සේගේ කාලයේ ජීවක වෛද්‍යතුමා විසින් සොයාගෙන කටයුතු කළා

සැප්තැම්බර් 20, 2019

පැරණි යුගයේ දඹදිව අභිසාරිකාවකට කිසියම් පුරුෂයකු මගින් දරු ගැබක් හටගත් විට එය වර්තමාන සමයෙහි මෙන් ගබ්සා කරවීමක් නොවූ බව ඉතිහාසගත තොරතුරුවලින් හෙළි කරන සත්‍යයකි.

ඇය තම ගණිකා වෘත්තිය තවදුරටත් කර ගනිමින් දරු ගැබද ආරක්ෂා කර ගත් අතර දස එකඩ මස් ගතවූ තැනේදී නියමාකාරයෙන් දරුවකු බිහිකරන්නට කටයුතු කරන්නීය. මේ චාරිත්‍රය අනුව ගැහැණු දරුවකු ලැබුණහොත් කරන්නේ මතුවට තමන්ගේ ප්‍රයෝජනය පිණිස දරුවා පෝෂණය කර ලොකු මහත් කරවා ගන්නා ලද බවයි. තමන්ගේ රැකියාවද ඒ ආකාරයෙන්ම තම ගැහැණු දරුවාටද පුරුදු පුහුණු කරවීමද උදෙසාය. එහෙත් පිරිමි දරුවෙකු ලද හොත් කරන්නේ දාසියක ලවා එම දරුවා කුණු බක්කියට දැමීමයි. ඉන්පසු එම කුණු ගොඩේදී බලු කපුටන්ගේ ආහාරයට ගොදුරු වන අසරණ පිරිමි දරුවා මිය යයි. එය එකල කූප්‍රකට චාරිත්‍රයක් ලෙසද ගණන් ගැනිණ.

මේ තත්ත්වය පසු කලෙක එංගලන්තයේ හා ප්‍රංශයේද අභිසරු ලියන්ට ලැබෙන දරුවන් උදෙසාද බලපෑ බව අසන්නට ලැබුණි. අභිසරු ලියන් විසින් තමන්ට ලැබුණු දරුවාගේ පියා වශයෙන් නම් කළ නොහැකි ප්‍රසිද්ධ වියතුන්ගේ නම් රහසක්ව තබා ගන්නට ප්‍රවේසම් වූහ.දරුවා ගැහුණු පිරිමි භේදයක් නැත. ඇය විසින්ම මහ මඟ කොතැනක හෝ කුණු බාල්දියකට දරුවා දමා පැන යන්නීය.

එවන් අවස්ථාවලදීද බොහෝ වශයෙන් ඒ ලේ කැටි බිළිඳා මරණයට පත්වෙයි. එසේ නොවන්නට සමහර අවස්ථාවන් දරුවාගේ වාසනාවටද හැරේ. දරුවා ඇස ගැසෙන අයෙකු විසින් දරුවා එරට රජයේ ආධාරයෙන් නඩත්තු කරන්නාවූ දාරකාගාරයකට බාර දෙනු ලබන අතර දරුවා එහිදී සැපවත්ව හැදී වැඩී ඉහළ තත්ත්වයකටද අවතීර්ණ වන්නේ යම්කිසි යහපත් ආකාරයකට සමාජ ගතවීමකිනි. සමහර විට ළමයාගේ මුල් ජන්මය ගැන තතු හෙළිවෙද්දී බලවත්සේ සමාජයේ පරිභවයටද ලක්වීමටද ඉඩ තිබෙන හෙයිනි.

අපේ ජනසමාජයේ මෙකල ‘වේසිගෙ පුතා” යැයි කියැවෙන විට ඔවුන්ට භාවිතාව වන්නේ ඉංගී‍්‍රසි බසින් “බ්ලැඩි බාස්ටඩ්” කියාය. එයින් අරුත් ගැන්වෙන්නේ කුණු බාල්දියෙන් අහුලා ගත් එකෙකු බවයි. එසේ කීම ඉංගී‍්‍රසි කුණු හරුප ජනවහරේ තිබෙන ඉහළ පහළ වදන බව ප්‍රකටය.

එදා එසේ දඹදිව ජන සමාජයේ මහ ඉහළින් සිටි ප්‍රසිද්ධ අභිසරු ලලනාවක් වරෙක කුලීන අභය කුමරාගේ ඇසුරෙන් ලත් දරු ගැබ ඇතිව විසූයෙන් දස එකඩමස් ඇවෑමෙන් පුතකු බිහි කළාය. පුතකු ලැබීම තම චාරිත්‍රයට අනිසි බලපෑමක් කරන්නේයි යන මතයේ සිටි ඇය දාසියකු කැඳවා මේ කිරිකැටි දරුවා කුල්ලක තබා කසළ ගොඩකට දමා එන ලෙස නියෝග කළාය. එහෙත් සම්මතය පරිදි වෛශාවකගේ කුසින් උපන් දරුවකු වුවද මේ සිඟිත්තා. පෙර පින අනුව ඉපැදුන අයෙකු වූ බැවින් කසළ ගොඩේ සිටියද, කපුටන්ට මැදිව කිසිම සීරීමක් හෝ නොමැතිව ඉතා සුවසේ නිරුපද්‍රිතව සිටිද්දී කිසියම් කෙනෙකුගේ දර්ශනයට භාජන වූයෙන් දිවි ගලවා ගන්නට සමත්වුණි.

ඒ යන්නේ අභයරාජ කුමාරයා ය. කසළ ගොඩෙහි කපුටන් පිරිවරා බිළිඳු හඬක් ඇසෙන හෙයින් ඒ කුමක්දැයි සේවකයකු පවා විමසූ අභය රාජ කුමාරයාට” කසළ ගොඩෙහි සිටින්නේ අළුත උපන් දරුවෙකු යැයි” දැනගන්ට ලැබුණි. අභයරාජ කුමාරයා දරුවා ගේන්නට නියම කළෙන් රජ මැදුරට ගෙන ගිය දරුවා එතැන් සිට රජ කුමරකුසේ මාළිගයෙහි ඉතා සැපවත් සේ පෝෂණය වී ලොකු මහත්විය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කස්තුරි ලියයි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.