අසහනකාරී සමේ රෝග

ජූලි 10, 2020

සමෙන් ඉටුවන කාර්යයන්

සමෙන් ඉටුවන කාර්යයන් ලෙස සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්ෂා කිරීම, සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීම, සිරුරේ උණුසුම නියත මට්ටමක තබාගැනීමට දායක වීම, ශරීරයට එකතුවූ විස අපද්‍රව්‍ය බහිස්‍රාවී ක්‍රියාව මගින් බැහැර කිරීම ඉටුවන කාර්යයන් වේ. නමුත් විවිධ හේතුන් මත පැනනැගෙන ගැටලුකාරි තත්ත්වයන් ගණනාවකින් සම රෝගවලට ගොදුරු වේ. එය ශරීරයට බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවි ආසාදනයන් විය හැකිය. එවැනි බෝවන රෝග ස්පර්ශයෙන්, ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසුදුකමින් සම්පේ‍්‍රෂණය වේ. ක්ෂුද්‍ර ජීවින්ට පහසුවෙන් වැඩීමට අවශ්‍ය පරිසර (උෂ්ණත්වය හා තෙතමනය) එම පුද්ගලයන්ගේ කායික අභ්‍යන්තර හේතුන් මගින් ඇතිවේ. එවැනි අවස්ථාවලදී පිටතින් පැමිණෙන විෂබීජයන්ගේ ආසාදනයන් විකර්ෂණය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහළ ප්‍රතිශක්තීන් ගොඩනගා ගැනීමට ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඉහළ තැනක පවතී.

ක්ෂුද්‍ර ජීවි ආසාදනයන්ගෙන් තොරව ස්වභාවික තත්ත්වයට හානි පමුණුවමින් හටගන්නා විවිධ සමේ රෝග ස්ථිරවම සුව කරගත හැකි ක්‍රමයන් අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෙරමුණ ගෙන ඇත. බෝ නොවන සමේ රෝග ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ හේතුන් නිසා රක්තය දූෂණයට ලක්වීමයි.

රක්තය දූෂණය වන හේතු

උපතේ සිටම පුද්ගලයකුට උරුම වන “වා” ,”පිත්”, “සෙම්” දෝෂයන් අතරින් පිත් දෝෂය අධික වූ උෂ්ණාධික ශරීරයක් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර එවිට “වා සෙම්” දෝෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී ලක්ෂණ මතුවේ.

ආහාර විහරණයන්

පරිභෝජනය කරන ආහාරවල ඇති ආම්ලික ප්‍රභවයන් බිලිං , ගොරකා , සියඹලා ,තක්කාලි. අන්නාසි ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්කෝබික් ඇසිඩ්, සිට්රික් ඇසිඩ් බහුලත්වය) හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර( දෙල්,ඉස්සො, දැල්ලො, බලමාළු, කකුළුවො, කිරි අල) කෙලින්ම රක්ත දෝෂ ඇති කරයි. මීට අමතරව රාත්‍රි නිදි වැරීම, දහවල නිදාගැනීම තද අව්වේ ගමන් බිමන් යෑම, විරුද්ධ ආහාර භෝජනය, මත්පැන් භාවිතය ආදී අහිතකර ක්‍රියාවන් නිසා රක්ත දෝෂ හටගනී.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

උපදෙස්
ආයුර්වේද වෛද්‍ය,
රන්පත රුවන් රත්නායක
පෑලියගොඩ වෙද මැදුර

සටහන
ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.