මාන්දම් රෝගය

ජුනි 19, 2020

ලොව ආර්ථික දුර්වලතා ඇති රටවල දරුවන්ට බහුලව හටගන්නා මෙම රෝගය දියුණුූ වෙමින් පවතින ශ්‍රී ලංකාව ඇතුළු රටවල්හි දරුවන් අතරද පවතී. එම නිසා මෙම රෝගය පෝෂණ ඌණතාව මූලිකව හටගන්නා  රෝගයක් බව පැහැදිලිය. 

මෙයින් වැළකීම සඳහා නිරතුරුවම වර්ධනය වන බාල අවධියේ දරුවන්ට මනා පෝෂණය ලබාදිය යුතුය. මේ පිළිබඳව මාපියන් මෙන්ම වැඩිහිටියන්ද සැලකිලිමත් වීම අවශ්‍ය වේ. එමෙන්ම ගර්භිණී අවධියේදී මව තම පෝෂණය හා සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. 

දරුවාගේ මනා පෝෂණය හා යහපත් සෞඛ්‍ය තත්වයකින් පවත්වා ගැනීමෙන් ප්‍රතිකාරයට වඩා පහසුවෙන් මාන්දම් රෝග තත්වයෙන් දරුවා මුදා ගත හැකිය. 

දරුවන් මන්ද පෝෂණය නිසා ශරීරය කෘෂ වී දුර්වල තත්වයන්ට පත්වීමෙන් විවිධ වූ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙය දේශීය වෛද්‍ය ක්‍රමයෙහි මාන්දම් රෝගය ලෙස හඳුන්වයි. බොහෝ විට මෙම රෝගය වයස අවුරුදු 3-5 අතර දරුවන්ට හටගන්නා අතර මාන්දම් රෝගය බටහිර වෛද්‍ය ක්‍රමයෙහි දක්වා ඇති මන්දපෝෂණය හා සමාන වූ රෝග අවස්ථාවකි. 

රෝගයේ ලක්ෂණ 

දරුවාගේ වර්ධනය දුර්වල වේ. ළදරුවා ක්‍රමයෙන් වැඩෙන විට විවිධ රෝග ලක්ෂණ පෙන්වයි. 

ඒවානම් 

හිසකෙස් වැඩීම දුර්වල වීම 

නියමිත කාලයේදී දත් ඒම ප්‍රමාද වීම. 

දරුවගේ අත් හා පාද ක්‍රමයෙන් ඇදවීම 

හිස සහ නළල ඉදිරියට නෙරා ඒම 

උදරය විශාල වීම 

ශරීරය පුරවා දැමීම 

රෝගී දරුවන් ආහාර ගැනීම කෙරෙහි කැමැත්තක් නොදක්වන අතර අඟුªරු, මැටි, ගල්. වැලි කඩදාසි, හාල් වැනි දේවල් කෑමට පි‍්‍රයවේ. 

එවැනි දරුවන්ගේ ඇස්වලින් නිතර කබ, කඳුළු ගැලීම, ඇස්වල කොරපොතු මතුවීම හා ඇස්ඉදිරියට නෙරා ඒම සිදුවේ. 

රෝගී දරුවන්ගේ දත් වැඩීම දුර්වල වේ. දත් මුල් දියවී විදුරු මසින් ලේ ගැලීම සිදුවේ. 

කම්මුල් හා තට්ටම් හැකිලී අත්පාද සිහින්ව විරූපී පෙනුමක් දරුවාගේ ඇති කරයි. 

මෙම දරුවන්ට නිතර අජීර්ණ අතීසාර, මළ සමඟ සීදන් පිටවීම, ගුද මාර්ගය පහත්වීම ආදී රෝග තත්වයන් ඇතිවේ. 

කල්යත්ම මෙම රෝගී දරුවන්ගේ මානසික වර්ධනය දුර්වල වේ. එවිට තරහයාම, භයවීම තිගැස්සීම හා ඇඬීම සිදුවේ. 

විවිධාකාර වූ මාන්දම් රෝග ප්‍රභේද 

දේශීය වෙදකමෙහි විවිධාකාර මාන්දම් ප්‍රභේද හඳුන්වා ඇත. 

වාත මාන්දම , කාලිමාන්දම, පිත්ත මාන්දම, කිරි මාන්දම, සෙම් මාන්දම, කොට්ටුපේරු මාන්දම. සන්නි මාන්දම. කෝල මාන්දම. තිදොස් මාන්දම, නීල ගලපටලමාන්දම . අල්කන මාන්දම. යක්ෂාති මාන්දම. උදරවායු මාන්දම, වාලි මාන්දම, ඌදු මාන්දම. ශෝථ මාන්දම, කණ්ඩමාල මාන්දම. කුරුමිණි මාන්දම. අහිරි මාන්දම. ජ්වර මාන්දම 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.