චොක්ලට් අපි හිතනවාටත් වඩා ගුණයෙන් විශ්මිතයි

අගෝස්තු 7, 2020

කුඩා දරුවන්ගේ පටන් මහලු වියේ පසුවන අය දක්වා හැමෝම චොකලට්වලට දක්වන්නේ විශාල කැමැත්තකි. මේ කැමැත්ත අසීමාන්තිකයි කිව්වත් වරදක් නෑ. එතරමටම චොකලට් රසය ඉහළයි. 

අහඹු ලෙස ගැහැණු පිරිමි (ළමා,තරුණ, වැඩිහිටි) දහසක් තෝරාගෙන චොකලට් වලට දක්වන කැමැත්ත විමසා බැලුවහොත් ඉන් චොක්ලට්වලට ප්‍රියතාවය දක්වන්නන් 99% තරම් වන බවයි සමීක්ෂණ තොරතුරුවලින් වාර්තාවන්නේ. චොක්ලට්වල මේ රසයට ප්‍රබලව දායකත්වයක් ලබාදෙන්නේ කොකෝවා කියන එක අමතක කරන්නම බෑ. ඒ වගේම තමයි චොක්ලට්වල රසය මතුකරන කිරි සාරයේ තිබෙන රසවත් බවේ තියෙන ඉහළම අගයන් චොක්ලට් රසයට දක්වන දායකත්වයත් ඉතාම ඉහළයි.

පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණ කීපයකින් චොක්ලට්වල පවතින ගුණාත්මක වටිනාකම් පිළිබඳව හෙළිදරවුවක් ප්‍රකාශයට පත්කර තිබුණා. චොකලට් සතු ඉහළ කැලරි අගය (ශක්තිය) නිසාම බොහෝ වෛද්‍යවරු කුරුලෑවලට ගොදුරු වූ යෞවන යෞවනියන්ට චොක්ලට් භාවිතය

පැහැදිලි ලෙසම අඩුකරන්නට උපදෙස් දීම සාමාන්‍යයයි. එමෙන්ම ඊට එරෙහිව තිබෙන තවත් ප්‍රබලම චෝදනාවක් වන්නේ අධිරුධිර පීඩනය -ස්ථුලතාවය ආදී තත්ත්වයන්ට චොට්ලට් අනුභවය බෙහෙවින්ම අනතුරුදායක විය හැකි බවයි. එහෙත් ඕනෑම ආහාරයක් යම් යම් ශාරීරික තත්ත්වයන්ට හා රෝගවලට හොඳ හා නරක යන බලපෑම් දෙකම ඇති කළ හැකි බව මෙහිදී

අප අමතක කළ යුතු නෑ. ඒ නිසා චොක්ලට් පිළිබඳ සිදුකළ නවතම පර්යේෂණ ප්‍රතිඵල වලින් හෙළි වූ මේ යහපත් තොරතුරු ඔබටත් බෙහෙවින් වැදගත් විය හැකියි.

චොක්ලට් සහ රුධිර කොලෙස්ටරෝල්

චොක්ලට්වල අඩංගු ශාක ස්ටෙරෝල (Plant srerols) හා කොකෝවා ෆ්ලැවනොල් (Cocoa Flavanols) සතු විශ්මිත පෝෂණ ගුණාංග අනුව චොකලට් පෙති 3-4 ක් පමණ දිනපතා ආහාරයට ගැනීමෙන් රුධිරයේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් ((LDL)) පැහැදිලි ලෙස පහත හෙළීම සිදුවේ. මේ සඳහා දැනටමත් රුධිර කොලෙස්ටරෝල් ඉහළ අගයක ඇති අය මෙතෙක් හුරු වී තිබූ මේද බහුල ආහාරවේල්, මේද අඩු ආහාර වේල් බවට පත්කර ගන්නා අතරම දිනකට චොකලට් පෙති 3-4 ආහාරයට ගැනීම (එකවර නොවේ) තුළින් රුධිර කොලෙස්ටරෝල් තුළ ඇති අහිතකර කොලෙස්ටරෝල් ((LDL)) අගය පහත හෙළිය හැකියි. මේද බහුල පෙර පුරුදු ආහාර සිරිත් නවතා යහපත් ආහාර සුසිරිත්වලට යොමු නොවී චොක්ලට් අනුභව කිරීමෙන් මේ යහපත උදාකරගත නොහැකි බවත් ඔබ සිහිතබා ගත යුතුයි.

