නිරෝගීතාවය රැක දෙන නිර්මාංශ ආහාර

පෙබරවාරි 14, 2020

නොයෙකුත් මස් මාංශ අනුභව කිරීමට කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වාම දක්වන්නේ මහත් ආශාවක්. ඒ එම මස්මාංශවල ගුණ අගුණ කිසිත් නොදන්නා නමුත් එහි ඇති සුවඳටත් රසයටත් ගිජුවන නිසාය. බොහෝ මස් මාංශ සකස් කරනු ලබන්නේ පළමුව තම්බා දෙවනුව මිරිස්තුනපහ යොදා පිස තෙවනුව රසකාරක වර්ග එක්කරමින් තෙම්පරාදු

කරමිනි.

මේ නිසා එහි සුවඳද බෙහෙවින් පවතී. මෙසේ සකස් කරනු ලබන මස් මාංශ නිතර දෙවේලේ ආහාරයට ගැනීමෙන් ශරීරයේ ලෙඩ රෝග තත්ත්වය වර්ධනය වේ. හෘද රෝග, ගැස්ට්‍රයිටීස්, දියවැඩියාව ආදී රෝග වැලඳීමේ වැඩි තත්ත්වයක් පවතී. තවද මාංශ ආහාරයේ පවතින කොලෙස්ටරෝල් සංතෘප්ත මේදය යන අනෙකුත් රසායන ද්‍රව්‍ය හේතුකොට මහ බැඩවැල පියයුරු සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සෑදීමේ අවදානමක්ද පවතී. එසේම ස්ථුලතාවය වකුගඩු රෝග ආදී රෝගයන්ටද හේතු වේ. අද සමාජයේ බොහෝ දෙනකු කෑමට ආශාකරන මස් අතර ගවමස්වලට, ඌරුමස්වලට මෙන්ම, කුකුළුමස්වලට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ.

ඌරුමස්වල හැම් බේකන්වල ලිංගුස්වල පීකුදු වකුගඩුවල හරක්මස්වල කොලෙස්ටරෝල් අධිකය. ඌරුමස්වල ග්‍රෑම් සියයක කැලරි එකසිය දාහතරක්වන අතර ප්‍රෝටීන් ඇත්තේ ග්‍රෑම් දහ අටයි හතකි. කැල්සියම් මිලිග්‍රෑම් තිහකි. යකඩ මිලිග්‍රෑම් දෙකයි දෙකකි. කුකුළු මස්වල ප්‍රෝටීන් ග්‍රෑම් විසි පහයි නවයක් ද, කැලරි එකසිය නවයක්, කැල්සියම් මිලිග්‍රෑම් තිහක්ද පවතී. සමහර අය සඳහන් කරන පරිදි මාංශ ආහාරවල වැඩි ප්‍රෝටීන් හා කැලරි ප්‍රමාණයක් ඇති බව කීවාත් එහි ඇති අඩු ප්‍රමාණයක් බව කිව හැකි ය. බොහෝවිට ශරීරයට අවශ්‍යවන පෝෂණය ප්‍රෝටීන ඇතැම් එළවළුවල බෙහෙවින් පවතී. සෝයා, පරිප්පු, රටකජු, මෑකරල්, දඹල වැනි ආහාරවලින් ලබාගත හැකි ය. අනෙකුත් සියලුම එළවළු හා පලතුරුවල ඉතා උසස් ගණයේ ප්‍රෝටීන කැලරි විටමින් ඛනිජ තන්තු ආදිය අඩංගු වේ. නිර්මාංශ ආහාර කිසිවක් පිළිකා ජනක නොවේ.එළවළු, පලාවර්ග හා පලතුරු ආහාරයට ගැනීමෙන් ස්ථුලතාවය නොහොත් අධික තරබාරුව අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වී එවැනි රෝගාබාධවලට ගොදුරු නොවේ.

නිර්මාංශ ආහාරය ගැන කොතෙකුත් සඳහන් කරන්නට ඇතිමුත් කොටසක් හෝ මෙහි සඳහන් කරමි. විටමින් බහුල එළවළු වට්ටක්කා, කැරට්, දඹල වන අතර පැපොල්, රටකජු, දොඩම්, නෙල්ලි ආදී පලතුරු ද වේ. ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ සෝයාබෝංචි, කවුපි, පරිප්පු, කුරක්කන්, ඉරිඟු, මෙනේරි වලත් ය. පලාවර්ගවල පෝෂණය ගැන බැලීමේදී ගොටුකොළවල තෙතමනය ග්‍රෑම් අසූහතරයි පහකි. කතුරුමුරුංගා කොළවල විටමින් සී මිලිග්‍රෑම් එකසිය හැට නවයකි. එහි කැල්සියම් එකදාහස් එකසිය තිහකි. යකඩ තුනයි නවයකි. කැරට් කොළවල විටමින් සී මිලිග්‍රෑම් හැත්තෑනමයක් ඇත. නිවිතිවල විටමින් සී මිලිග්‍රෑම් විසි අටක් ද යකඩ මිලිග්‍රෑම් දහයක් ද පවතී. නිවිතිවල ශක්තිය ග්‍රෑම් විසිහයක් ද කංකුන්වල තෙතමනය ග්‍රෑම් අනූවයි තුනක් ද, විටමින් සී මිලිග්‍රෑම් එකසිය තිස් හතක් ද යකඩ මිලිග්‍රෑම් තුනයි නවයක්ද ශක්තිය කැලරි විසි අටක් ද වේ.

