ඔබටත් ආහාර ගත් සැනින් වැසිකිළියාමේ අවශ්‍යතාවයක් ඇතිවේද?

ඔක්තෝබර් 25, 2019

වර්තමානයේ අපි ගන්නා ආහාර වල විකෘතිතා සේ ආහාර ගැනීමේ විකෘතිතා මෙන් විවිධ වැරදි පුරුදු ක්‍රියාවන් නිසා රෝග රාශියකට ගොදුරුවී පීඩා විඳිමින් ජීවිතය බොහෝ අපහසුවෙන් ගෙවන අය සිටී. සමහර අයට ඇති පීඩාවන් සැබවින්ම රෝග තත්ත්වයක්ද යන්නත් සැකසහිත වේ. එම පීඩාවන් වරින්වර ඇතිවී නැතිවී යයි.

ඇතැම් පීඩාවන් වසර ගණනාවක් තිස්සේ පැවත අපට හුරුපුරුදු කම් පායි. අද අපි මේ ලිපියෙන් ඔබ දැනුවත් වන්නෙත් එවැනි පීඩාවන් රැසක් ඇතිවන නමුත් රෝගියාට ඇතැම් විට ඒ පීඩාවන් රෝගයක් නිසා ඇතිවන බව නොදැන රෝගය උත්සන්න වන තුරුත් කල් මරමින් සිටිය හැකි රෝගයක් පිළිබඳවයි. මෙම රෝග තත්ත්වය ආයුර්වේදය තුළ හඳුන්වන්නේ ‘ග්‍රහණි රෝගය’ නමිනි.

බඩ පුරවා දැමීම, බඩ තුළ ගුඩු ගුඩු ශබ්දය ඇසීම, ක්ලාන්තය, ඔක්කාරය ඇතිවීම, ආහාර

පිළිබඳව රුචියක් නොමැතිවීම, නිතර නිතර දියාරුවට මළ පිටවීම, එම පිටවන මළ තුළ ඇතැම්විට නොදිරවූ ආහාර කැබැලි දැකගත හැකිවීම ආහාරයක් ගත් සැනින් මල පහ පිටකිරීමේ දැඩි අවශ්‍යතාවයක් පුරුද්දක් ලෙස යම් විටක ඇතිවීම යන ලක්ෂණ ඔබටත් ඇතිනම් ග්‍රහණි රෝගය ඔබට වැළඳී තිබීමේ යම් සම්භාවිතාවයක් තිබිය හැකියි. ‘ග්‍රහණි රෝගය’ යන නාමය නුපුරුදු නාමයක් වුවත්, මේ රෝග ලක්ෂණ ඇතිනම් මේ ලිපිය ඔබට මාහැඟි ලිපියක් වනවා නොඅනුමානයි.

ග්‍රහණි රෝගයේදී සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ විකෘතිතාවන් සිදුවීමයි. එයට ආහාර ජීර්ණ පද්ධතියට අයත් මුඛයේ සිට ගුදය දක්වාම අයිතිවෙයි. නමුත් ප්‍රධානවම ග්‍රහණිය ආශ්‍රය කර ගන්නා බැවින් ග්‍රහණි රෝගය ලෙස නම් විය. ග්‍රහණිය ලෙස අප හඳුනාගන්නේ බොහෝ දුරට ඩියෝඩිනම් (ච්භධඤඥදභථ) නම් කොටසයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වෛද්‍ය එන්.එම්. උයේෂා මධුභාෂිණි දමින්නගහවත්ත,
නවනගරය, මාදම්පේ,
සැකසුම ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.