ඩෙංගු රෝගයෙන් බේරීමට උපදෙස් මාලාවක් 

ජුනි 26, 2020

මාරාන්තික ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතී. නිසිකලට නිසි ප්‍රතිකාර නොගතහොත් එය මරණයෙන් කෙළවර වන රෝගයකි. එබැවින් ඩෙංගු මාරයාගෙන් බේරී සිටීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපදිමු 

ඩෙංගු උණයයි සැකකළ හැකි ලක්ෂණ 

සාමාන්‍ය උණ, මස්පිඬු හා සන්ධි වේදනාව, සමෙහි රතුලප ඇතිවීම, හිසරදය හා ඇස්යට ඉදිමීම, ඔක්කාරය හා වමනය, රුධිර ගැලීමක් ඇතිවීම.

ඩෙංගු රක්තපාත හා වර්ධන අවධියේ අවදානම් ලක්ෂණ 

උදරයේ තද වේදනාව , අධික නිදිමත, රුධිර වහනය වීම, නොනවතින වමනය, නොසන්සුන්කම හා අප්‍රාණිකත්වය, පැය 6 කට වැඩි කාලයක් මුත්‍රාපිට නොවීම හෝ මුත්‍රා ප්‍රමාණය අඩුවීම 

ආයුර්වේදය අනුව 

ආයුර්වේදය අනුව ඩෙංගු රෝගය ආගන්තුක උණකි. ආගන්තුක රෝග කාරකයක් හේතුවෙන් ශරීරයේ තුන්දොස් (වාත, පිත, කඵ) අසමතුලිතතාවයට පත්වීම සිදුවේ. මේ හේතුව නිසා ශරීරයේ අභ්‍යන්තර පරිසරයේ සමතුලිත බව බිඳී යන අතර එම හේතුවෙන් අපහසුතා ඇති කෙරේ. ඒවා රෝග ලක්ෂණ ලෙස ඇතිවේ. 

රෝග ලක්ෂණ 

අස්ථිවේදනාව, ඇඟපත ශරීර වේදනාව, වමනය, කැරකිල්ල. පිපාසය, කඳුළු ගැලීම, හිසරදය, නිවැරදි සිහිය අඩුවීම, රක්තය අඩුවීම, මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන රෝගියකු සඳහා ආයුර්වේද ප්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුය. මේ අනුව ප්‍රතිකාරය පියවර කීපයක් යටතේ සිදුකළ හැකිය. රෝගියා අවදානමෙන් යුතුව රැකබලා ගැනීම හා නිරීක්ෂණය කිරීම අවශ්‍ය විශේෂ පරික්ෂා සිදු කිරීම. ඖෂධ ප්‍රතිකාරයේදීම, ත්‍රිදෝෂ සමානත්වයට ගෙන ඒම. (ශරීර තරල ප්‍රමාණය පාලනය)

මෙහිදී රෝගියා වෛද්‍යවරයකුගේ හෝ පුහුණු උපස්ථායකයකුගේ පූර්ණ අවධානය යටතේ රැකබලා ගත යුතු අතර ඉහත පියවරයන් අවශ්‍ය අවස්ථාවන්හිදී ක්‍රියාවට නැංවිය යුතුවේ. ශරීරයේ දෝෂ සමතුලිතතාවය ඇතිකර ශරීර අභ්‍යන්තර පරිසරය නිසි අයුරින් පවත්වාගෙන යාම ආයුර්වේද, ප්‍රතිකාරයේ ප්‍රධාන අරමුණවේ. 

ශරීරයේ රුධිර සංඝටක ( රුධිර පට්ටිකා) වල සිදුවන වෙනස්වීම නිවැරදි කිරීම සඳහා බාර්ලි කොළ, තැම්බුම් වතුර. පැපොල කොළ ඉස්ම දිය යුතුය. ඩෙංගු උණ තත්වය සමනය සඳහා මදුරුතලා කොළ, උළුහාල් තැම්බූ වතුර පානයට දිය යුතුය. දොඩම් යුෂ මගින් දෝෂ සමනය කළ හැකිය. රෝගයේ මුල්අවධියේදී නිවසේ තබාගෙන ප්‍රතිකාර කළ හැකිය. එහිදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම හොඳින් විවේක ගැනීම,විජලනය වළක්වා ගැනීම, ශරීර ශක්තිය වර්ධනය කරන ආහාර ලබා දිය යුතුය. 

රෝහල් ගත කළ යුතු අවදානම් පුද්ගලයින්, ගර්භනී මව්වරු, අවුරුදු එකට අඩු දරුවන්, ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් අධික බර සහිත රෝගීන් කාලීනව දුර්වලවූ රෝගීන් වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.