රටවැසියා රෝගාතුර වීමෙන් වළකා ගත හැකිද?

ඔක්තෝබර් 18, 2019

අද ඉපදීමට සිටින දරුවාට ඉපදිමට පෙර සිටම පෝෂණය ප්‍රතිකාර සියල්ලම ලැබේ. එසේම ක්‍රමවත් වූ මාතෘ හා ළමා සායන රට පුරා ඇත. එසේම රෝහල් වල අඩුවක් ද නොමැත. එනමුත් කුඩා දරුවාගේ සිට රෝගීන් ය.

බෝවන රෝග බොහෝ ය. බෝ නොවන රෝග එසේම ය. වකුගඩු රෝග, හෘද රෝග, දියවැඩියාව. රුධිරයේ මේදය අධික වීම,අධි රුධිර පීඩනය , පිලිකා , අස්ථි දුර්වලතා වලින් වැළඳෙන රෝග බොහෝ ය.

මොන තරම් ගර්භනී කාලයේ සිටම ප්‍රවේශම් කළ ද, සියලු පෝෂණ කොටස් ලබා දුන්නද රෝග වලින් අඩුවක් නැත. ඩෙංගු වැනි බෝවන රෝග ද අප රට තුළ බෙහෙවින් වර්ධනය වී ඇත. එවැනි රෝග වලට එක් හේතුවක් නම්, අපේම නොසැලකිලිමත්කම විය හැක. සමහර විට අප මහ පාරේ යන විට යෝගට් කෝප්ප, බීර ටින්,ප්ලාස්ටික් බෝතල්, දිරාපත් නොවන කවර වර්ග මහා මාර්ගය අවට විසිකර දමා ඇත. මේවා ඉවත දමන අය මේවයෙන් ජනතාවට මොනවගේ බලපෑමක් ඇතිවේද නොදනී. මාරාන්තික තත්ත්වවලට පවා ජනතාවට මුහුණ දීමට සිදුවන බව ඔවුන් නොදනී.

ප්‍රතිශක්තිකරණ දුර්වල වූ (ක්ෂමතාවය) බොහෝ දෙනෙකු ඩෙංගු මදුරුවාට ගොදුරු වුවහොත් රෝගී තත්ත්වය වළකා ගත නොහැක. එසේම මාරාන්තික තත්ත්වයට පවා මුහුණ දීමට සිදුවන අවස්ථා අඩුවක් නොමැත. ඔබ ගෙවත්තේ හෝ මහා මාර්ගය දෙපස හෝ ජනතාව වැඩි ස්ථානවල හෝ ඩෙංගු මදුරුවාට වාසස්ථාන සාදා දෙයි නම් මෙය අපට වලකා ගත නොහැකි තත්ත්වයට පත්වේ. සරම්ප, පැපොල වැනි රෝගවලට වඩා මෙම රෝගය භයානකයි. මාරාන්තික විය හැක. එනිසා ඔබ ඒ ගැන හොඳින් සිතා රෝග බෝවීමට ඇති ක්‍රම වළකාගැනීම ඔබේ යුතුකමකි.

එසේම මේ රෝග වළකාගැනීමට අවශ්‍ය බොහෝ සම්පත් මේ කුඩා රට තුළ බොහෝ ඇත. එම සම්පත් නිසියාකාරව භාවිතා කොට නිරෝගී ජාතියක් යැයි ලොවට හඬ ගා කීමට අපට නොහැකිද? එදා අප රට වැසියන් කළ දෑ අපට අද කළ හැකිද? නොහැක්කේ මක්නිසාද, කායික හා මානසික අතින් අද අප බොහෝ දුර්වල වී ඇත. එයට හේතුව අප රට තුළ තිබෙන්නා වූ වටිනා ආහාරමය ඖෂධ පිළිබඳ කිසිදු තැකීමක් නොකොට, කිසිදු පෝෂණයක් නොමැති රස පමණක් ගැන සිතා ආහාර ලබා ගැනීම වේ. අප රටේ බොහෝ දෙනෙකු රෝගාතුර වීමට ප්‍රධාන හේතුව මෙයයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වෛද්‍යාචාරිණී
ගුණවති එදිරිසිංහ

(ඩී.එස්.ඒ.සී ගෞරව)
බෙහෙත් ශාලාව
මැදගොඩ අමිතිරිගල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.