චොක්ලට් සහ හෘදයාබාධ

චොක්ලට් අනුභවයෙන් හෘදයාබාධ හටගැනීමේ අවදානම 35%කින් පමණ අඩු කරයි. මේ සඳහා ඔබ දෛනිකව චොක්ලට් අනුභව කළ යුත්තේ ඉතා සීමිතව (චොකලට් පෙති 2-3ක්) බව තරයේ මතක තබාගැනීම ඉතාම වැදගත්ය. මේදය අධික ආහාර වන හරක් මස්, ඌරු මස් හෝ පිට සම සහිත කුකුළු මස් අනුභවයෙන් නොමිදී චොක්ලට් හෘදයාබාධ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් ලෙස

වරදවා තේරුම් ගැනීමත් ඔබ නොකළ යුතුයි. විශේෂයෙන්ම හෘදයාබාධ හටගැනීම හා චොක්ලට් අතර, ඇති මෙම වාසිය වරදවා තේරුම්ගෙන මත්පැන් පානය කිරීමේදී චොකලට් යනු ඊට සුදුසුම කටගැස්මක් බව සිතීම මුලාවක් බවත් පසුගිය වසරේ අගෝස්තු මස ප්‍රංශයේ පැවැති ඡ්භපධනඥචද ඉධජඪඥබර ධට ජචපඤඪධතධඨර සමුළුවේදී ඉතා සෘජුවම සාකච්ඡාවට ලක්වුණා. හෘදයාබාධ

හටගැනීම සඳහා මත්පැන්, සිගරට්, ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය තරමට සමහරු දැඩිව ලොල් බවක් දක්වන කෝලා වර්ගයේ බීම වර්ග භාවිතාවන් මෙන්ම දිනපතා ශාරීරික ව්‍යායාමවල නොයෙදීමත් සෘජුවම හේතුවන බවත් මතක තබාගන්න. යහපත් ආහාර රටාවක් තුළ හැසිරෙමින් චොක්ලට් පෙති දෙක තුනකින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභය අත්කර ගැනීමට ඔබටත් බුද්ධිමත්ව කටයුතු කළහැකියි.

චොක්ලට් සහ ස්මරණ ශක්තිය

දිනකට දෙවරක් චොක්ලට් දියර පානය කිරීමෙන් වැඩිහිටි හා වියපත් අයගේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. අමතකවීම් මඟ හරවා ගැනීමට චොක්ලට් මහඟු ඔසුවක් වන්නේ කොකෝවාවල අඩංගු ෆ්ලැවනෝල් ජ්තචමචදධතඵ බවත් මොළයේ එක් එක් කලාපවලට ඉලක්කගත කාර්යයන් ඉටුකරගැනීමට අවශ්‍ය වන ප්‍රශස්ත රුධිර සංසරණය ෆ්ලැවනෝල් මඟින් ඉටු කෙරෙන බවත් පර්යේෂණ මගින් හෙළි වී ඇත. මේ අනුව පුද්ගලයන් වයස්ගත වීමේදී බොහෝ විට ඇතිවිය හැකි ඇල්ෂයිමර් රෝගී තත්ත්වයට චොක්ලට් පෙති කීපයක් දිනකට ආහාරයට ගැනීම ඉතාම හොඳ ආයෝජනයක් බවත් නවීන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහසයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.