කොස් ගස හෙවත් බත් ගස රැක ගනිමු

ඔක්තෝබර් 25, 2019

කොස් ගස පිළිබඳව ඉතිහාසය සොයා බැලීමේ දී පැහැදිලි වී ඇත්තේ මෙය ලංකාවට ආවේණික වූවක් බවත් පැරණි කාලයේ සිටම ලංකාවේ ව්‍යාප්ත වෙමින් පැවති වෘක්ෂයක් බවත්ය. මේ සඳහා “බත් ගස” නමින් පර්යාය නාමයක් පටබැඳී ඇත්තේ වර්ෂ 1940-1950 යන දශකවල ලෝක යුද සමයේ ඇතිවූ ආහාර අහේනියට මහත් පිටිවහලක් වූ හෙයිණි.

මෙම කාල වකවානුවේ දී සහල් ප්‍රවාහනය තහනම් වී තිබිණි. මගියෙකුට ගෙන යා හැක්කේ සහල් සේරු 2 ක් පමණි. එම නිසා දිළිඳු පවුල්වලට අතිරේක ආහාර වශයෙන් අල, බතල, මඤ්ඤොක්කා , දෙල්,කොස්, රුකුලක් විය. පසු කාලීනව ජාවා රටින් ගෙන්වන ලද වඩා උසින් අඩු ගස් වර්ග ලංකාවේ කොස් ගස් වර්ගවලට බද්ධ කිරීමෙන් ඉක්මන් ඵලදාවක් ඇති වර්ග බිහි වන්නට විය.

කොස් ගස් ප්‍රභේද 02 කින් දැක්විය හැකිය. ඒ වැල සහ වරකා වශයෙනි. ගසක උස අඩි 60-80 ක් වන අතර වසරකට වරක් ඵලදාව හට ගනී. හොඳට වැඩුණු කොස් ගසකින් වරකට ගෙඩි 40-60 දක්වා ලබා ගත හැක. සරු ඵලදාවක් ඇති ගසක කොස් ගෙඩියක බර කිලෝ 15-20 ත් අතර වේ. කොස් ගස පහතරට තෙත් කලාපයට ආවේණික වු හියුමස් සහිත පසේ සරුවට වැඩේ. මෙය බීජ මගින් ව්‍යාප්ත වන අතර ලේනුන්, කපුටන්, රිලවුන් වැනි සතුන් මගින් බීජ ව්‍යාප්ත කෙරේ.

කොස් වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමේ දී බීජ තවානක දමා පැළකර පොලිතීන් බෑග්වලට දමා කොළ 5-6 ක් පමණ වන විට අඩි 2කේ2 වළවල් හාරා මිශ්‍ර පොහොර යොදා සිටවනු ලැබේ. පැළවල පරතරය අඩි 40ය40 විය යුතුය. විශාල පරාසයක අතු පතර විහිදී වැඩෙන ශාකයකි.

මුදුන් මුලක් සහිත පාර්ශ්ව මුල් සමූහයකින් යුක්ත වේ. මෙම ශාකයට හිරුඑළිය අවශ්‍ය වේ. ඊට හේතුව වන්නේ ගසේ කිරි රත් වීම හේතුවෙන් ඵලදාව වැඩි වන බවයි. මෙය පැරැන්නන්ගේ මතයක් වුවද සත්‍යයකි. සෑම වසරකම යල් කන්නයේ අපේ‍්‍රල් සිට ජූලි දක්වා වාරය කොස් වාරයයි. අතීතයේ සිටම කොස්වලට ආහාරයක් වශයෙන් වැදගත් තැනක් හිමි වී ඇත. රස ගුණ පිරි අගනා ආහාරයක් මෙන්ම වටිනා ඔසුවක් ද වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
එම්.ජී. ආර්.සේනානායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.