ආයුර්වේදය ජ්වරය සහ කොරෝනා

ජුනි 19, 2020

දහදිය නොදැමීම, ශරීරයේ උණුසුම සහ වේදනාව යන ලක්ෂණ එකවර ඇතිවීම ජ්වර (උණ)  යනුවෙන් හැඳින් වේ. උණ, දේහය, පංචේන්ද්‍රිය සහ මනස තවයි. ශරීරය උණුසුම් වීම, අරුචිය, පිපාසය, අංගමදී (ඇඟ පොඩි කරන්නාක් වැනි වේදනාව) සහ පපුවෙහි වේදනාව උණෙහි විශේෂ ලක්ෂණ වේ. 

වා, පිත්, සෙම් යන තුන්දොස් වෙන් වෙන්ව දෝෂ දෙක බැගින් එක්ව, තුන්දොසම එක්ව සහ පහරවැදීම් ආදී ආගන්තුක වශයෙන් ජ්වර රෝග ප්‍රධාන වශයෙන් 8 කි. ශරීර සහ මානස යනුවෙන් දෙයාකාරයකට ද බෙදේ. පෙර කරන ලද පාප කර්ම නිසා රෝගියා මරණයට පත්කරන බැවින් ජ්වරය මෘත්‍ය, යමාත්මජ නමින් හැඳින් වේ. දෝෂයන් රස ධාතුව (ආහාර දිරවීමෙන් හටගන්නා පළමු කොටස) සහ අග්නිය  (digestive power) දූෂණය කර උණ ඇති කරයි. අනතුරුව ස්වේදවහ, රක්තවහ සහ මාංස වහ ස්‍රොතස් දූෂණය වේ. මෙහිදී දෝෂයන් ශරීර තාපය බැහැරට පමුණුවයි. එවිට සිරුර උණුසුම් වේ. 

උණ ඇතිවීමට පෙර අලස බව, ඈනුම් යාම, සිරුරේ බර බව, දුර්වලතාවය, ආහාර නොදිරවීම, මුඛ විරසතාවය, ශරීරය සීතල කිරීම, කෙණ්ඩාවල වේදනාව සහ නිදිමත හටගනී. මෙවිට ගිතෙල් පානයට දිය යුතු බැව් ආයුර්වේද මතයයි. (සුශ්‍රැත) ආමාශයේ තිබෙන අග්නිය   (igestive power) ආමය  (Product of indigestion)) සමඟ එක්ව ස්‍රොතස්  (Channels) අවරෝධ කර උණ ඇති කරන නිසා පළමුව ලංඝණය  (Fasting therapy) කළ යුතු ය. වාතය උල්වන නම් දින 7 න් ද පිත උල්වන දින 7 න් ද පිත උල්වන නම් දින  3 න් ද සෙම උල්වන නම් දිනකින් ද ආමය පාචනය වේ. (පැසවයි) 

උණ රෝගියෙකුට උණුදිය පානයට දිය යුතු ය. මෙවිට සෙම පැසවයි. වාතය, පිත, දහදිය සහ මළ මුත්‍ර පහළට ගමන් කරවයි. ස්‍රොතස් මෘදු කරයි. පිපාසය නිදිමත, අරුචිය සහ සිරුරේ තද බව නැති කරයි. සිරුරේ දාහය, අතීසාරය, සිරුරෙන් ලේ පිටවීම (උදා - ඩෙංගු රක්තපාතික උණ) ක්ලාන්තය, විෂ වීම, පිපාසය, වමනය හෝ කරකැවිල්ල ඇතන්ම් වතුර උණුකර නිවා පානයට දිය යුතු ය. තුන්දොස් කෝප කරන බැවින් උණු නොකළ ජලය නොදිය යුතු ය. වතුර උණුකර, කළයක තබා පානය කිරීමද තුන්දොස් නසයි. නොඑසේ නම් වතුර උණුකර තබා පානය නොකළ යුතු ය. තවද උණුදිය සෙම, මේද, වාතය සහ ආමය අඩු කරයි. ආහාර දිරවීම වැඩි කරයි. මුත්‍රාශය පිරිසුදු කරයි. කැස්ස සහ ඇදුම නසයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.