බුදුරදුන් වදාළ ඖෂධීය ප්‍රතිකාර

ඔක්තෝබර් 25, 2019

බුදුරජාණන් වහන්සේ වරක් මහා සංඝරත්නය අමතා මෙසේ වදාළ සේක. ‘මහණෙනි මෙලොව රෝගීන් දෙවර්ගයකි. කායික රෝගීන් හා මානසික රෝගීන් ය. කායික රෝග වලින් නොපෙලෙන්නන් වසර පහ, හයේ සිට සිය ගණන් දක්වා සිටිත්. එහෙත් මානසික රෝගවලින් එක් මොහොතක් හෝ නොපෙළී සිටින්නේ රහතන් වහන්සේලා පමණය. ඉන් මිදුණු වෙනත් අය සොයා ගැනීම මහත් දුෂ්කරතාවක්.’

(අංගුත්තර නිකායේ - චතුක්ක නිපාත - රෝග සූත්‍රය)

බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මෙම රෝගවලට ප්‍රතිකාර කරණ වෛද්‍යවරු දෙවර්ගයකි. ඔවුන් මෙලෙස වර්ග කොට දැක්විය හැකි ය.

1. කායික වෛද්‍යවරු (ශරීරගත ලෙඩට වෙදකම් කරන්නෝ ය.)

2. මානසික වෛද්‍යවරු (හිතේ හට ගන්නා ලෙඩට වෙදකම් කරන්නෝ ය.)

ඉහත සඳහන් වෛද්‍ය වර්ගීකරණයට අනුව බුදුරජාණන් වහන්සේ මානසික වෛද්‍යවරයෙකි. ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ලෙඩ සිත් සුවපත් කළ අසම සම වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ ය. මානව වර්ගයාගේ මානසික රෝග (හිතේ ලෙඩ) නිට්ටාවට සුව කිරීමට එදා, මෙදා තුර ඖෂධ සොයාගත් එකම වෛද්‍යවරයා උන්වහන්සේ ය. තෘෂ්ණාවෙන් වෙලුනු සියලු මිනිසුන් පෙනී ඇත්තේ පිස්සන් වශයෙනි. කෙලෙස් රෝග නිවාරණය උදෙසා එම නිධානය මුලිනුපුටා දැමීම ලෝකවාසීන්ට පෙන්වා දුන්හ. මෙය මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨම වෛද්‍යවරයා වූ බුදුන් වහන්සේ සොයාගත් මහඖෂධයයි. මක් නිසාද යත් කෙලෙස් නිවාරණ චිකිත්සාව එතෙක් කිසිදු ශාස්තෘවරයකු සොයාගෙන නොතිබුණි. ‘සේල නැමති බමුණා අමතා ප්‍රකාශ කරනු ලැබුවේ සම්බුද්ධත්වය දරන තමන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා බවයි.’

(සුත්ත නිපාත - සේල සූත්‍රය)

මිනිස් සිත ඉරාගෙන ඇනී ඇති රාගාදී කටු ඉවත් කළ ඖෂධ තරම් හොඳ ඖෂධයක් ලොව නැතැයි යනුවෙන් බුදුන් වහන්සේ මහා සංඝරත්නයට දේශනා කළහ.

මහණෙනි,

“වෛද්‍ය වරයෝ පිතෙන් හටගත් රෝග සුව කිරීම පිණිස, සෙමෙන් හටගත් රෝග සුව කිරීම පිණිස, වාතයෙන් හටගත් රෝග සුව කිරීම පිණිස විරේචන බෙහෙත් දෙති. මහණෙනි, මම ද ආර්ය විරේචන දෙන්නෙමි.”

ඉන් සත්වයෝ ඉපදීමෙන් මිදෙන්නේ ය. එමෙන්ම මරණයෙන් හා ජරාවෙන් මිදෙයි. තවද සෝක, විලාප, දුක්, දොම්නස් වලින් මිදීමට හේතුවේ.

(අංගුත්තර නිකාය - දසම නිපාත සඤ්ඤාවග්ග)

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ආචාර්ය, පණ්ඩිත, වෛද්‍ය,
ලක්ෂ්මන් වසන්ත රුක්මාල්
ගොරකපිටිය, පිළියන්දල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.