කරපිංචා ශාකයෙන් කළ හැකි අත් බෙහෙත්

නොවැම්බර් 22, 2019

සියලුම සර්ප විෂට

කැඳ - දියලුණු, පොල් කිරි නොමැතිව කරපිංචා කැඳ සාදා කිතුල් හකුරු සමඟ බීමට දෙන්න.

මැල්ලුමක් - එම කොළ පොතු අමු කහ, දිය ලුණු දමා කොටා ලිප තබා මලවා බඳින්න.

නිතර සෑදෙන බඩේ අජීර්ණවලට -

කරපිංචා නැටි, අරළු එක තරම ගෙන තම්බා එම වතුර බීමට දෙන්න.

පිත් වමනයට -

කුඩුකරගත් කරපිංචා ගසේ පොතු ඇල් වතුරින් අඹරා ගුලිකර බීමට දෙන්න.

බඩ බුරුල්ව යාමේදී -

කරපිංචා දළු මී පැණියෙන් සිනිඳුව අඹරා ගුලිකර ගිල, නිවුන උණුවතුර බොන්න.

අකලට හිසකෙස් පැසීමේ දී -

කරපිංචා කොළ, පොකුරු වදමල් හොඳින් කොටා පිරිසුදු පොල් තෙලට දමා තෙල් සිඳ ගාන්න.

ගැබිණි මව්වරුන්ගේ උදෑසන වමනයට -

කරපිංචා කොළ, දෙහි ඇඹුල් සීනි මිශ්‍රකර වරින් වර දිවේ ගාන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පොත පත අසුරෙනි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.