හිසරදයක් වූ හිසකැක්කම

2 වැනි කොටස
අගෝස්තු 7, 2020

(2020/07/24 ) දින ලිපිය හා සම්බන්ධයි 

එකළොස් වැදෑරුම් ශිරෝ රෝග වර්ගීකරණයේ වාතජ, පිත්තජ, කඵජ ශිරෝ රෝග ත්‍රිත්වය ගැන පසුගිය සතියේ දී යම්තාක් දුරට දැනගත් අපි ඉතිරි ශිරෝරෝග අට පිළිබඳ විමසා බලමු. 

සිව්වන ශිරෝරෝගය ලෙස දක්වන්නේ ත්‍රිදෝෂ් ශිරෝරෝගයයි. එනම් වාතජ, පිත්තජ, කඵජ ලක්ෂණ සියල්ලක්ම මිශ්‍රව පවතී. ඇතැම් විට Frontal Sinusitis  හි ලක්ෂණ හා ගැළපෙයි. 

පස්වැන්න රක්තජ ශිරෝ රෝගයයි. මෙහිදී පිත්තජ ශිරෝරෝගයට සමාන ලක්ෂණ ඇතිවේ. අමතරව හිස ඇල්ලීමේදී පවා දැඩි අපහසුවක් දැනෙයි. මුහුණ රත් පැහැ වෙයි. මෙය වැටීමකදී, හිසට පහරක් වැදුන විට, අධිකව මත්පැන් පානය කළ විට රුධිර පීඩනය ඉතාමත් ඉහළ මට්ටමක පවතින විට රෝග ලක්ෂණයක් ලෙස ඇතිවිය හැකියි. 

හිසෙහි ඇති ලේ, වසා, මජ්ජා, සෙම, වාතය යන මේවායේ හීනතාවය නිසා ක්ෂජයේ ශීර්ෂ රෝගය ඇති වේ. මෙහිදී කරකැවිල්ල, සිහිමද බව, හිසෙහි වුවමනාවට වඩා දැනෙන හිස් බව මෙහි ලක්ෂණ වශයෙන් ඇතිවේ. පාණ්ඩුව, කෘමිරෝග, මධුමේහ, අධිකව මෙවුන්දම් සේවනය කිරීම, අධිකව, රුධිරය වහනය වීම් නිසා හා බොහෝ කාලයක් තිස්සේ පවතින රෝග පීඩා ‘චිරකාලීන රෝග පීඩාවන්) නිසා ද මෙම ශීර්ෂ රෝග ඇතිවිය හැකිය. 

ක්‍රිමිජ ශීර්ෂ රෝගයේ දී හිසට හිදී දිගින් අනින්නාක් බඳු පීඩාවක් ඇතිවේ. මෙය ප්‍රධාන ආකාර දෙකකි. ප්‍රකට කෘමි හා අප්‍රකට කෘමි වශයෙනි. ප්‍රකට කෘමි භේදයේදී නාසයෙන් ස්‍රාවයක් හික්මෙයි. එම ස්‍රාවය සමඟ කුඩා කුඩා පණුවන් නික්මෙයි. මෙය ඇතිවනුයේ වායු විවර ශේථය නිසා ය. අප්‍රකට කෘමි භේදයේ දී පණුවන් දක්නට නොලැබෙයි. නාසයෙන් නික්මෙන ස්‍රාවයක්ද නොමැති වෙයි.  මෙහිදී සිදුවන්නේ උදරයේ  සිටින කෘමි නිසා හිසෙහි සංවේදනික පීඩාවක් ඇතිවීමයි. නමුත් මෙය බරපතල අවස්ථාවක් නොවෙයි. මෙහිදී හිසට යැවෙන රුධිර ප්‍රමාණය ද අඩුවිය හැකියි. 

සූර්යයා වර්තය වර්තමානයේ සුලභව දැකිය හැකි රෝග තත්ත්වයකි. මෙය හිරුට සමාන ඇති ගමනකින් යුක්තය. එනම් සූර්ය උදාවත් සමග ඇරඹෙන මෙම හිස කැක්කුම සූර්යයාගේ මුදුන්වීමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් වැඩෙයි. මධ්‍යහන 12 සීමාවේ දී උපරිමව පවතින හිස රුදාව හිස අවරට යාමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් අඩුව ගොස් රාත්‍රියේ දී සංසිඳී යයි. මෙය සුව කිරීමට තරමක් අපහසු රෝග තත්ත්වයක් ලෙස දක්වා තිබේ. මෙය ඇතිවීමට විවිධ හේතූන් දක්වා තිබුණත් ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ හිසෙහි ඇති කුහර තුළ (Sinus)සෙම ඝන වීමයි. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිශ්‍යාව ඇතිවිට එම  සෙම එළියට යාමට ඉඩ නොදී හිස තුළම ඝනවීමට සැලැස්වීමේ ප්‍රතිවිපාකයයි. සෙම ඝනව ඇති කුහර ආසන්නයේ පීඩාව වැඩියෙන් ඇතිවෙයි. උදාහරණයක් ලෙස කපාල කුහර තුළ සෙම ඝනව ඇතිනම් කපාල ප්‍රදේශයේ වේදනාව දැඩිව ඇතිවෙයි. 

අනන්තවාතය ත්‍රිදෝෂයම කෝපවීමෙන් හටගනී. එයින් ඇතිවන පීඩාව ඇස, බැමහ, හකු, හනු, කොපුල්, ගෙල යන මේවා කරා පැතිරී යයි. නවීන මතයට අනුව මෙම ශීර්ෂ රෝගය   හා සමානත්වයක් දක්වයි. මුල් අවස්ථාවේ දී සියුම්ව පැවතියද කල්යත්ම විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අවු. 30 - 50 අතර වයස් සීමාවේදී ඉතා දැඩිව මෙම පීඩාව ඇතිවේ. ශීත සෘතුවේ දී මෙම පීඩාව උග්‍රවෙයි. මෙහිදී නාස්සිදුර හෝ ඇසේ යටි පෙදෙසේ (Intra orbital Foramen)    සමෙහි පීඩාව ඇතිවී පීඩාව පැතිරී යයි. මිනිත්තු කිහිපයකින් ඇතිවන පීඩාව දින ගණනක් වුවද පැවතිය හැකිය. නමුත් ඒ අතරින් සතර දින 2 - 3 ක් පීඩාව තාවකාලිකව අවමද පැවතිය හැකිවෙයි. ඇතැම්විට ඇල්ලීමේදී පවා වේදනාව(Tenderness)   ඇතිවේ. අමතරව දහඩිය දැමීම වැඩිවීම, කෙල ගැලීම, කඳුළු හෙලීම, නාසයෙන් ස්‍රාව ගැලීම, දිවෙහි එ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.