මධුමේහය ඇස්වල ක්‍රියාකාරිත්වය වෙනස් කරයිද?

ඔක්තෝබර් 18, 2019

අද බොහෝ දෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙති. බෝ නොවන රෝග අතුරින් බහුලම රෝගය දියවැඩියාව බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික දත්ත ගත තොරතුරු අනුව සනාථ වෙයි.

සමහරු වසර තිහක් තිස්පහක් තරම් කාලයක් තිස්සේම දියවැඩියා රෝගීන් ය. එහෙත් දියවැඩියාව උපරිම ලෙස පාලනය කරගනිමින් සමහර රෝගීහු සාමාන්‍ය ජීවිතයක් ගත කරති. මේ යහපැවැත්ම සඳහා වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් පිළිපැදීමත් ආහාර ශික්ෂණයත්, නියමිත වෛද්‍ය පරීක්ෂණ නිසිකලට සිදුකරගැනීමත් මගින් දියවැඩියා රෝගියෙකුට උපරිම පිටිවහලක් ලැබෙයි. දියවැඩියා රෝගය, හෘදයාබාධ, අංශභාගය, දෑස්වල ආබාධ, වකුගඩු ආබාධ ආදියට ඍජුවම බලපෑම් කරයි. එහෙත් මනා ශික්ෂණය තුළින් මෙම රෝග (අතුරුආබාධ) වලින් මිදීමට දියවැඩියා රෝගීන්ට හැකිය.

දියවැඩියා රෝගීන්ට සිදුවිය හැකි ඇස් පෙනීමේ අනතුරුදායක වෙනස්කම් පිළිබඳ ඔබ දැනුවත් ද?

ඇස් පෙනීමේ සිදුවෙන තාවකාලික වෙනස්කම්

පුද්ගලයෙකුගේ ශරීරයේ සීනි තත්වය අඩු වැඩි වන විට ඇසෙහි පෙනීමේ තාවකාලික වෙනස්කම් ඇතිවේ. මෙම තත්වය වර්තන දෝෂ (අඥටපචජබඪමඥ ඥපපධඵ) ලෙස හඳුන්වයි. වර්තන දෝෂ ලෙස හඳුන්වන්නේ නෙත ගැටෙන වස්තුව නිසියාකාරව ඇසෙහි නාභිගත නොවීමෙන් ඇතිවන පෙනීමේ වෙනස්කම් ය.

සීනි හා ඇස් පෙනීම අතර සම්බන්ධය

කිසියම් පුද්ගලයෙකු ගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට දුර ඇති වස්තුන් පැහැදිලිව දැකගත නොහැකිය. “පෙනීම බොඳවීම” එම තත්ත්වයයි. එමෙන්ම පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම පහළ බැස ඇතිවිට ළඟින් ඇති වස්තූන් පැහැදිලිව දැකගත නොහැකි වෙයි. දියවැඩියා රෝගීන් බහුලවම මුහුණදෙන ඇස් පෙනීම අඩුවීයාම මෙම තත්ත්වයයි. සමහර දියවැඩියා රෝගීන්ට රුධිරයේ සීනි මට්ටම පාලනය වූ විට ද ඇස් පෙනීම දුර්වල වන බව වෛද්‍යවරයාට පවස න අවස්ථා පවතී.

මෙවන් තත්ත්වයක් ඇති වූ විට එය නොසලකා සිටීම කිසිසේත්ම නොකළ යුතුය. මෙහිදී මුලින්ම රෝගියා කළ යුත්තේ අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරගෙන වර්තන දෝෂ නිවැරදි කරන ඇස් කණ්ණාඩියක් භාවිතයට හුරුවීමයි. මෙ හිදී සමහර පුද්ගලයන් මුදල් අපහසුතා නිසා කිසිදු වගවිභාගයකින් තොරව පදික වේදිකාවල ඉතාම ලාභයට විකිණීමට ඇති ඇස් කණ්ණාඩියක් පැලඳීමට උනන්දු වෙති. එය ඉතාම වැරදිසහගත බව කිවයුතුමය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වෛද්‍යාචාරිණී
ධම්මිකා අමරසේකර

සටහන – රඹුක්කන
කීර්ති එස්. කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.