සූර්යාවර්ථ හෙවත් ඉරුවාරදය

ජූලි 31, 2020

සූර්යයාට බඳු ආවරණයක් හෙවත් භ්‍රමණයක් ඇති රෝගය සූර්යාවර්ථ නම් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉරුවාරදය නම් වන මෙය වාත, පිත්ත, කඵ යන තුන්දොස් කෝපයෙන් ඇති වන්නක් ලෙස සුශ්‍රැත පඬිවරයා දක්වා ඇත. 

මෙම රෝගයේදී සූර්යයා උදාවන විට ඇස්බැම, නළල දෙපස යන ස්ථානවල වේදනාව හටගෙන නැවත ක්‍රමයෙන් හිරු බැසයන විට මෙම වේදනාවන් අඩු වී යයි. සූර්යය තාපය වැඩිවන තරමට ක්‍රමයෙන් මෙම රෝගයේ වේදනාව රෝගියාට දැනීම දැඩි වේ. 

දිවා කල උෂ්ණය වැඩිවීමෙන් පිත වැඩිවීම මඟින් රෝගියා පීඬාවිඳීම වැඩි වේ. සන්ධ්‍යාවේ දී සෞම්‍ය ගුණය ඉස්මතු වෙන බැවින් උෂ්ණය අඩුවීම හේතුවෙන් වේදනාව මුළුමනින්ම පාහේ අඩුවී යාමට ද පුළුවන. සූර්ය තාපය අඩුවන තරමට වේදනාව අඩුවීම සිදුවේ. මෙම රෝගයට ප්‍රබලව පිත්ත දෝෂය බලපාන බැවින් ශීතල ක්‍රියා කිරීම මඟින් යම් සමනයක් අපට ලබාගත හැකි ය. එම නිසාම මෙම රෝගීන් වැඩිමනක් ලෙස සීතල දෑට පි‍්‍රය කරයි. ඇතැම් විට කලාතුරකින් රෝගීන් මීට විපරීත ලක්ෂණවලින් යුක්ත වූ විට උෂ්ණ ක්‍රියා මඟින් රෝගය සන්සිඳෙන අවස්ථා ද දැකිය හැකි අතර එය මනාසේ ග්‍රහණය කර ගැනීමට තරම් වෛද්‍යවරයා සූක්ෂම විය යුතු ය. ප්‍රධානව ඉරුවාරදයේ හේතු ලෙස 

මල මුත්‍රවේග ධාරණය, ප්‍රතිශ්‍යාව වැගිරීම, වැළැක්වීම, දූෂිත ආහාර නිතර පරිභෝජනය, අජීර්ණ තත්ත්වයන් නිතර ඇතිවීම, ශීත ආහාර පාන නිතර නිතර භාවිතයට ගැනීම, රාත්‍රී ස්නානය, අධිකව නිදිවැරීම, දහවල නින්ද, පිනි බෑම, නිතර සීතල සුළංවලට නිරාවරණය වීම ආදිය දැක්විය හැක. 

මෙම දැක්වූ විවිධ හේතූන් නිසා දූෂිත වූ රක්තය හා වාතය එකතුවී අපගේ හිසේ උඩ ප්‍රදේශයේ ක්‍රියා කොට අතිශය ලෙස අපගේ මස්තිෂ්ක පෙදෙස දූෂිතභාවයට පත් කිරීම සිදු කරයි. මෙලෙස කැටිවන මෙම දූෂිත රක්තය හා වාතය හේතු කොටගෙන සූර්යාගේ වර්තමාන අවස්ථාවන්හි නිකුත් වන තාපය හමුවේ, ද්‍රවත්වයට පැමිණ හිසේ වේදනාවන් ගෙන දීමත් එය සූර්ය තාපයෙ උච්චාවචන හේතුවෙන් තාපය අඩුවීම වේදනාව සන්සිඳීයාමත් සිදුවන බව පුරාතනයේ සඳහන් වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.