එදා තහංචිය අද නිරෝධායනය ඇතුළු රෝග නිවාරණ ආචාර ධර්ම

ජූලි 24, 2020

රෝග හා සම්බන්ධ වූ තහංචි රාශියක් එදා සිරිලක පුරා පැවතියේ තම ගමේ හා අවට ගම්වලත් අය එම රෝග තත්ත්වයන්ගෙන් බේරා ගැනීම සඳහාමය.  

මෙය ඉතාමත් මානුෂික ගරුකරවූ කි‍්‍රයාවලියක් වනුයේ ඒ තුළ වූ අපේකම රැක ගැනීමෙන් ආරක්ෂාකර  ගැනීමත් , විශේෂයෙන් තමා පමණක් නොව තම ගමේ අනෙක් සියල්ලම රැක ගැනීම එදා පරපුරේ විශේෂයක් වනුයේ එදා තිබූ නිර්ව්‍යාජ වූ ගැමිකම නිසාමය.  විශේෂයෙන්ම බෝවන රෝග හඳුනා එම කි‍්‍රයාවලිය මුළු ගමේම ප්‍රචලිත කිරීම සඳහා විශේෂයෙන් කඩුලු තහංචිය කරනු ලබයි. ඒ දින 14 ක් සඳහාමය.  එම රෝගියා රෝග සුවයෙන් පසු නැවත දින 07 ක් ස්නානය කොට දින 14 ක් පසු වූ විට පමණක් ගමේ අයට එම පවුල හා ආශ්‍රය නැවත ආරම්භ කරනුයේ වරිග සභාවේ කෙනෙකු විශේෂයෙන් වෙද මහත්මයා දැනුවත් කොට ගැනීමෙන් පසුවය.  රෝගී නිවසෙන්ම තම පවුලට තහංචි පනවා ගැනීමෙනි.  මේ වගකීමෙන් යුතුකමින් බැහැර නොයාමට ඔවුනගේ වගකීම මනාව ඉටුකරනුයේ තම ආරක්ෂාවත් ගම ආරක්ෂා කොට ගැනීමත්ය. 

විශේෂයෙන් එම අවස්ථාවල රෝගී නිවසේ අය විශේෂයෙන් බුදුන් හා දෙවියන්ට බාරහාර සිදු කරනුයේ පඬුරු බැඳගැනීමෙන් අනතුරුවය. 

කාසියක් ගෙන එය කහ දියරෙන් පිරිසිදු කොට සුදු පිරිසිදු රෙදි කඩක්ගෙන රෝග තත්ත්වය සුවකරදෙන ලෙසත් එම රෝග තත්ත්වය සුවවීමෙන් පසු අදාළ බාරය ඔප්පු කිරීම ඔවුන්ගේ සිරිතක් වුණා.

විශේෂයෙන් බෝවන රෝග විෂයෙහි සරම්ප, පැපොල , කම්මුල්ගාය හා කක්කල්කැස්ස වැනි රෝග තත්ත්වයන් සෑදුන කල්හි මුලින්ම රෝගියා වෙන්කොට තබා ගමට දැන්වීම මුලින්ම කරන අතර, මේ සඳහා කඩුල්ලේ මෙන්ම නිවස ඉදිරිපිට කොහොඹ කොළ එල්ලා තැබීම කරනු ලබයි.  තවද ගොක් රැහැන් ඇදීමද කලා.  එසේම නිවසේ කහ දියර ඉසීම , නිරෝගි අයගේ අත්වල වදකහ , පෙරුම්කායම් බැඳීම මෙන්ම මදුරුතලා , කොහොඹ කොළ , කහ ආදි ඖෂධ ද්‍රව්‍ය වියලා චූර්ණකොට දුම්ඇල්ලීම කරනු ලබයි.  තවද කිරිඅම්මාවරුනට බාරහාරවීමද කරනු ලබයි.  තවද විශේෂයෙන් පිලිහුඬු ආහාරයන්ගෙන් වැලකී එම දින 14 ගත කිරිම ද සිරිතකි.  විශේෂයෙන් ළදුන් උදෙසා කරන බෝධිපූජා ආදිය ද පැවැත්වීම ද සිරිතකි.

එදා දින 14 ක් පැවති රෝගියා තනිකොට වෙද මහතාට ගමට දැන්වීම මඟින් කළා වූ විධි ක්‍රමය බොහෝ සාර්ථක විය.  එමඟින් තමන්ම ආරක්ෂාවීමත්, රෝග බෝවීම වැලකීයාමත් සිදුවිය.

මේ කොරෝනා කාලයේ මෙය නිරෝධායනය කිරීම හා සැසඳීය හැක.  නමුත් එදාත් අදත් වෙනසක් පවතී නම් ගැමියා තම ගම රට ආරක්ෂා කිරීමට ස්ව කැමැත්තෙන්ම එයට යොමුවීමත් නූතනයෙහි බලෙන්ම යොමුකරවීම කළයුතු වන නිසාමය.  අප අවංකවීම හා කළගුණ දත් පරපුරක අයවීම සම්බන්ධව බොහෝ කරණු ප්‍රකට වේ.  එබැවින් රෝග නිවාරණ ආචාරධර්ම පද්ධතියක් ලෙස මෙය අප වගකීමෙන් , වැටහීමෙන් කොට අප රට බේරාගත යුතු වීම වැදගත් වේ. එබැවින් මේ වගකීම බැහැර කළ යුතු නොවේ.  තම යුතුකම රට රැක අනාගත පරපුර බේරා ගැනීමය.  එබැවින් අප සියල්ල රට දැය වෙනුවෙන් වෙහෙසෙනා අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, ති‍්‍රවිධ හමුදාව, පොලිසිය , වෛද්‍ය  කාර්ය මණ්ඩලය ඇතුළු මේ කොරෝනා වසංගතයෙන් අපව ආරක්ෂා කරගැනීමට වෙරදරන සියලුදෙනාට අපගේ පූර්ණ සහයෝගය ලබාදී කටයුතු කර අපගේ යුතුකම ඉටුකරමු. එසේම ආයුර්වේදයේ රෝග සඳහා වන අපථ්‍ය දේවල් ද මේ තහංචි ගණයේ ගත හැක.  විශේෂයෙන් ආහාර තහංචි, විහරණ තහංචි රාශියක් (අපථ්‍ය ) ලෙස අප ආයුර්වේදයේ දක්වා ඇත.  රෝගයට අහිත කර වන සෑම දෙයක්ම අපථ්‍ය  සේම අහිතකර සේවනය වනවා එම රෝගයන් බෝ නොවී සිටීමට හිතකර සේවනයේ අවශ්‍යමතාවය ද ආයුර්වේදයේ මනාව දක්වා ඇත.  එසේම මෙම රෝගයන් නොසැදී සිටීමට වන්නා වූ හොඳපුරුදු බොහෝ කොට මෙම ආචාර ධර්මයන්ට අයත් වේ.  

රෝගයන්ට හා රෝගීන්ට හිත අහිත දේ සම්බන්ධව මනාව පැහැදිලි කරදී  තමාගේ වයස, පවතිනා රෝගී භාවය , ස්තී‍්‍ර පුරුෂභාවය , සෘතුභේදය,  මානසික තත්ත්වය, කායික තත්ත්වය හා බර සම්බන්ධව ද සියලු කටයුතු මැන බලයි.  සෑම රෝගයකටම එමඟින් ආයුර්වේදයේ පථ්‍යාපථ්‍ය දක්වා තිබීම ද විශේෂයකි.  

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.