කජුමද ග්‍රෑම් සියයක ශක්තිය කැලරි පන්සිය හැට අටක්ද ප්‍රෝටීන් ග්‍රෑම් දහ අටයි හතරක් ද කැල්සියම් මිලිග්‍රෑම් විසි අටක්ද යකඩ මිලිග්‍රෑම් තුනයි හයක් ද විටමින් සී මිලිග්‍රෑම් එකක් ද වන අතර කරවිලවල ග්‍රෑම් සියයක කැල්සියම් මිලිග්‍රෑම් විස්සක්ද යකඩ මිලිග්‍රෑම් එකයි අටක්ද විටමින් සී මිලිග්‍රෑම් අසූ අටක් ද වේ. ඉදුණු ගස්ලබුවල ශක්තිය කැලරි තිස් දෙකකි. කැල්සියම් මිලිග්‍රෑම් දාහතකි. යකඩ මිලිග්‍රෑම් පහකි. විටමින් සී මිලිග්‍රෑම් පනස් හතක් වන අතර මේදය ඇත්තේ ග්‍රෑම් එකකි. පෝෂ්‍ය පදාර්ථවලින් පිරුණු පැපොල් පලතුරක් මෙන්ම ආහාරයක් ද වේ. දිවුල් මද ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශක්තිය කැලරි එකසිය තිස් හතරකි. ප්‍රෝටීන් ග්‍රෑම් හතයි එකක් වන අතර කැල්සියම් මිලිග්‍රෑම් එකසිය තිහක් ද යකඩ මිලිග්‍රෑම් හයක් ද විටමින් සී මිලිග්‍රෑම් තුනක් ද වේ.

අන්නාසි ග්‍රෑම් සියයක අඩංගු තෙතමනය ග්‍රෑම් අසූහතයි අටකි. කැලරි හතළිස් හයකි. ප්‍රෝටීන් ග්‍රෑම් හතරකි. පිෂ්ඨධාතු ග්‍රෑම් දහයයි අටකි. කැල්සියම් මිලිග්‍රෑම් විස්සක් ද විටමින් ඒ මිලිග්‍රෑම් නවයක්ද අඩංගු වේ. ගොටුකොළ වල කැල්සියම් අධිකව ඇත. ඒ කැල්සියම් මිලිග්‍රෑම් දෙසිය විසි හතරකි. ශක්තිය කිලෝ කැලරි තිස් හතකි. කොහිල අල ග්‍රෑම් සියයක අඩංගු පෝෂණය කැල්සියම් මිලිග්‍රෑම් විසි එකක් ද යකඩ මයික්‍රොග්‍රෑම් හතරක් ද ප්‍රෝටීන් ග්‍රෑම් එකයි හතක් ද ඇත. කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණයක් පවතී. කාබෝහයිඩ්‍රේට් පෘක්ටෝස් විටමින් සී විටමින් බී, මෙන්ම විටමින් බී ටූ ද අන්තර්ගත බහුල පලතුරක් වන අනෝදා පිළිකා නැසීමේ කාරකය ඒදදධදචජඪද ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම කටු අනෝදා මානසික ආතතිය හා ස්නායු දුර්වලතාවලට ද ප්‍රබල ඖෂධයක් බව හෙළි වී තිබේ.

ගෝවා ග්‍රෑම් සියයක අඩංගු පෝෂණය විටමින් සී මිලිග්‍රෑම් එකසිය විසි හතරක් වන අතර කැල්සියම් මිලිග්‍රෑම් තිස්නවයක්ද ප්‍රෝටීන් ග්‍රෑම් එකයි අටක් ද යකඩ මිලිග්‍රෑම් අටක්ද ශක්තිය කැලරි විසි හතක් ද ඇත. විවිධ ආහාරවල විටමින් සහ ඛනිජ ප්‍රතිඔක්සිකාරකය ලෙස ක්‍රියාකරයි. ප්‍රතිඔක්සිකාරක ආහාර කෑමෙන් හෘදයාබාධ, අධිරුධිර පීඩනය පිළිකා ආතරයිටිස්, ඇදුම සහ දියවැඩියාව වැනි රෝග වළක්වා ගත හැකි ය. ධාන්‍ය පියලි හා ඇටවර්ග පලතුරු, අමු එළවළු යනාදිය වේ. ඒ සඳහා දෙළුම්, මිදි, දොඩම්, අන්නාසි, නාරං, ඇපල්, පැණිකොමඩු, දිවුල්, පේර බෙලි, කෙසෙල්, පැපොල්, දොඩම්, රටඉඳි මෙන්ම තම්බන ලද කැරට් ද, බණ්ඩක්කා කරිවිල, පොළොස්, කොහිළ, පතෝල, වැටකොළු, නිවිති, කවුපි, මුං ඇට, පරිප්පු, කඩල, මෑ ඇට, රටකජු ආදීන් ද වේ. අලුත් එළවළු හා පලතුරුවල වැඩි පෝෂක ගුණයක් පවතී.

 

අන්නාසි ග්‍රෑම් සියයක අඩංගු තෙතමනය අසූහතයි අටකි. කැලරි හතළිස් හයකි. ප්‍රෝටීන් ග්‍රෑම් හතරකි. පිෂ්ඨධාතු ග්‍රෑම් දහයයි අටකි. කැල්සියම් මිලිග්‍රෑම් විස්සක් ද විටමින් ඒ මිලිග්‍රෑම් නවයක්ද අඩංගු වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.