මානසික සුවයට හෙළවෙද පිළියම්

ජනවාරි 24, 2020

මළගෙවල් වලදී අධික බියක් දැනෙන්නෙ ඇයි?

ගැටලුව :– මගේ සොයුරියගේ වයස අවුරුදු 20 යි. ඇය දැනට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටී. ඇයට ඇති ගැටලුව වන්නේ මලගෙවල්වල යාමට තිබෙන නොහැකියාවයි. ඇය සාමාන්‍යයෙන් මලගෙවල්වල නොයනමුත් මෑතක දිනක් ඇගේ මිතුරියකගේ මවගේ අවමංගල්‍යයකට සහභාගි විය. එහිදී දේහය ළඟදී ඇය ක්ලාන්තවී ඇද වැටුණි. මීට පෙරද මළගෙවල්වල යාමට ඇය දැඩි බියක් දැක්වූවාය. වෛද්‍යතුමනි මේ තත්වයෙන් මිදීම සඳහා ඇය කුමක් කළ යුතුදැයි පහදා දෙන්න.

පිළිතුර :– ඉතා සරල භීතිකාවක් වන මෙය නෙක්රොෆෝබියා (ව්ඥජපධනඩධඡඪච) යනුවෙන් හඳුන්වයි. කුඩා කල සිට කෙනෙකුගේ මරණයක් දැක නැත්නම් පළමුවරට මරණයක් දකින්නේ වැඩිහිටි හෝ තරුණ වයසේ නම් ඒ පුද්ගලයා තුළ මේ භීතිකාව ඇතිවන්නට ඉඩ ඇත. මෙම භීතිකාවෙන් පෙළෙන අය මරණය ගැන කතාකිරීම අතහැර දමති. මියගිය දර්ශන රූපවාහිනියෙන් නැරඹීම පවා නතර කර දමති. මිය ගිය කෙනෙකු දුටුවිට ස්වංසාධක ස්නායු පද්ධතියේ බලපෑම මත ක්ලාන්තය සෑදිය හැකියි. මෙය සුවකළ හැකි තත්වයකි. මනෝ විශ්ලේෂණවාදී හා චර්යාවාදී සිද්ධාන්තයන් උපයෝගී කර ගනිමින් මෙම රෝගීන්ට ප්‍රතිකාර කළ හැකිය. මනෝ විශ්ලේෂණවාදී සිද්ධාන්තයේදී ක්‍රම ශිල්ප 02 ක් උපයෝගී කර ගනී. පළමු ක්‍රමය වන්නේ නිදහස් සංඝටනයයි. මෙහිදී පුද්ගලයාව නිදහසේ තම මතකය අතීතයට රැගෙනයාමට ඉඩහසර ලබාදෙයි. දෙවැනි ක්‍රමය වන්නේ මෝහන ප්‍රතිගමන චිකිත්සාවයි. මෙහිදී පුද්ගලයාට මෝහන නිද්‍රාවකට පත්කරන අතර ඉන්පසුව පවතින වයසේ සිට ආපස්සට වයස (මතකය) රැගෙන යයි. මේ ක්‍රම මගින් භීතිකාවට මූලික හේතුව සොයා එහි බලපෑම ඉවත්කරයි. ඉන් අනතුරුව චර්යාවාදී ක්‍රමය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.