මළබද්ධය

ජුනි 26, 2020

ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කියමනක් තිබෙනවා. එහෙත් කතාව එහෙම වුණාට සමහර රෝග අවස්ථාවලදී නම් ඉවසීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. 

සැනසීමක් ලබන්න නම් සුදුසු ප්‍රතිකාරයක් ලබාගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැ. එවැනි ලෙඩ රෝග අතර මලබද්ධයට ඉතාමත් වැදගත් රෝග ලක්ෂණයක්.

මළබද්ධය  ඇතිවීම සඳහා 

බලපාන හේතු මොනවාද? 

මළබද්ධය ඇතිවීම සඳහා හේතු ගණනාවක්ම බලපාන අතර ඒ අතරින් වර්තමානයේ බහුලව දක්නට ලැබෙන ගැස්ට්‍රයිටීස් සහ ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත විවිධ දුර්වලතා ප්‍රධානත්වයක් ගනී. මීට අමතරව ළමා අවධියේ පටන් ඇතිවන හේතුන්ද මෙම රෝග අවස්ථාවන් සඳහා බලපාන අතර විශේෂයෙන් දරුවන් කුඩා අවදියේ දී දෙමාපියන් විසින් තරවටු කරමින් දරුවන්ට වැඩිපුර ආහාර ලබාදෙන අතර ඒවා නිසි පරිදි ජීර්ණය කරගැනීමට නොහැකිවීමෙන් ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව මුල්කාලීනව මෙසේ ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය හැකිය. මෙසේ මුල්කාලීනව ඇතිවන තත්ත්වයන් පසුව මලබද්ධය ඇතිකිරීම සඳහා බලපෑම් ඇතිකරනු ලැබේ. කුඩා දරුවන්ට පමණක් නොව ඇතැම් වැඩිහිටි අය පවා වැඩිපුර ආහාර ගැනීමට පුරුදු වී සිටින අතර එවැනි හේතුන්ද මලබද්ධය ඇතිවීමට ඍජුවම බලපානු ලබයි. 

මළබද්ධයේදී පවතින 

රෝග ලක්ෂණ 

සමහර අයට කෙටිකාලීන වශයෙන් මළබද්ධ තත්ත්වයක් ඇතිවිය හැකිය.නමුත් කෙටිකාලීනව පවතින මෙම අවස්ථාවට හුරුවූ විට එය දීර්ඝකාලීනව මෙන්ම ස්ථිර වශයෙන්ද පවතින රෝගයක් බවට පත්විය හැකිය. 

සමහර අය මුල්කාලීනව මල පිටවුණත් සමහර අයට පිටවන්නේ දවස් දෙකකට තුනකට වතාවක්විය හැකිය. සමහර අවස්ථාවල දින 4,5,6,7 ආදී ඉතා දිගු කාලයකට වරක් මල පිටවන අවස්ථාද දැකගත හැකිය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.