හිස කෙස් රෝගයට පිළියම්

නොවැම්බර් 8, 2019

සැවැත්නුවර පුණ්‍යවර්ධන කුමාරයෝ ස්ත්‍රියක පාවා දෙතොත් පංචකල්‍යාණයෙන් යුත් ස්ත්‍රියක පාවා දුන මැනව. නැතහොත් මම සරණ නොයමි’යි මව්පියනට කීහ. ඒ පංච කල්‍යාණයේ පළමුව කියැවෙන්නේ කේශ කල්‍යාණයයි. ඒ ‘මහපින් ඇති ස්ත්‍රියගේ කෙස මොනරපිල් කලඹක් සේ ඡවිවර්ණ ඇතිව මුදා හෙළා පි කල ගො මස ගැසී තුන් දරණක් ගසා අග් මුදුන් බලා සිට ගත්තී මේ කේශ කල්‍යාණ නම්

(පූජාවලිය - 18 පරිච්ඡේදය)

මෙබඳු වූ ශරීර ශෝභාව අතිශයින් වර්ධනය කරන්නා වූ කේශ කල්‍යාණය රැක ගන්නට සෑම කාන්තාවක්ම සැලකිලිමත් වෙයි. දිගු වරලසක් ඇති කාන්තාවක් වීමට වඩාත් පි‍්‍රය වෙයි. අපේ මව්වරු මෙවැනි දිගු වරලස කිතුල් රෑන සේ යයි හැඳින් වූහ. අන්‍යයින්ගේ ආකර්ෂණය මෙවන් විට වැඩිවෙයි.

නිරෝගී කෙස් කළඹක් සඳහා අතිශයින් වැදගත් වන්නේ පිරිසුදු බවයි. ඔබ පාවිච්චි කරන පනාව ඔබම විනා අනිකකුට භාවිතයට දීම නොගැළපෙයි. කවුරුත් තම තමනට වෙන වෙනම පනාවක් තබා ගත යුතු ය. ඔබේ තුවාය. සබන් කෑල්ල මේ ආදියත් ඔබේ තනි පාවිච්චියට විය යුතු ය. හිස කෙස් ගැළවී යාම, හිසකෙස් සුදුවීම, හිස් හොරි, උකුණන් මේ ආදී විවිධ ලක්ෂණ ගැන ඔබ සැලකිලිමත් වන්නට ඇත.

හිස් හොරි සඳහා පිළියම්

ඔබගේ හිසකෙස් මත හිස්හොරි වැළඳී ඇතිකල ඔබ මහත් අපහසුතාවයන්ට පත්වෙයි. ඔබගේ කාර්යාලයේ දී, දුම්රියේ දී, බස්රියේ දී නිතර හිස්හොරි කසන්නට වීමෙන් ඔබ මහත් අපහසුතාවයන්ට ලක්වන්නේ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කලාභූෂණ ශාසන දීපන,
ආචාර්ය සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.