මානසික සුවයට හෙළ වෙද පිළියම්

ජූලි 31, 2020

උඳුගොව්වා කනවාට අත්බෙහෙතක් - 

ගැටලුව - මම වයස 27 ක තරුණයෙක්මි. මා හට ඇති ගැටලුව මගේ හිසේ පිටුපස රවුමක් ආකාරයට කෙස් ගැලවී යාමයි. මෙය උඳුගොව්වන් කෑම ලෙස වැඩිහිටියන් පවසයි. මෙය සුවකරගැනීම සඳහා සුදුසු ප්‍රතිකාරයක් කරුණාකර ලබාදෙන්න. 

පිළිතුර - ඔබගේ ගැටලුව පැහැදිලිය. ඒ සඳහා ඔබ බෙහෙතක් පවසන ලෙස ඉල්ලා ඇත. උඳුගොව්වන් කෑම කාගේ වුවත් එකම ලෙස සිදුවන බව සැබෑය. එහෙත් එක් එක් පුද්ගලයන්ගේ මානසික හා කායික තත්ත්වයන් එකිනෙකාට වෙනස් වේ. ඒ නිසා රෝගියා පරීක්ෂා නොකර ප්‍රතිකාරයක් හෙවත් බෙහෙතක් පැවසීමට හැකියාවක් නැත. කෙසේ වෙතත් රෝගියා, පරීක්ෂා නොකර පැවසිය හැකි බෙහෙත් ද ඇත. ඒවාට අත්බෙහෙත් යැයි කියයි. 

සන්නිනායම් ඇට කබලේ බැද කුඩුකර සර්වවිෂාදි තෙලින් අඹරා උඳුගොව්වා කෑ තැන ගාන්න. මෙය අත්බෙහෙතකි. සතියක් පමණ මෙය භාවිතා කර ගුණ නොලැබේ නම් ආයුර්වේද වෛද්‍යවරයෙකු මුණ ගැසී රෝග පරීක්ෂාවක් කරගෙන සුදුසු ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් උඳුගොව්වා කෑම සුවකරගත හැකි ය. 

ශරීර ශක්තිය දුර්වල වෙලා මෙය හිතට වදයක් 

ගැටලුව - මාගේ වයස අවුරුදු 62 කි. මා රජයේ රැකියාවක් කර මෙයට වසර 2 කට පෙර විශ්‍රාම ගියෙමි. මීට මසකට පෙර වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීය. මා හට කිසිදු රෝගාබාධයක් නොමැති බව වෛද්‍යවරයා පැවසීය. එහෙත් මා හට ඇති ගැටලුවනම් මාගේ ශරීර ශක්තිය දුර්වලවීම හා අධික තෙහෙට්ටුවක් දැනීමය. නින්ද යාමද අඩු වී ඇත. වෙනදාට වඩා අධිකව කේන්තියාමක්ද පවතී. වෛද්‍යතුමනි මා කුමක් කළ යුතු දැයි පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 

පිළිතුර - ලිපියේ සඳහන් තොරතුරුවලට අනුව ඔබ කිසියම් මානසික ආතතියකට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. විශ්‍රාමයාමට පෙර විශ්‍රාම ගිය පසු ජීවිතය ගත කරන ආකාරය පිළිබඳව පැහැදිලි සැලැස්මක් සකස්කර නොගෙන විශ්‍රාම යන බොහෝ දෙනාට මෙම ආතතියට පත්වීම සිදුවේ. මෙය මානසික හෝ කායික රෝගයක් නොව මානසික ගැටලුවකි. මේ සඳහා මනෝවිද්‍යා උපදේශකවරයකුව මුණ ගැසෙන්න. 

කොන්දෙ කැක්කුම තියනවා එහෙත් කොන්දෙ කිසිම ආබාධයක් නැතිලු. 

ගැටලුව - මම වයස 45 කාන්තාවක්මි. මා හට වසර කීපයක සිට පිටකොන්දේ වේදනාවක් පවතී. වෛද්‍යවරුන් කීප දෙනෙක් විසින්ම මා පරීක්ෂා කළ අතර, ස්කෑන් පරීක්ෂාවක් හා එක්ස් කිරණ පරීක්ෂාවක් ද කර ඇත. වෛද්‍යවරු විසින් මා හට අසනීපයක් නැති බව පැවසුවද කොන්දේ වේදනාව අඩුවක් නොමැතිව පවතී. මේ සඳහා මා කුමක් කළ යුතු ද? 

පිළිතුර - මෙයද කිසියම් මානසික ගැටලුවක් නිසා ඇතුවන මනෝ කායික රෝගයකි. කායරූපික ආබාධ යන නමින් හඳුන්වන මෙම තත්ත්වයේ දී රෝග ලක්ෂණ ශරීරයේ පවතින අතර, රෝගය පවතින්නේ මනසේ ය. ඒ නිසා මෙයට කොතරම් කායික ප්‍රතිකාර කළත් ප්‍රතිඵලයක් අත් නොවේ. පුද්ගලයාගේ යටිහිතේ පවතින අමිහිරි අත්දැකීම් පසුකාලීනව කායික රෝග මෙන් මතුවෙයි. මෙම තත්ත්වයන්හි යථා ස්වභාවය අවබෝධ කරගැනීම තුළින් ද මනෝ විරේචනය වැනි ප්‍රතිකාරවලින්ද මෙම කාය රූපික ආබාධවලින් පහසුවෙන් අත් මිදිය හැකිය. ඒ සඳහා මනෝවිද්‍යා උපදේශනයකට යොමුවෙන්න. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.