නොනැවැත්විය යුතු පිබිදීම

ජුනි 26, 2020

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනාදිමත් කාලයක සිට දේශීය චිකිත්සා ක්‍රමයක් පවත්වා ගෙන ආ බවත්. භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අභාසය නිසා.එය තවදුරටත්  දියුණු වූ බවත් කිව හැකිය. 

වරින් වර ශ්‍රී ලංකාවට පැමිණි භාරතීය බ්‍රාහ්මණ පඬිවරුන් සංස්කෘත භාෂාව මෙන්ම එම භාෂාවෙන් රචනා කළ ග්‍රන්ථ වල ඇතුළත් දැනුම් සම්භාරය ශ්‍රී ලාංකිකයින්ට ලබාදුන් බව පෙනේ. පණ්ඩුකාභය රජතුමාට ශිල්ප ඉගැන්වූයේ ද රුහුණේ වාසය කළ පණ්ඩුල බ්‍රාහ්මණයා විසින් බව මහා වංශයේ සඳහන් වේ. ඔහු සියලු වෙද ශාස්ත්‍රයන්හි පරතෙරටගිය මහා පඬිවරයෙකු ලෙස සැලකේ. ඔහු පිළිබඳ මහා වංශයේ මෙසේ සඳහන් කර තිබේ.

“පණ්ඩුල බ්‍රාහ්මණෝ නාම භොගවා වෙද පාරගො

දක්ඛිණස්මිං දිසාභාගෙ වසි පණ්ඩල ගාමකෙ”

පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය කාලයේ දී ශ්‍රී ලංකාව ඉතා දියුණු රාජ්‍යයක් බවට පත්වී තිබුණු ආකාරයත්. අනුරාධපුර නගරයේ නූතන විශාල නගරයක මෙන් සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු පවත්වා ගෙන ගිය බවත් මහාවංශයේ සඳහන් වේ. චණ්ඩාල කුලයට අයත් සේවකයන් දහස් ගණනක් නගරයේ කසළ බැහැර කිරීම සඳහා යොදවා තිබූ බවත් සඳහන් වේ. මෙතරම් ක්‍රමානුකූල සෞඛ්‍ය සේවා පවත්වාගෙන ගිය යුගයක ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ද දියුණු තත්වයක පැවති බව  සිතිය හැකිය.

මෙලෙස  දියුණු තත්වයක පැවති වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂී වූ චිකිත්සා / ප්‍රතිකාර ක්‍රම වේදයන් අන්තර්ගත වී තිබීම නොකිව මනාය. වර්තමාන ලෝකයේ සෑම රටකයම මුහුණ පෑමට සිදු වී ඇති භයානක/ විනාශකාරී කොවිඩ් 19 වෛරසයට. විශේෂයෙන් ජනතාව ප්‍රතිචාර දැක්වූ ආකාරය තුළ ආයුර්වේද ඖෂධ හා ප්‍රතිකාර පිළිබඳ ඔවුන් දක්වන විශ්වාසය  ඉහළ  අගයක් ගත් බව සාක්ෂාත් විය. ඒ අනුව බලන කල මෙය අනෙක් රෝග පීඩා සඳහාඳ ආයුර්වේද වෙදකමේ අනන්‍යතාව සමඟ ජනතාව අතරට ගෙන යෑමට ඉතා හොඳ කාලවකවානුවක්  වනු ඇත.  මේ කොරෝනා වසංගතය සඳහා පමණක් නොව අනිකුත් වෛරස් ආසාදන සඳහා ද නිවැරදි. නිශ්චිත ඖෂධයක් බටහිර වෙදකමේ සොයාගෙන නොමැති කමින් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය හා දේශීය වෙදකමට සම්බන්ධ විද්වතුන් මේ අවස්ථාවේදී සන්ධාන ගතවීමට පෙරමඟ ගත යුතුය. විදවත් මණ්ඩලය රජය සමඟ සම්බන්ධ වී බටහිර වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ මධ්‍යස්ථ මතදාරී විද්වතුන් සමඟ සහයෝගීව කටයුතු  කර මෙම අවධානම් තත්ව දෙස පවත්නා බටහිර වෛද්‍ය අධිකාරීත්වය පසකලා මානුෂීය මට්ටමින් පෙළ ගැසෙන්නේ නම් එය කාහටත් යහපත් වනු ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙම වසංගතය රෝගය සඳහා කුමන මට්ටමේ චිකිත්සා පද්ධතියක් යොදා ගනු ලබන්නේ ද එය පොදුවේ සියලුම ඇසට නොපෙනෙන ජීවීන් සඳහා වන (ක්ෂුද්‍ර ජීවීන් වන බැක්ටිරියා. වෛරස්) ප්‍රතිකර්ම හා උපචාර විධි සමාන වේ.

ජනපද උද්වංශය ලෙස මනුෂ්‍යා ජනපද ලෙස විශාල වශයෙන් විනාශයට පත්වීම පිළිබඳව ආයුර්වේද වෛද්‍ය ශ්‍රාස්ත්‍රයේ දක්වා ඇත. අද වන විට ලොව පුරා පැතිරී යන්නේ ද එවැනිම තත්ත්වයක් බව පිළිගත හැකි සාක්ෂියකි.

ඇසට නොපෙනෙන මෙම ජීවී කොට්ඨාශය පිළිබඳ ආයුර්වේද ග්‍රන්ථ වල ක්‍රිමි රෝග ලෙස සැලකිල්ලට ගෙන කරුණු විග්‍රහ කර ඇත.  (සුග්‍රැත සංගිතා උත්තර තන්ත්‍රයේ 54 අධ්‍යායයේ 18-19) එසේම ආයුර්වේදයේ බෝවන රෝග ලෙස හඳුන්වන සංක්‍රාමික රෝග යටතේ පැපොල. සරම්ප.හර්පීස් සොස්ටර්. කම්මුල්ගාය යන ආසාදිත රෝග යටතටම මෙම කොරෝනා වෛරස් රෝගය ද අයත් වේ. මෙම බෝවන රෝග වලදී විශේෂයෙන් පැපොල සරම්ප පිත් දෝෂය සම්බන්ධව ශරීරයේ රෝග ලක්ෂණ පහළ කරන අතර. කොරෝනා රෝගය කළු දෝෂය සම්බන්ධව ලක්ෂණ පහළ කරනු ලබයි.

 

 වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.