භෝජන විධි

ඔක්තෝබර් 9, 2020

ආහාර අනුභවයට පසු අතුරුපසයට ඇඹුල් රසැති පලතුරක් ගැනීම මත ආහාර දිරවීම පහසුවනවා සේම එය යකඩ වැනි පදාර්ථ ශරීරයට උරා ගැනීමටත් හේතු වෙයි. 

බොහෝ ලෙඩවලට මූලික හේතුව අපගේ ආහාරය වී ඇත. අප කවුරුත් හොඳින් දන්නා මධුමේහය (දියවැඩියාව) අධිරුධිර පීඩනය, හෘද රෝග, අම්ල පිත්ත, පපුවේ දැවිල්ල, නීරක්තතාවය සරල උදාහරණ ලෙස දැක්විය හැකි ය. අතීතයේ දී මෙවැනි ලෙඩරෝග නොතිබුණා නොවේ. එහෙත් අද මෙවැනි රෝග කොතෙක් දුරට උග්‍ර වී ඇත්දැයි වැටහෙනවා ඇත. 

අද අපි ළමා මධුමේහය ගැන දැනසිටින අතර ආර්ථික අතින් ඉහළ පුද්ගලයන්ගේ නිවෙස්වල සිටින සුනඛයන්ට පවා මෙම භෝජන විධියේ ඇති සාධක මත මධුමේහය වැළඳෙන බව රහසක් නොවෙයි. 

අප ගත යුතු ආහාර ප්‍රමාණය ගැනද පැරැන්නන් සැළකිලිමත් වී ඇත. ආමාශයෙන් 2/4 ක් ආහාරද 1/4 ජලයද ඉතිරි 1/4 හිස්ව තබන ලෙසට උපදෙස් දී ඇත. එහෙත් අද අපි ආමාශය උපරිම ලෙස පිරැවීමට පෙළැඹී සිටිමු. 

අපගේ ආහාරයේ ප්‍රධාන ස්ථානයක් ශාක වර්ගවලට හිමිවෙයි. එහි කොළ, මුල්, ගෙඩි, කඳ, අල හා පොතු ලෙස කොටස් 06කි. ඒ අනුව අපගේ ආහාරයේ ධාන්‍ය වර්ග, මාංස වර්ග, ශාක වර්ග, ඵල වර්ග, මී පැණි සීනි වැනි මධුර ද්‍රව්‍ය ප්‍රධාන වන බවට පෙන්වාදිය හැකි ය. 

අප ආහාර අනුභව කරන විට පළමුව මිහිරි රසද දෙවනුව ඇඹුල් රසද තෙවනුව ලුණු රසද පසුව අනෙකුත් රස දේද අනුභවය සුදුසු ය. මෙය අප දැන හෝ නොදැන හෝ ඉටුකරනු ලබන ක්‍රියාවලියකි. 

ආහාර අනුභවයට පසු අතුරුපසයට ඇඹුල් රසැති පලතුරක් ගැනීම මත ආහාර දිරවීම පහසුවනවා සේම එය යකඩ වැනි පදාර්ථ ශරීරයට උරා ගැනීමටත් හේතු වෙයි. 

භෝජනයට පසු පිරිසුදු ජලය පානයද ඉන්පසු දත් හා මුඛය හොඳින් පිරිසුදු කර ගැනීමද භෝජනයේම කොටසක් ලෙසට අමතක නොකළ යුත්තකි. මෙලෙස පුද්ගලයාට සාත්ම්‍ය මෙන්ම හිත ආහාරයක් දිනපතාම ගන්නේ නම් ඡවි කල්‍යාණය (නිරෝගි සම) මාංස කල්‍යාණය (නීරෝගී මාංශ පේෂි) කේශ කල්‍යාණය (නිරෝගී හිසකෙස්) දන්ත කල්‍යාණය (නිරෝගී දත්) වයඞ  කල්‍යාණය (වයසට නිසි පෙනුම) යන පංච කල්‍යාණය හා සවිශක්ති පමණක් නොව ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච කාම සම්පත්තියද නොඅඩුව ලැබෙනවා ඇත. 

ආයුර්වේද පෝෂණ විද්‍යාව අනුව අප එදිනෙදා ගන්නා ආහාරය සරල වර්ගීකරණවලට ලක්කර ඇත. 

ඒ අනුව ආහාරවල අන්තර්ගතය අනුව 

මාංශ ආහාර, පිෂ්ඨමය ආහාර, මේදමය ආහාර, ජීව පදාර්ථ, ඛනිජ ලවණ, ජලය ලෙසද 

ආහාර අප ශරීරයට ගන්නා ක්‍රමය අනුව 

විකා කන ආහාර, බොන ආහාර, දිවෙන් ලෙව කා ගන්නා ආහාර, උරා බොන ආහාර ලෙසට ආයුර්වේදයේ වර්ග කර ඇත. 

අපගේ  පැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ ඇති මෙම ආහාර වට්ටෝරුව අදටත් නොගැළපේද කියා සිතා බලන්න. 

වේලකට ගත යුතු හිත ආහාරයට ඇල් හාල් කුඩව එකයි. පරිප්පු කුඩව, මස් කුඩව 1/2 ගිතෙල් කුඩව 1/8 යි, කුඩවයක් යනු පතකි. ඒ නිසා බත් පත යැයි කීම අසාධාරණ නොවේ. 

අපගේ ආහාරයේ පෝෂණ කොටස් විනාශ වී නොයන ලෙස ඒවා සංස්කරණය කර ගැනීම අපගේ වගකීමකි. එලෙසම විධිමත්ව පිළියෙළ කළ ආහාරය අනුභවයද සදාචාරාත්මකව ඉටු කළ යුතු ය. අප සැමවිට අපගේ කෑම මේසය දුටු පමණින් ආහාර රුචිය වඩවන සිත සතුටු වන ලෙසට සකසා ගත යුතු ය. එයත් අපගේ භෝජන විදියේ නීතියකි. එලෙසම ආහාරය අනුභව කරන විට අන් අය අනුභව කර ඇත්දැයි විමසා බලා සෘජුව සුව පහසුව ආසනයක වාඩි වී ඊර්ෂ්‍යා, ක්‍රෝධ, ශෝක, භය, ද්වේශ වැනි මානසික තත්ත්ව වලින් තොරව ආහාරය අනුභව කළ යුතු ය. 

කිරි වඩන ආහාර 

පොළොස්, කොස්, මාළු වර්ග, කෙකටිය අල, සුදුලූනු, කරවිල, පොල්, හාතාවාරිය, අල, ලබු. 

ධාතු වඩන ආහාර 

කිරි, අලුත් එළවළු, පලතුරු, උඳු ආදී ධාන්‍යය. 

මල වඩන ආහාර 

ඉදුනු බෙලි, කෙඳි සහිත පලා කොළ වර්ග. 

මුත්‍රා වඩන ආහාර 

සාරණ, පුහුල්, ඉකිරිය, රාබු, කැකිරි. 

ඩහදිය වඩන ආහාර 

උණු දිය, කොත්තමල්ලි

අග්නිය වඩන ආහාර 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.