පිළිකාවක් ඇතැයි නොදැන සිටීම නිසා

සිරුර පුරා පැතිරයන පියයුරු පිළිකාව
ජුනි 26, 2020

කාන්තාවන් තමන්ගේ පියයුරු ගැන නිසි අවබෝධයකින් සිටිය යුතුය. තමන් නොදැනුවත්වම හටගන්නා පියයුරු පිළිකාව මුළු ශරීරය පුරාම පැතිරයයි. එවැනි තත්වයකදී මරණය පවා සිදුවේ. පියයුරු පිළිකාව කාන්තාවන් අතර පවතින පිළිකා අතරින් බහුලම පිළිකාවයි. 

මේ නිසා පිළිකාව පිළිබඳව දැනුවත් සිටීම වැදගත් වේ. තමන්ගේ පියයුරු ස්වයං පරීක්ෂණයකට ලක්කිරීමට සෑම කාන්තාවකටම හැකිවේ. කැඩපතක් මුහුණ බලන කණ්ණාඩියක් ඉදිරියට ගොස් අත්දෙක දෙපසට තබාගෙන පසුව අත්දෙක හිසට උඩින් ඔසවාගෙන ද අත්දෙක ඉණමත තබාගෙන ද පියයුරුවල යම් වෙනසක් ඇද්දැයි බලාගත හැකිය. පියයුරක වළගැසීමක් පියයුරෙහි පැවති වෙනසක් පියයුරෙහි හැඩයේ වෙනසක් තනපුඬු වේ වෙනස්වීමක් දොඩම් ලෙල්ලක් මෙන් සමේ යම් වෙනසක් හෝ පියයුරු වල ගැටයක් හෝ සමට යටින්  ඝණවීමක් හෝ තිබේදැයි හොඳින් බලන්න. 

අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවලින් පියයුරු පිරිමදිමින් පරීක්ෂා කරන්න. පියයුරෙහි සමට යටින් පවතින යම් වෙනස්වීමක් ඇතොත් එහිදී තේරුම් ගත හැකිය. වම් අත දකුණු පියයුරටත් දකුණු අත වම්පියයුරටත් තබමින් එසේ පරීක්ෂණය සිදුකළ හැකි අතර පියයුර පිටපැත්තේ සිට තනපුඩුව දක්වා අත තද කරමින් පරීක්ෂා කරන්න. අනතුරුව  කිහිල්ලද පරීක්ෂා කරන්න. මහපටැඟිල්ල හා දබරඟිල්ලෙන් තනපුඩුව සෙමෙන් මිරිකා ලේ හෝ වෙනත් ශ්‍රාවයක් පිටවනවාදැයි බලන්න. නානවිටදී මෙන් ඇඳක හාන්සි වී පියයුරු දෙස විමසිලිමත්ව බලන්න. දකුණු උරහිසට යටින් කොට්ටයක් තබා දකුණු අල්ලමත හිස තබාගෙන වම් අතින් දකුණු පියයුර පරීක්ෂා කරන්න. පසුව වම් උරහිස යටින් කොට්ටය තබා වම් අල්ලමත හිස තබා ගෙන දකුණු අතින් වම් පියයුර පරීක්ෂා කරන්න. 

දිනයක් වෙන් කර ගැනීම

සෑම මසකම වරක්ම මාස් ශුද්ධියෙන් සතියකට පසුද මාස්ශුද්ධිය නතරවූ අය මාසයේ කිසියම් නියමිත දිනකද පියයුරු පරීක්ෂා කිරීමට අමතක නොකරන්න. පියයුරුවල අසාමාන්‍ය වේදනාවක් පවතින්නේ නම් වහාම පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් හෝ වෛද්‍යවරයෙකුට ඒ බව පවසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. පියයුරු පිළිකාවක් ඇතිවුවහොත් එහි වර්ධනය ඉක්මන් වේ. පියයුරු පිළිකාව වැලඳුණු කාන්තාවන් සියයකට විස්සක්ද පියයුරු පිළිකාව වැලඳුණු පිරිමින්ගෙන් සියයට එක් අයෙක්ද වේ. පියයුරු පිළිකා රෝගීන්ගේ අවදානම් තත්වයක් වී ඇත්තේ ඔවුන් බොහෝ දෙනකු රෝගයේ මුල් අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු නොවීමයි. මේනිසා කාන්තාවන් ස්නානය කරන අවස්ථාවලදී පියයුරු පරීක්ෂාවට යොමුවිය යුතුය. අවුරුදු විස්සට වැඩි සෑම කාන්තාවක්ම මාස තුනකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් (කැඩපතක් ඉදිරියට ගොස් හෝ) කළ යුතුය. එසේ බැලීමේදී පියයුරුවල යම් වෙනසක් ඇත්නම් කල් නොයවා වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. 

වයසට යාමේ අවදානමක් 

නිවසේ ආවරණය වූ කාමරයකට ගොස් උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩපත  ඉදිරියට ගොස් බැලීමෙන් පවතින වෙනස තේරුම් ගත හැකිය. තරුණ වියේ පසුවන කාන්තාවන්ට වඩා වයසට පත්වන කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳීමේ ඉඩ වැඩි බව සනාථ වී ඇත. පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමෙන් මූලික ප්‍රතිකාර ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන් සුවකර ගත හැකිය. එහෙත් විශාල පිරිසක් මියයන්නේ නොදැනුවත්කම නිසාය. වයස හතළිහත් හැත්තෑවත් අතර වූ කාන්තාවන් අවුරුදු දෙක තුනකට වරක් හෝ පරීක්ෂාකර ගැනීම සුදුසුය. මේ වන විට පියයුරු පිළිකාවලට ලක්වූ කාන්තාවන්ගෙන් සියයට පනහක්ම වයස අවුරුදු පනහට අඩු අය බව වාර්තා වී ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.