ලොකු ඉස්කෝලෙ මහත්තයාට නෙල්ලි ගෙඩියෙන් පාඩමක් ඉගැන්වූ

නොවැම්බර් 1, 2019

මේ කියන්නට යන්නේ නගරබද විදුහලක ඉහළටම ඉගෙන පුහුණු ගුරුවරයකු වී විද්‍යාල කිහිපයකටම උගන්වා මුල්ගුරු පදවියක් ලැබ සිසු සිසුවියන් විශාල පිරිසක් උසස් විද්‍යාලවලට පවා යවන්නට කටයුතු කළ විද්වතකුට දේශපාලකයන්ට පන්දම් නොඇල්ලූ නිසා දඬුවම් මාරුවක් වශයෙන් මොනරාගල ප්‍රදේශයේ දුෂ්කර ගම්බද පාසලක සේවය කරන්නට අවස්ථාව ලැබුණු යුගයකදී සිදු වූ ඇබැද්දියක් පිළිබඳව වූ සත්‍ය කතාවකි.

කලාකාමී හදවතක් ඇතිව තම රාජකාරිය විය යුත්තේ තමන් උගත් අධ්‍යාපනය තිබි ලෙයම ඉදිරි පරපුර වෙත ප්‍රදානය කිරීම බව සිතට ගෙන කටයුතු කළ මේ විදුහල්පතිතුමා තනිකඩ ජීවිතයක් ගත කළේ එක්තරා සමයකදී ප්‍රේමයෙන් පරාජිත වූ නිසා බව දැන සිටියේ ඔහු පමණි. එම අඩුපාඩුව එතුමා නැතිකරගත්තේ සොබාව සෞන්දර්යය සමඟ එක් වී කාව්‍ය ගීත නිබන්ධනයෙහි යෙදීමෙනි.

එසේම මූර්ති හා චිත්‍ර කලා ආදියටද දක්ෂතාවයක් දැක්වූ හෙතෙමේ එක් කාලයක කැලයෙන් කපාගන්නා ලද අතු රිකිලි හා දැව දඬුවලින් ‘රුක්කලා නිර්මාණය’ කිරීමෙහිත් යෙදුනේ ය. වරෙක එතුමන් සේවය කළ විදුහලක රුක් කලා නිර්මාණයක් මඟින් ප්‍රදර්ශනයක් ද පැවැත්වූයේ ය. ඔහු ලියූ සඳැස් කාව්‍යය ගණනාවක්ම රටේ පත්තරවල පළවූ අතර එතුමන්ගේ ගීත කීපයක්ම රටේ ප්‍රකට ගායක ගායිකාවන්ගෙන් ගැයි ගුවන්විදුලියේ ගී අතරට එක්ව පැවතියේ ය.

දේශපාලකයකුගේ තීරණයක් නිසා මෙසේ දුෂ්කර ප්‍රදේශයක පාසලක විදුහල්පති නැත්නම් ලොකු මහත්මයා බවට පත් වූ මෙතුමන් එම පරිසරයේ දක්නට ලැබූ අගනා සුන්දරත්වයෙන් ගමේ ගොඩේ මිනිසුන්ගේ ප්‍රතිචාරයත් නිසා තරමක් දුෂ්කර වුවද එම පරිසරය පි‍්‍රයකර හැකි තරම් මේ පළාතේ දරු දැරියනට තම තමන්ගේ දක්ෂතාවන් ඔප් නංවා ගන්නට දිරි දීමට ද අවංකව කටයුතු කළේ ය.

පෘෂ්ටිමත් කයක් මෙන්ම රෝගී බවකින් යුතු වූ මේ ලොකු මහත්තමයාට හදිසියේම දහවල් කාලයේදී තමන් හැඳ සිටින ඇඳුම් පවා තෙත බරිතවන තරමට ඉහින් කණින් දහදිය ගලන තත්ත්වයක් උදාවිය. කවදාවත් නැති තරම් මෙසේ දහදිය දැමීම කිසියම් උෂ්ණාධිකත්වයක් නිසා සිදුවන්නට ඇතැයි ලොකු මහත්මයා සිතුවද දිනෙන් දිනම මේ රෝගී තත්ත්වය නතර නොවීම පැවතීම නිසා ලොකු මහත්මයාට බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවිය. තමන්ගේ ගෝල බාලයින්ටද මෙය රහසක්ව තබා ගැනීමට බැරි තත්ත්වයක්ද උදා වූයෙන් ප්‍රශ්නය තවත් උග්‍ර විය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කස්තුරි ලියයි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.