මගේ ජීවිතය දෙවරක්ම මරණින් බේරීම ගැන ඔබට ස්තූතියි”

නොවැම්බර් 8, 2019

මෙපමණ කලක්ම මෙම ලිපියෙන් මා ඔබට කීවේ, ආයුර්වේදයේ හපන්කම්, දස්කම් දැක්වූ වෛද්‍යවරුන් ගැන ය. නමුත් මෙවර කියන්නේ එංගලන්තයේ අපූරු වෙද රස කතාවක් ගැන ය. එය මෙසේ දක්වන්නේ ද තවත් හරවත් කතාවක් සමඟම බැඳී පවතින නිසා ය. හිතවත් පාඨකය. අපේ වෙද රසකතා මෙන්ම මෙයද රස විඳ ගනු මැනවි.

දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී (1939 - 1945) මිත්‍ර පක්ෂයත් සතුරු පක්ෂයක් වශයෙන් ලෝක බලවතුන් දෙකට බෙදී මුළු ලොවම හඬවමින් මහා කලිකලහයක් මතු කර ක්‍රම ක්‍රමයෙන් මිත්‍ර පක්ෂය ජයග්‍රාහී වෙමින් බලයට පත්ව අන්තිමේ දී සතුරු පක්ෂය බිමට සමතලා කරමින් මහා බ්‍රිතාන්‍යයද බේරා ගැනීමේ මහා කර්තවයන්හි යෙදුණු ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් බ්‍රිතාන්‍ය අගමැතිතුමනුත් හදිසියේම ‘පෙනිසිලින්’ නම් මහා ඖෂධය සොයා ගැනීමෙන් සමස්ත වෛද්‍ය ලෝකයම මුසපත් කර මහා බ්‍රිතාන්‍යයේ නයිට් නාමයෙන්ද පිදුම් ලත් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ප්ලේමින් මහත්මාණන් පිළිබඳවත් කියැවුණු අපූරු රසකතාවක් කලකට ඉහත දී කියවන්නට ලැබුණා අපට මතකය.

සිතේ කුතුහලාත්මක පී‍්‍රතිය දනවන පරිද්දෙන් කියැවූ හෙයින් එය වර්තමාන සමයේ පාඨකයාගේ සිත්සතන් පිනවීමට ද සමත් හෙයින් මතක ගබඩාවෙන් යළි උපුටාගෙන මෙසේ දැක්විය හැක. එහි තොරතුරු මගේ කටු සටහන් පොතක ද නියමාකාරයෙන් සටහන් කර තිබුන බැවින් එය පාඨක සිත්තුළද කුතුහලය දනවන ආකාරයේ දැනුමක් හා විනෝදයක් දනවන්නට සුදුසු බැවින් මෙසේ දක්වාලමු. සිද්ධිය මෙසේ ය.

එංගලන්තයේ වංශවත් මාල්බරෝ පරපුරට අයත් අධිපතියකු ගිම්හාන සමය ගත කිරීම සඳහා සිය අඹු දරුවන් සමඟ තමන්ට අයත් පිටිසරබඳව තිබුණු මනහර ගෘහාලංකාරයෙන් හා උද්‍යාන පහසුකමින් යුත් මන්දිරයක් කරා ගියෝ ය. මනා ලෙස සකස්කර තිබූ පොකුණකින් ද යුතු වූ මේ ගෘහෝද්‍යානයේ සිත්සේ ජල ක්‍රීඩා කිරීමට මෙම අධිපති පවුලේ දඟකාර දරුවන් යෙදුනේ කලෙකින් තමන්ට මෙවැනි අවස්ථාවක් නොලද බව සිහිපත් කරවමිනි. එය බලා සිටි ගෘහාධිපතියාටත් ඔහුගේ බිරිඳටත් මෙය අතිශයින්ම පී‍්‍රතිජනක අවස්ථාවක් විය.

මෙසේ ඔවුන් සිත්සේ ජල ක්‍රීඩාවෙහි නිරතවෙද්දී හදිසියේ ම ඔවුන් අතර සිටි දස හැවිරිදි පමණ වූ දරුවකු දියේ ගිලී අමාරුවට වැටී සිටිනු දක්නට ලැබිණ. ඔහුව බේරා ගන්නට නොහැකිව අනෙක් අය කළේ ඒ පිළිබඳව ආධාර ඉල්ලා කෑ ගැසීමය. මෙහිදී වහාම ඒ අසා දුවැවිත් පොකුණට පිනූ උයන් පල්ලාගේ දොළොස් හැවිරිදි දරුවා කළේ වහා ගිලෙමින් සිටි අධිපති දරුවා බේරා ගොඩට ගැනීම ය. මෙම හදිසි අකරතැබ්බයෙන් තම දරුවා බේරාගෙන ක්ෂණිකව මහත් වූ වික්‍රමයක් පෑ උයන්පල්ලාගේ දරුවා පිළිබඳ අධිපතියා හා එතුමාගේ මැතිනියත් අතිශය සතුටට පැමිණියහ. මෙවිටම උයන්පල්ලාද වහාම එතැනට පැමිණියේ ය.

“මේ දරුවාට අපි මේ කාරණය සම්බන්ධයෙන් ණය ගැති වන්නෙමු. එම නිසා කිසියම් විශේෂ උපකාරයක් අපි දරුවා වෙනුවෙන් කරන්නට කැමැත්තෙමු. එය කුමන අන්දමේ එකක් විය යුතු දැයි කියනු මැනවි.’ යනුවෙන් අධිපතියා උයන්පල්ලාගෙන් විමසා සිටියේ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කස්තුරි ලියයි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.