නයි විෂට වෙදකම්

නොවැම්බර් 1, 2019

‘සර්පයා’ යන වචනය ඇසෙත් ම අප කවුරුත් භීතියට පත්වීම සාමාන්‍ය ලක්ෂණය යි. ඒ සර්පයා වනාහි ඉක්මනින් මරණය ගෙන දෙන භයානක විෂ සහිත ලෙස හංවඩු ගැසී ඇති හෙයිනි.

අපේ රටේ නාගයා දෙස ගැමි සමාජය බලන්නේ ගෞරවයකිනි. එබඳු තැකීමක් නොකරන්නෝ වෙත් නම් ඒ නාගරික සංස්කෘතියට බර, බටහිර සංස්කෘතිය , මති මතාන්තර පිළිගත් ඇතමෙක් විය හැකිය. බෝසතුන්ගේ අතීත ජන්ම හා සම්බන්ධකොට කථා කරන ගැමි සමාජය නාගයකු දුටු කල “නයිහාමි” යයි කියති. “අනේ නයිහාමි අපි අත වරදක් නැහැ.

අපට අනුකම්පා කරලා මේ කැත කුණු බීමෙන් යන්න” යයි කියමින් නයා යවනවා විනා නයා මරන්නට තැත් නොකරයි. එබඳු විටක නාගයා කිසිඳු කරදරයක් නොකොට පෙනය පුප්පා හීන්සැරේ වත්ත අයින දිගේ ඇදි යන බවත්, පෙනය පිප්පීමෙන් පෙන්වන්නේ කරදරයක් නොකරන බවත් යනු අදහස ය. ‘නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා’ යයි ජනවහරේ ගෙන දෙන්නේ නයාට ගැහුවොත් එය නයාගේ හිතේ රැඳෙන බවත්, කවදා හෝ පලිගන්න බවත් හැඟීමයි. නාගයා දෂ්ට කරන්නේ කළ යුත්තකුට පමණක් බවත් අදහසය. “බලන්නකො මගෙ පයට පෑගිලත් නෑනෙ දෂ්ට කළේ. ඌ හීන්සැරේ ඇදිල ගියා නෙ”යි ඇසේ.

නාගයාගේ විෂ දළ ඇත්තේ දළ සතරෙක බවත් ඒ එක් එක් දළයේ තකරි, මකරි,කාල රාත්‍රි, සමදුති යන යක්ෂයන් සිව්දෙනා වඩින බවත් එම යක්ෂයන්ගේ බලය වැඩි අවස්ථාවේ දෂ්ට කිරීමෙන් ශරීර ගත වන විෂ වැඩිවන බවත්. එක් දළයකින් පහර වැදී ඇත්නම් විස මද වශයෙන් බවත්. දළ දෙකකින් නම් මන්ත්‍ර බලය බවත්, දළ තුනකින් නම් ඖෂධ බලය බවත්, දළ හතරකින් නම් සුව කළ නොහැකි බවත් අදහස් කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කලාභූෂණ, ශාසනදීපන,
සාහිත්‍ය කීර්ති
ආචාර්ය
සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.