මාංශ වර්ග හා එහි ගුණ

සැප්තැම්බර් 11, 2020

කුකුළු මස්, තාරා මස් හා කළුකුම් යන මස් වර්ග කුකුළු මස්වල අඩංගු මේද ප්‍රමාණයන්, යකඩ ප්‍රමාණයන්, හරක් මස්වල අඩංගු ප්‍රමාණයට වඩා අඩුය. නමුත් කුකුළු මස්වල ප්‍රෝටීන්, කැල්සියම් හා නිකොටින් අම්ලය වැඩි ප්‍රමාණයක් අඩංගුය. 

පක්ෂීන්ගේ, උරගයන්ගේ හා සිවුපාවුන්ගේ මස්, මස් ලෙස හැඳින්විය හැක. බොහෝ සතුන්ගේ සත්ව මාංශ බොහෝ රටවල ආහාරයට ගන්නේ නයි, ගැරඬි හා ඉබි මස්, සමහර ජාතීන් කබර මස්, බලු මස් මෙන්ම පක්ෂීන්ගේ මස් වර්ගද විවිධාකාර ලෙස උයා ආහාරයට ගන්නේ,වෙනත් ආහාරයන්ට වඩා විවිධාකාරයෙන් පිසගැනීමෙන් ය. අප රටේද කුකුළු, හරක්, ඌරු, හාවෝ. මීහරක්, ගෝනා, මුවා , එළු ආදි සතුන්ගේ මස් කෑමට පි‍්‍රයකරති. 

මස් වර්ග ප්‍රධාන කොටස් 03 කි. 

1.පේශි පටක 2. මෘදු පටක 3. මේද පටක මේ මාංශ වර්ග 03 ට අමතරව ඇට වර්ගද කොටස් 03 කට බෙදා දක්වති. 

1.තද ඇට, 2.මෘදු ඇට 3.නම්‍යශීලි ඇට වශයෙනි 

පේශි පටක හැදී ඇත්තේ සම්බන්ධක පටක එකට බැඳී, ඒ බැඳුණු පටක සියුම් සිවියකින් ආවරනය වන ආකාරයකටය. එක් පේශියක් තවත් පේශියක් සමඟ සම්බන්ධතාවය රැක ගනිමින් මේ පේශි අතර ඇති සියුම් ආවරණය නිසාය. එම සිවිය පේශින්ගේ තන්තු වලට වඩා සවිමත්ය. මේ පේශි සමූහය ක්‍රියාකාරි කණ්ඩරාවක් සමඟ තදින් බැඳී පවතින්නේ පේශි ක්‍රියා කිරීමේ ක්‍රියාවලිය ඒ නිසා ක්‍රියාත්මක වන හෙයින්ය. 

පේශි සෛල තුළ පෝෂ්‍ය පදාර්ථ රාශියක් එකතුවී තිබීමත් ඒවා මයොසින් හා ඇක්ටීන් යන පදාර්ථ වලින් බහුල වේ. මයොසින් විශාල ප්‍රත්‍යක්ෂ ප්‍රෝටීන් විශේෂයකි. එය ඇදුණු පේශියක් හෝ නොඇලුණු පේශියක් හෝ හැටියට පවතී. 

හරක් මස් – Beef

 අද වන විට හරක් මස්වල පරිභෝජනය බොහෝ සෙයින් පහළ බැස ඇත්තේ ගව ඝාතනය අඩු බවත් මෙන්ම මිනිසුන්ද බොහෝ කොට මෙම මස් කෑමෙන් වැලකී සිටීම නිසාමය. පේශි තන්තු ඝන බවින් වැඩිය. එම නිසා දිරවීමේ අපහසුතාවය ඇති විය හැකිය. නිතඹ ප්‍රදේශයේ මාංශ ඉතා මෘදු වේ. 

මස් පිළිබඳව දැනුමේදී ගවයාගේ ශරීරය මාංශ අංශ 12 කට කොටස් කොට වර්ග දක්වා ඇත. 

පක්ෂා ඝාතය – Hing Shank  , ගාතයේ අග කොටස – Round -කලව 

තට්ටම් ප්‍රදේශය – අභථන , යටි ඉඟටිය – – Loin end, උඩු ඉගටිය – Short Loin,  ඇලපත – Flank  ඉල ඇට , උරය , බෙල්ල, පෙරගාතය, පැත්ත, බඩවත 

ගවයාගේ                පෝෂණීය ගුණය අධිකව පවතින්නේ අක්මාව (පීකුදු) හෘදය, වකුගඩු හා මොළය සහ දිව යන අභ්‍යන්තර අවයවවලය. ඌරු මස් හා බැටළු මස්වල අඩංගු ලියුසින් ,ලයිසින් සහ වේලින් යන පදාර්ථ ගව මස්වල අධිකය. එම නිසා පෝෂණයෙන්ද අනික්වාට වඩා වැඩිය. එදා සිංහලයෝ ගවමස් කෑම ප්‍රතික්ෂේප  කොට ඇත. නමුත් විදේශීය ආක්‍රමණයෙන් පසුව මස් කෑමට අප රට පුරුදු වූ බවට මතයක් පවතී. 

මී හරක් මස්

මෙම මස් ඉතා ඝනකමින් යුතු වේ. ගුණය එක හා සමාන බව පැවසේ 

වහු මස් 

මාස 8-10 අතර කාලයේ (වහු පැටවුන්) ගේ මස්ය. වැඩෙන ළමයින්ට ගුණ බව පැවසේ. 

බැටළු මස් – රසවත් බව පැවසේ. ලෝකයේ ජනපි‍්‍රයම මස් වර්ග වලට අයත් වේ. 

ඌරු මස් –

ඌරු මස් වල පේශි සැදී තිබෙන තන්තු පටක අතර ද තැනින් තැන ඝන මේද තට්ටු දැකිය හැකිය. ඌරු මස්වල ඌරාගේ මාංශ පටක කොටස් අටකට දක්වා ඇත. 

1.හිස 2. යටිගෙල 3.පිටකොන්ද 4. ඉඟටිය 5.පක්ෂාඝාතය 6.උදරය 7.උරහිස 8.පාද අග මේදය අධිකව පවතී. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.