ඔසු ගුණයෙන් පිරිපුන් පුරාණ හත් වෑංජනයක්

නොවැම්බර් 22, 2019

දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන තැනක් හිමිකරදී ඇත්තේ ආහාර පිළිබඳවයි. අපේ ආහාර වට්ටෝරු තුළින් සමහර රෝගයන් සුවකර ඇති අතර දේශීය ආහාර රජ බොජුන්වලට එක්කර රජහුගෙන් වරප්‍රසාද ලබා ඇත.

මෙවන් ගුණයක් උදාකර අපේ පැරැණි ආහාර නැවත අප ආහාරයට එක්කර ගැනීම තුළින් විවිධ රෝගයන් නිවාරණය කර ගැනීමත් සමහර රෝගයන් නිට්ටාවට සුවකර ගැනීමටත් හැකියාවක් ඇති බැවින් ආහාර මගින් ලෙඩ රෝග සුවකර නිරෝගි ජනතාවක් නැවත ඇති කිරීමට පුරාණ හත් වෑංජනයක් මෙසේ ගෙන එන අතර මෙම ආහාර සාදාගෙන ආහාරයට ගෙන රසවත් බවත් ගුණවත් භාවයත් අත් විඳින්න ඔබට හැකියාව උදාකර දීමට මෙයින් අවස්ථාව උදාකර දෙමි.

විශේෂයෙන් අද සමාජයේ ඉක්මණින් සොයාගත හැකි එළවළු වර්ග කිහිපයක් යොදා ගනිමින් හත් වෑංජනයක් සාදාගෙන දහවල් ආහාරයට අලුත් දෙයක් එක්කර කෑම වේල රසවත් කරගන්න.

1. ගොටුකොළ

දේශීය වෙදකමේ ඉහළින්ම සිටින ගොටුකොළ ක්‍රම කීපයකට ඖෂධ සඳහා භාවිතා වේ. විවිධ ලෙස සඳහන් කළහැකි ය. වැල් ගොටු කොළ, තෙල් ගොටු කොළ, රට ගොටු කොළ, හීන් ගොටු කොළ, ජම්බෙර ගොටුකොළ සහ තවත් විවිධ නම්වලින් හඳුන්වන ගොටු කොළ ඇත. මෙහිදී විශේෂයෙන් ඖෂධ සඳහා යොදා ගන්නා ගුණාත්මකභාවය වැඩි ගොටුකොළ කීපයක් පමණක් මෙහිදී සඳහන් කරමි.

හීන් ගොටුකොළ හීන් දඬු ඉතාම කොට බිමදිගේ කෙටි වැල් ලෙස වර්ධනය වෙන මෙම ගොටු කොළ විශේෂයෙන් පීනස් රෝග සඳහා භාවිතා කරන අතර ඉස්ම කර බීමට දීමට ද ගනී. රතුලූනු සමග ඖෂධයක් වශයෙන් හීන් ගොටු කොළ ප්‍රයෝජනයට ගත හැකි ය. වැල් ගොටුකොළ කැඳ සෑදීමට ඉතාමත් සුදුසු අතර මීට අමතරව හිසේ රෝගවලින් පීඩා විඳින අයට සම්බලය සාදාදීමෙන් හිසේ රෝගවලින් නිවාරණය වීමට හැකියාව ඇති අතර මෙය උදේ ආහාරයට ඉතාම ගුණදායකයි. සලාද කොළ වෙනුවට ආදේශයක් වශයෙන් ගනී. රට ගොටුකොළ සම්බලයට සුදුසුයි. මැල්ලුමටත් අගෙයි. ශරීරයට අවශ්‍ය ජලය රඳවා ගනී. පිත නසයි. කෑම දිරවීම පහසු කරයි. කැඳවලට ගුණාත්මක භාවයක් නැත. පඳුරු ගොටුකොළ කැඳට ඉතාම අගෙයි. මැල්ලුමට කැඳට වෑංජනයට බැදීමට කොයි දේටත් සුදුසු පඳුරු ගොටු කොළ බහුලව ඇත. තෙල් ගොටු කොළ කෑමට රසවත් භාවයක් නැත. තෙල් සෑදීමේ දී බහුලව භාවිතා කරයි. සෙම නසන ස්නායු වර්ධනය කරන ඇස්වලට සිසිලස කැඳවන තෙල් ගොටු කොළයද රවුම් ලෙස පිහිටා ඇත.

2. මුකුණුවැන්න

මුකුණුවැන්න වර්ග කීපයක් ඇත. එනම් බේත් මුකුණුවැන්න, රතු මුකුණුවැන්න, කොළ මුණුකුවැන්න මෙම වර්ග සෑම වර්ගයක්ම ආහාරයට ගනී. බේත් මුකුණුවැන්න ගුණයෙන් ඉහළයි. වැඩි වශයෙන් කුඹුරු අවට මෙය වර්ධනය වේ. රතු පැහැයට හුරු තද කොළ පැහැයෙන් කොළ පිහිටා ඇති අතර කහට ගතියෙන් වැඩි බේත් මුකුණුවැන්න ධාතු ශක්තිය ද වැඩි කිරීමට සමත් පුරුෂ ශක්තිය දුර්වල අයට එළඟිතෙලින් මලවාදීමට ඉතාම හොඳයි. මුකුණුවැන්න ගුණාත්මක භාවයෙන් වැඩි රසවත් ආහාරයක් වශයෙන් සඳහන් කළ හැකි ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

දේශීය පාරම්පරික වෛද්‍ය, දේශබන්දු,
ඩී.පී.ඒ. පාලින්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.