රෝග නිවාරණයට මහඟු සේවයක් කරන කප්රුක අපි රැකගනිමු

සැප්තැම්බර් 27, 2019

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ඖෂධ ආහාර මෙන්ම වෙනත් බොහෝ දැ ශාක මඟින් ඉටුකෙරිණ. එනමුත් නානාවිධ ශාක අප පරිසරයේ අනන්තවත් ඇත. එහෙත් ආහාර ඖෂධ මෙන්ම වෙනත් බොහෝ ප්‍රයෝජනවත් වන මෙවන් ශාකයක් අප රට තුළ නැති තරම්ය.

අද අප භාවිතයට ගන්නා බොහෝ උපකරණ මලු , පැදුරු , වට්ටි ,පෙට්ටි ආදිය පොලිතීන් අඩංගු කර නිෂ්පාදනය කර ඇත. එනමුත් අතීතයේ මෙන්ම අද ද සමහරු පොල්කොළ භාවිතා කර මේවා නිපදවනු ලැබේ. නිදාගන්නා මෙට්ට, පාපිසි, ඉදල් කොහු, මෙන්ම වතුර බීම සඳහා පොල්කටුව මඟින් භාණ්ඩ ද සපයා ගනු ලැබේ. මීට අමතරව විසිතුරු භාණ්ඩ රාශියක් මේ ශාකයේ කොටස් උපයෝගී කරගෙන සාදාගනු ලැබේ. එසේම පොල් අතු සෙවිලි කළ වහලයකින් ලැබෙන සිසිලස වෙනත් දෙයකින් ලබාගත නොහැක. මෙසේ බලන විට පරිසරයට කිසිදු හානියක් නොකොට අපේ සෞඛ්‍ය ආරක්ෂා කරන අයුරු මේ සියලු දේ කිසිදු වියදමක් නොමැතිව පොල්ගස මඟින් අපට දායාද කර ඇත. අනාගතයේදීත් යම් අයුරකින් මේවා ප්‍රයෝජනයට ගෙන පරිසරයට කෘත්‍රිම පොලිතීන් වැනි දේ වලින් සිදුවන හානිය අඩුකරගත හැක.

මේ ශාකයේ විවිධ කොටස් අපේ මඟුල් ,අවමඟුල් ආදියේ දී ද සෑම උත්සව අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගනු ලැබේ. පොල් මල සෞභාග්‍යයේ සංකේතයයි. පුන්කලසට එය යොදා ඇත්තේ ඒ නිසයි. විවාහ මංගල්‍යයකදී ගැහැනු දරුවකු වැඩිවිය පැමිණි විටක දී, යාග හෝම ආදියේදීත් පොල් මල නැතුවම බැරිය. පොල් අප ආහාරයේ තුන්වේලටම යොදාගනු ලබන අවස්ථාද ඇත. ආහාර ප්‍රියතාවයට, ආහාර ජීර්ණය පහසුවට මෙන්ම අප ගන්නා සමහර ආහාරවල ඇති සුළු විෂ ගතිය නැති කිරීමට මෙය උපකාරි වේ. ආහාරවල විස ගතිය නිසා ක්ලාන්තය ,උදර වේදනාව,කරකැවිල්ල ,නිදිමත ගතිය සුළු වශයෙන් වමනය ආදිය ඇතිවිය හැක. එනමුත් මේ පොල් භාවිතයෙන් මේවා අඩුකරගත හැක. මුහුදුකරයේ අය බල මාලු, හුරුල්ලා වැනි දේ සමඟ පොල් භාවිතයට ගන්නේ ඒ නිසයි. රට දෙල් , මඤ්ඤොක්කා වැනි දේ ආහාරයට ගන්නා විට පොල් භාවිත කරන්නේ ද එනිසාය. එසේම අප ගන්නා සමහර ශාක ආහාරවල සුළු විෂ ගතියක් ඇත. එනමුත් මේ පොල් සමඟ ආහාරයට ගැනීමෙන් එය මඟහරවාගත හැක. හබරල වැනි කැසීම් ඇති අල වර්ග සමඟ පොල් මිශ්‍ර කරන්නේ මේ නිසාය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.