ආයුර්වේදයේ දී පිටින් යොදන ඖෂධ ක්‍රම

බාහිර ප්‍රයෝග සංස්කරණය
ජූලි 31, 2020

ශරීරයට පිටතින් යොදන ඖෂධ සකස් කරන ආකාරය බාහිර ප්‍රයෝග සංස්කරණය වශයෙන් අදහස් කෙරේ. ශරීරයට බාහිරව ඖෂධ යොදන අවස්ථා කීපයක් මෙහි දැක්වෙන අතර ඒවා නම් තැලීම්, කුෂ්ඨ රෝග, ඉදිමුම්, ඉස්හොරි, ඉන්නන්, අළුහම්, සම තුවාලවීම් සහ කැඩුම් බිඳුම් රෝගවලදී බාහිරව යොදන ඖෂධ සකස්කර ගන්නා අන්දම අපි අද විමසා බලමු. 

පත්තු, මැල්ලුම්, පොට්ටනි, තෙල්, වාෂ්ප, ආලේප සමාජයේ සුලබව දක්නට ලැබෙන රෝග අවස්ථා කීපයක් සඳහා බාහිරව යෙදෙන ප්‍රතිකාර වේ. 

බාහිර ප්‍රයෝග සකස් කරන ක්‍රම 

මැල්ලුම 

කෘමීන් හානි නොකරන ලද දළඹුවන් ආදී සතුන්ගෙන් තොර වූ ළපටි පත්‍ර වර්ගයක් ගෙන අමු කහ සහ ලුණු හෝ වෙනත් යෝජිත ඖෂධ ද්‍රව්‍යයක් සමග ගල් වංගෙඩියක හෝ ලී වංගෙඩියක දමා සිහින් වන සේ කොටා මැටි වළඳක් ලිපක තබා මද ගින්නේ මදක් මලවා ගන්න. මෙහිදී වංගෙඩිය හා මෝල්ගහ පිරිසසුදු කරගත යුතු ය. සෙවල සහිත හෝ ඇලෙන සුළු පත්‍ර හෝ පොතු වර්ග කොටන විට ඒවා වෙන වෙනම කොටාගත යුතු ය. 

පොට්ට නි 

වෛද්‍යවරයකු නියම කරන ලද ඖෂධ වර්ග සිහින්ව කපා ඒවා වංගෙඩියක දමා කොටා තරමක් රළු රෙදි කෑල්ලකට දමා දොඩම් ගෙඩියක ප්‍රමාණයට පොට්ටනි බැඳගත යුතු ය. පිරිසුදු මුට්ටියක් ගෙනකට වැසෙන ලෙස රෙදි කඩක් බැඳ ඇතුළට ජලය අඩක් දමා සකස් කළ පොට්ටනි කඩ පිම්මේ තම්බාගත යුතු ය. පාවිච්චි කිරීමට පෙර ඒවායේ උෂ්ණත්වය තමන්ගේ පිටි අත්ලේ තබා පරීක්ෂා කළ යුතු ය. 

පත්තු ආලේප 

නියමිත ඖෂධ වර්ග පිරිසුදු බෙහෙත් ගලක දමා වෛද්‍ය උපදෙස් අනුව නියමිත ද්‍රව වර්ගයකින් නියමිත පදමට අඹරා ගත යුතු ය. 

පත්තු, ආලේප 

පොට්ටනි 

වාත වේදනා  

නිකකොළ, පාවට්ටා කොළ, සුදුලූනු සමවගෙන කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තවන්න.

තැල්මට - සුවඳ කොට්ටං, දොඹ ඇට, එඬරු ඇට, වද කහ, කොට්ට පොල්, පෙරුම් කායම්, මේවා සමව ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවන්න. 

තෛල 

සන්ධි වේදනාවලට - ප්‍රසාරිනී කොළ, තල තෙල් සමඟ සිඳ ගන්නා ලද තෙල් ගාන්න. 

වාෂ්ප ඇල්ලීම 

වේදනාවට - පාවට්ටා කොළ, බේත් එඬරු කොළ, නික කොළ, බෙලි කොළ, මේවා සම ප්‍රමාණ ගෙන මැටි භාජනයක දමා අඩක් පමණ ජලය දමා තම්බා එයින් පිටවන වාෂ්පය රෝගියාගේ ශරීරයේ වේදනාව ඇති ස්ථානවල බැඳීම සැලැස්වීම. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.