ඔබත් ඇදුම, හතිය හා කැස්සෙන් පීඩා විඳිනවාද? මෙන්න ප්‍රතිකාර 

ඇදුම යනු කුමක්ද? 
ජූලි 3, 2020

ඇදුම යනු ශ්වසන පද්ධතියේ හටගන්නා අසාත්මිකතාවයේ උපරිම අවස්ථාවකි. අපථ්‍ය ආහාර, විෂ දුම හෝ පෙනහළුවලට දරාගැනීමට නොහැකි වායුවක් ආඝ්‍රාණය කිරීමට සිදුවීමෙන් ඒවාට අසාත්මික රෝගියාගේ ස්වාසනාලය සහ පෙනහළුවල තිබෙන සියුම් නාළ ඉදිමී අවහිර වන්නට පටන් ගනී. 

ඇදුම හෝ හතිය තිබෙන කෙනකු මුලින්ම කළ යුත්තේ තමන්ට පථ්‍යය ආහාර හඳුනා ගැනීමයි. එමෙන්ම ඇදුම හතිය තිබෙන කෙනකු උණුවතුර ස්නානය නොකළ යුතු අතර සැම විටම ඇල්වතුර ස්නානය කළ යුතුයි. 

ඇදුම නිසා දිනෙන් දින පීඩාවට පත්වන සංඛ්‍යාව වැඩිවෙමින් පවතින තත්ත්වයක් දක්නට තිබේ. එසේ වීමට ප්‍රධාන හේතුව දෝෂ සහිත සෙම යි. එය මූලික කොටගෙන වාතය එය පෙනහළු කරා පැතිර යාමෙන් ඇදුම තත්ත්වයට පත්වේ. 

ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ දුෂ්කරතා. වියළි කැස්ස , හතිය සමඟ හුස්ම පිටකරන විට නළා ශබ්දයක් හටගැනීම, දෑලවර තද ගතියක් ඇතිවීම පපුව හිර කිරීම සහ වේදනාව ගෙන දීම, බඩ පුරවා දැමීම, රාත්‍රි කාලයේ නොකඩවා කැස්ස හට ගැනීම, ශරීරය තුළ සෙම් සොටු නිෂ්පාදනය වැඩිවීම, සෙම්ප්‍රතිශ්‍යාව හටගත් විට නිතර කිවිසුම් යාම, නාසය හිරවීම, ඇස් යට කළු පැහැ ගැනීම, හිසේ වේදනාව, නිතර නිතර දහදිය දැමීම, කන් අගුල් වැටී ඇති බව දැනීම ආදිය ඇදුම රෝග ලක්ෂණ වශයෙන් දැක්විය හැකි ය. 

මෙම රෝග ලක්ෂණ ඉතා සෙමින් සිදුවිය හැකියි. රෝගය උත්සන්න වන විට හෘදයේ ක්‍රියාකාරිත්වය අධික වීමත්, හුස්ම පිට කිරීමේ අපහසුවත් ඇති කරවයි. 

ඇදුම රෝගයේදී පපුව හිර කරන තත්ත්වයක් ඇතිවීම වේදනාකාරියි. හුස්ම ගැනීම අපහසු වන විට හතිය මතු කරවයි. මේ අවස්ථාවේදී රෝගියා සුදුමැලි තත්ත්වයක් පෙන්නුම් කරයි. 

නොගැළපෙන ආහාර ගැනීම, මල් රේණු ආඝ්‍රාණය කිරීම, විවිධ මානසික හේතුන්, අධික තරබාරුකම, සෙම්ප්‍රතිශ්‍යාව දිගින් දිගටම පැවතීම නොසලකා හැර අනිසි වේලාවන්වලදී ස්නානය කිරිම, එළකිරි . මී කිරි. බිත්තර,අල, ඌරුමස් ඇතුළු මස්වර්ග හෝ මස්වලින් සැකසූ වෙනත් ආහාර ගැනීම, ඉස්සන්, පොකිරිස්සන් නිතර අනුභව කිරීම, දූවිලි සහ දුම් නිතර ආඝ්‍රාණය , අධික වෙහෙස, සිසිල්වූ වාතයට නිතර ලක්වීම, දුම් පානය, කුෂ්ට ආදී රෝගවලට , නිසි ප්‍රතිකාර නොකිරීම අධික කාම සේවනය, බළලුන් , බල්ලන්, ලේනුන් වැනි සතුන් නිතර නිතර සුරතල් කිරීම හා එම සතුන් ඇසුරු කිරීම ඇදුම රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු වශයෙන් සඳහන් කළ හැකි ය. 

මෙහිදී ශීතකළ බීම, අයිස්ක්‍රීම් , සහ තල,උඳු,කෙකටිය. නෙළුම් ආදී ජලාශි‍්‍රත අල වර්ග, ආහාරයට ගැනීම අගුණයි. එවගේම , බලමාළු , බල කරවල, ඉස්සන්, ආහාරයට ගැනීම නුසුදුසු වන අතර ලබු, නිවිති, බණ්ඩක්කා, පුහුල්, තක්කාලි වැනි එළවළු වර්ගද ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. තවද පාන්, බනිස්, රොටී වැනි පිටි ආශි‍්‍රත ආහාර අයෝග්‍යයි. 

නිවුඩු හාලේ බත්, කුරක්කන් රොටී, එළකිරි , තළන බටු,මුකුණුවැන්න , ගොටුකොළ , කොහිල අල ගුණදායකයි. සුවඳැල් කෙසෙල්, සීනි කෙසෙල්, දෙළුම්, හීන් නරාං, දොඩම් මිදි නෙල්ලි වැනි ආහාර පාන ඇදුම රෝගීන් සඳහා සුදුසුයි. මෙම ආහාර ඇදුම රෝගයට සුදුසු වුවද වෙනත් රෝග ඇත්නම් ඒ ගැන ද අවධානය යොමු කර වෛද්‍ය උපදෙස් අනුව ආහාර තෝරා බේරා ගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. 

ඇදුම රෝගයෙන් මිදීම සඳහා ප්‍රථමයෙන්ම ස්වකීය මානසිකත්වය සංසුන් කර ගැනීම අවශ්‍යයි. විවිධ මානසික ගැටලු ඇත්නම් ප්‍රථමයෙන්ම ඒවා ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බව සැලකිය යුතුයි. 

ඇදුමට අත්බෙහෙත් ප්‍රතිකාර 

ඇදුම හා හතියට හොඳම ප්‍රතිකාර තිබෙන්නේ පාරම්පරික දේශීය ආයුර්වේදය තුළයි. දේශීය වෛද්‍ය ක්‍රමය සතු ශාකසාර ඖෂධවලින් අක්මාවට හා වකුගඩුවලට සිදුවන බලපෑම අවම වීම ඊට හේතුවයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.