කටු සහිත සහ කටු රහිත එරබදු

නොවැම්බර් 1, 2019

ශ්‍රී ලංකාවේ ක්ෂණිකව වැඩෙන විශාල ගසකි. පැවැත්මට වැඩි ආයුෂක් නැත්තේ ශක්තිවන්ත කඳක් නැති නිසා ය. හොඳින් වැඩුණු ශාක ය මීටර 15 ක් පමණ උස යයි.එරබදු වර්ග තුනකි. කටු එරබදු. යක් එරබදු, කටු රහිත එරබදු වේ.

කටු සහිත ශාකය කඳ කළු පැහැයෙන් යුක්තය. සුදු වෛරමකින් පාටවී තිබේ.

කටු රහිත ගසේ කඳ තද කහ පැහැයෙන් යුක්තය. මේ දෙවර්ගයම ගුණයෙන් එක සමාන ය. යක් එරබදු ඖෂධ පැළයක් හෝ එළවළුවක් වශයෙන් යොදා ගැනීමට ජනතාව පෙලඹී නැත.

වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ පහත රට තුළ ය. අතරින් පතර ශීත ප්‍රදේශවල දක්නට ඇත.

කටු සහිත සහ කටු රහිත එරබදු ගාල්ල, හම්බන්තොට, අනුරාධපුරය ,පොළොන්නරුව දිස්ත්‍රික්කවල සුලබව දැකිය හැකි ශාකයකි. ගස් වර්ධනය වුවත් ගසෙන් සහ අතුවලින් ප්‍රයෝජනවත් නැත.

වෙද සීට්ටුවේ ආයුර්වේද බෙහෙත් පැළයක් ලෙස සඳහන් වුවත් ගම්මුන් භාවිතා කරන්නේ වැටට අවශ්‍යය කෝටුවලට ය. ඉඳහිට ගෙවත්ත කෙළවරේ දැකිය හැකිය.

ඉන්දියාව, ඉන්දුනීසියාව, පකිස්ථානය , දකුණු කොරියාව, අපි‍්‍රකානු රටවල, උතුරු ඕස්ට්‍රේලියාව යනාදි රටවල මෙම ශාකය හොඳින් වැඩේ.

සංස්කෘතික නාමය – පරිභද්‍ර

දෙමළ නාමය – මුල්ලු මුරුක්කු

වෙනත් නාමය – මන්දර, කන්ටකී පාරි බදවා

ලෙස හැඳින්වේ.

මාර්තු, අපේ‍්‍රල්, මාසවල එරබදු මල් පිපෙයි. මේ වන විට කොළ හැලී මල්වලින් අතු බරවේ. මේ යුගයේ ගසේ අලංකාරය වැඩිවෙයි. සමහර ගස්වල අධික ලෙස දළඹුවන් ගෙන් ගහනය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උඩවලව ආයුර්වේද ඔසු උයනේ
සනත් ලෙනෝරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.