දකුණෙන් අගනුවරට පැමිණ සිය වෙද දස්කම් පෑ විද්‍යාතිලක වෙද රාළහාමි හෙළ වෙද පහන

පෙබරවාරි 28, 2020

සමහරුන්ගේ ජීවිතවල දියුණු තත්ත්වය ඇති කෙරෙන්නේ තමන් උපන් හැදී වැඩුණු පළාතේ හෝ ගමේ සිට නොවේ. එයින් පිට දුර පළාතකට පත් වූවායින් පසුවය. මේ හෙයින්ම දිගු කලක පටන්ම අගනුවර පමණක්ද නොව මුළු රටේම ජාතික, වෙළඳ නැණ නුවණ හා සමාජ නායකත්වයට පත්වුණු අයගෙන් සියයට අනූ අටක්ම පිටින් පැමිණ එහි ජය කෙහෙළි නැඟුවන් බව දක්නට ලැබෙන සත්‍යයකි.

සිය සිතේ පැවති නිසඟ දක්ෂතා සුදුසුවූ ගුරු පියවරුන්ගේ අනුග්‍රහයෙන් ඔප මට්ටම් කරගෙන හෙළ ආයුර්වේද වෙද සතරේ මහ හපන්කම් දක්වන්නට ගාල්ලේ කලේගාන ගම්පියස කුල ගෙයකදී මෙලොව එළිය දුටු බද්දේගම ගමගේ එන්දෝරිස් විද්‍යාතිලක දරුවාටද සිදුවූයේද එයමයි. කලේගානේ පියතිස්ස විදුහලේදී සත්වෙනි පන්තිය දක්වා ඉගෙනගත් ඔහුට දකුණු පළාතෙන් පිටව ගෙන්දගම් පොළොවේ වාසයට අවස්ථාව සැලසිණ. එය සිදුවූයේ ඔහු තනිවම නොව පියා සමඟ පවුල් පිටින්ම කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචියට පැමිණි හෙයිනි. පියා එහිදී තම සේවාව ජනයා වෙත පුද කළේ දක්ෂ ඡ්‍යොතිෂ්‍යඥයකු ලෙසිනි.

මෙසේ සිදාදියට පැමිණි විද්‍යාතිලක සිසුවාට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ බාහිර ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වී එහි ප්‍රධානත්වය ගෙන සිටි පූජ්‍ය ලුණු පොකුණේ ධම්මානන්ද නාහිමියන් යටතේ වැඩිදුර භාෂා ශාස්ත්‍ර ඉගෙනීමට අවස්ථාවක් උදා කෙරිණි. සිංහල භාෂාවට අමතරව පාලි සංස්කෘත හා ඉංගී‍්‍රසි දැනුම වඩා ගැනීමට ඔහුට එහිදී මඟ පෑදුන අතර තමන්ගේ ජීවන මාර්ගය ලෙස වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ යුතුය යන තීරණයකටද එළැඹීමට ඔහුට එහිදී සිතක් ඇතිවිය. මෙසේ වූ හෙයින්ම වෙදකම ඉගෙනීම පිණිස එකල රටේ ප්‍රකටව සිටි වෛද්‍ය විශාරදයන් කිහිප දෙනෙකු හමුවට ගියත් විද්‍යාතිලකව බාර ගැනීමට ඔවුන් මැළි වූහ. මේ අතර සමරසිංහ වෙද මුදළිඳුගේ සොහොයුරෙකු වූ කණිෂ්ක සමරසිංහ මහතා ඔහු හා ළෙන්ගතු වූ හෙයින් විද්‍යාතිලකගේ සිහිනය මස්තකප්‍රාප්ත කරගැනීමේ අවස්ථාව සැලසිණ.

ඩී.ඩී. අමරතුංග , ඩී.ඩී. අභයසේකර නම්වු විශිෂ්ට වෛද්‍ය පීතෘවරුන්ගේ සෙවණ යටතේ වෙද සතර ප්‍රගුණ කිරීමේ අවස්ථාව ඔහු වෙත උදා කෙරිණ.

එකල කොම්පඤ්ඤවීදියේ විසු මෙම කීර්තිමත් වෛද්‍යවරුන්ගේ අඟුරුවාතොට වෙද පරපුරින් පැවත එන්නන් විය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.