වැලක ස්වරූපයෙන් අතු බෙදුණු කටුවැල්බටු

නොවැම්බර් 22, 2019

වම්බටු, තලන බටු, කටුවැල්බටු විවිධ බටු වර්ග අපිට උරුමය නමුත් කටුවැල් බටු ශාකය ඔබ දැක තිබේද? භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් කටුවැල් බටු හොඳ ඖෂධයක් ලෙස භාවිතයට ගනී.

නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ඔසු උයනේ සංරක්ෂිත ලෙස මෙම ශාකය දැක බලා ගන්න පුළුවන්. ගම්බද ගේක මෙය වවා තිබුණත් කටුවැල් බටු පත්‍ර, දඬු ලබා ගන්නේ කතුරක් ගෙන ප්‍රවේශමෙන් කපා ගැනීමෙනි. මෙය එතරම්ම වෙන්කොට සොයා ගැනීමට අපහසු බෙහෙත් ඔසු පැලෑටියක්.

මේ වෙනකොට ශ්‍රී ලංකා භූමියෙන් වඳවෙමින් පවතී. මන්නාරම හා යාපනය යන ප්‍රදේශල ස්වභාවික ලෙස ඉඳහිට වැවුණත් මේ වන විට ඉන්දියාවෙන් අප රටට ගෙන්වයි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය, චීනය, දකුණු කොරියාව යනාදි රටවල වැවෙන ශාකයකි. ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලයාව වැනි රටවල කටුවැල්බටු ඉතා සාර්ථකව ආනයනික ඖෂධයක් ලෙසට පත්වී ඇත. උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ Solanum virginianum ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උඩවලව සෙවණගල ආයුර්වේද වෛද්‍ය
කමල් බන්දුල වීරප්පෙරුම

සාකච්ඡා කළේ
සනත් ලෙනෝරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.