දේශීය පිළචියම් මුඛ රෝග වළකාලන

ඔක්තෝබර් 2, 2020

ආයුෂ විඳීම යනු ආයුර්වේදයයි. නිරෝගී අයගේ නිරෝගීකම ආරක්ෂා කිරීම, රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍ය ආහාර විහරණ ගැනීමෙන් ශරීරයේ දෝෂ, ධාතු මල දූෂිත වී ලෙඩ රෝග ඇතිවෙයි. අප කතා කරන මුඛ රෝගවලට ද ප්‍රධාන හේතුව එයයි. 

මුඛ රෝග පන්සිය හැටක් (560) යැයි ආයුර්වේදඥයෝ කියති. මෙයින් තොල්, දත්මුල්, දත්, දිව, දිව මුල, තලු, ගෙල යන ස්ථානයන්හි උපදින රෝග බොහෝ පීඩා දෙයි. සමස්තයක් වශයෙන් ගත් කල මෙකී රෝගයන්ට ප්‍රධානම හේතුව අපත්‍ය ආහාර විහරණයි. 

වර්තමානයේ සමාජය තුළ මුඛ පිළිකා බහුලව දක්නට ලැබෙයි. හුණු හා දුම්කොළ දිව යට තබා ගැනීම, අධික ලෙස දුම්කොළ හා හුණු මිශ්‍ර කර බුලත් විට කෑම, හා අධික ලෙස දුම්බීම එයට ප්‍රධාන  හේතුව වෙයි. දත් දිරායාම, විදුරුමස් දියවීම, විදුරුමසින් ලේ යාම, මුඛ දුර්ගන්ධය, දත් බුරුල්වීම, තොල් පැලීම, දත මුල ගෙඩි හට ගැනීම, දිවයට මාංශ ඒම, අධි මාංශ යන රෝග අතුරු ආබාධ වශයෙන් ඇතිවෙයි. මෙකී රෝගයන්ගෙන් නිරෝධානය වීමට දේශීය වෙදකමේ ඇති රෝග නිවාරණ කිහිපයක් පහතින් දැක්වෙයි. 

ප්‍රථමයෙන් ශරීරයේ ඇති දෝෂයන් සමනය වීමට විරේකයක් කළ යුතු යි. සෙනෙහෙකොළ, කටුකරෝසන, සුදුලූනු කලං දෙක බැගින් ගෙන පත හතර එකට සිඳවා සීනි දමා දෙවේලට බොන්න ප්‍රත්‍යක්ෂයි. අත්දුටුයි. 

දත් පණුවන් කෑමට, මුඛයේ දුගඳ හමනවාට, දත් මුල දියවීම, දත්වලින් ලේ හා සැරව ගැලීමට, පොල් මුල්, පුවක් මුල්, පිල මුල් සමව ගෙන තම්බා ‘සීනක්කාරම්’ කුඩු දමා මුඛය සෝදන්න. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.