කළ යුතු දේ නුවණින් සොයාගෙන වෙදකම් කළ හොරිවිල හේරත් හාමි ජීවකයා

ඔක්තෝබර් 11, 2019

සැමියාත් බිරිඳත් බටහිර වෛද්‍යවරුන් ය. පළමු දරු ප්‍රසූතියේදී දොස්තර මෝනගේ උකුළු ඇටයක් බිඳිණි. එයට ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් කලක් තිස්සේම ප්‍රතිකාර ලද නමුත් සුවයක් නොලැබුණි.

ඇයට මේ ආබාධය නිසා හිඳ ගැනීමට පවා අපහසු විය. කරුණු මෙසේ වූයෙන් සිය සැමියා සමඟ එංගලන්තයට ගිය දොස්තර නෝනා එහි ප්‍රකට රෝහලක මාසයක්ම නේවාසිකව ප්‍රතිකාර ගත් නමුත් ඉන් ද කිසිම සුවයක් නොලැබුණි. ඉන් පසු යළි ලංකාවට පැමිණ සිටියදී එහි පැමිණි ගම්බද මාමා කෙනෙකු දොස්තර ලේලියට කියා සිටියේ හොරිවිල වෙද මහත්තයා හමුවී මේ ආබාධය ගැන කීවොත් හොඳ බවය. එයට කැමැතිවූ දොස්තර සැමියා සිය දොස්තර බිරිඳ ද කැටිව දිනෙක හොරිවිල හේරත්හාමි වෙද මහතා හමුවූහ.

දොස්තර මෝනාගේ ආබාධය මුල සිට අගටම හොරිවිල වෙද මහතා හමුවේ විස්තර විය. දරු ප්‍රසූතියේදී උකුල් ඇටයක් බිඳීම හොරිවිල වෙද මහතාට අලුත් අත්දැකීමක් විය. එහෙයින් එතුමෝ මේ අමුතු අන්දමකවූ ඉළබිඳීම සඳහා කළ යුත්තේ කුමන අන්දමේ ප්‍රතිකාරයක් දැයි නුවණින් සොයා බැලූහ.

මේ අමුතු ආබාධය වෙනුවෙන් දොස්තර මහතාගේද සහාය ඇතිව අමුතුම අන්දමක ශල්‍යකර්ම විශේෂයක් මඟින් ප්‍රතිකාර කළ යුතු බවට හොරිවිල ජීවකයාණන් තීරණය කර ගත්හ. ඒ අනුව ලෙඩාගේ ගර්භාෂය අසල කැඩුණු ඉල ඇටය සොයා ගැනීමේ අවස්ථාව සැලසිණ. එය යථා පරිදි ඔසවා කලින් තිබුණු ලෙසටම ඉළ ඇට කූඩුවට බද්ධ කිරීමේ මහා ක්‍රියා දාමය හොරිවිල වෙද මහතාගෙන් මැනවින් ඉටු කෙරිණ. ඉන් අනතුරුවද මාසයක හමාරක කාල සීමාවක් පුරා කළ ප්‍රතිකර්මවලින් එම ඉළ ඇටය කලින් තිබූ ලෙසටම මනා ලෙස බද්ධවීම සිදු කෙරිණ.

දොස්තර මහතාට සහ දොස්තර නෝනාට එය විශ්මයජනක ප්‍රතිකාර විධියක් විය. හොරිවිල වෙද මහතාට දහසින් බැඳි පියලි විලසින් තෑගි ස්තෝත්‍ර පුදා සිය කෘතඥාතාව පුද කළේ එංගලන්තයට පවා ගොස් ප්‍රතිකාර කොට එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලද දොස්තර යුවළයි. හොරිවිල වෙදකම දොස්තර මෝනාට කෙතරම් ඵලදායි වූවා දැයි කියතොත් ඇය ඉන්පසුව කරදරයක්, හිරිහැරයක් නොමැතිව තවත් දරුවන් දෙදෙනෙකුටම උපත ලබා දෙන්නට තරම් පින්වන්ත වූවා ය. එම දරුවන් දෙදෙනාම තුන් මාසයකට පසුව විහාරස්ථානයකට ගෙන ගොස් වැඳුම් පිදුම් කරවන ගමන්ම හොරිවිල වෙදමහතා ළඟට ගෙන යන්නටද ඔවුන් කටයුතු කළේ එතුමාට උපහාරයක් ලෙසිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කස්තුරි ලියයි

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.