නාග පොළොං කරවැල් දෂ්ට හඳුනා ගැනීමේ ශාරීරික රෝග ලක්ෂණ

ජනවාරි 24, 2020

නාගයා සහ පොළඟා දෂ්ට කිරීමෙන් පසු විෂ ශරීරගතවීමේ හේතුවෙන් රෝගියාගේ ශාරීරික ලක්ෂණ යම් ප්‍රමාණයකට වෙනස් තත්ත්වයක් ගනී.

පළමුවෙන්ම නාග දෂ්ටයෙන් පසු මතුවන රෝගී ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. ඒ අනුව නාග දෂ්ටය සිදුවීමෙන් පසු වා, පිත්, සෙම් යන තුන් දොස්වලින් වාතය කෝප කරවයි.. දෂ්ටය බොහෝ විට ඒ ඒ අවස්ථාවට අනුකූලව සාමාන්‍යයෙන් දළ අතර පරතරය අඟල් එක හමාරක් පමණ වෙයි. දෂ්ට කළ මුඛය අවට සහ රෝගියාගේ මුහුණ කළු පැහැ ගැන්වෙයි.

නාග විෂ විශේෂයෙන්ම රෝගියාගේ ස්නායු පද්ධතියට බලපාන අතර දෂ්ට මුඛයෙන් රුධිරය මද වශයෙන් පිටවීමක් දැකිය හැකි ය. නාග දෂ්ටයෙන් පසු මුහුණේ කුහුඹුවන් යන්නාක් මෙන් රෝගියාට දැනෙන අතර ඇසි පිය කඩා වැටීම, නිදිමත ගතිය, හිසේ බර ගතිය, කාංසාව, ස්වසන ආසාදනය හා ස්වසන අපහසුතා, කතා කිරීමේ අපහසුතා, සිහි නැතිවීම හා කිසියම් කම්පන ගතියක් ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.