දෙපාවල නිල්පැහැ දඟර ගැසුණු නහර මතුවීම

ඔක්තෝබර් 16, 2020

 දෙපාවල නිල්පැහැයෙන් දඟර ගැසුණු නහර මතුවීම කාන්තාවන්ට නම් එය කනස්සල්ලට හේතුවන කරුණකි. නමුත් මෙම රෝගී තත්වය නහර ගැට ගැසීම කාන්තාවන්ට පමණක් සීමා වූ රෝගී තත්ත්වයක් ද නොවේ. එහෙත් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයට පත් වූ වයස අවුරුදු විස්සේ හතළිහේ යෞවන යෞවනියෝ ද සිටිති.

මේ අතර වැඩි වශයෙන් නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වයට ගොදුරු වී සිටින්නේ අවුරුදු පනහ ඉක්ම වූ අයයි. නහර ගැට ගැසීම පිළිබඳව වැඩි පුරම කනස්සල්ලට පත්ව සිටින්නේ කාන්තා පාර්ශවයයි. ඒ අතරින් ද වැඩියෙන්ම සිටින්නේ ගර්භණී කාන්තාවනුයි. නහර ගැට ගැසීමේ තත්වය ගැන නොසලකා සිටීමෙන් යම් හෙයකින් ඇති වූ තුවාලයක් නිසා එම නහරවලින් රුධිරය ගැලීමක් ද සිදු විය හැකිය. මේ නහර ගැට ගැසීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පාදවලයි. ශරීරයේ ප්‍රධාන රුධිර නාළ, ධමනි හා ශිරා යනුවෙන් කොටස් දෙකකින් පවතී. මේවායින් රුධිරය හදවතේ සිට ශරීරය පුරා බෙදා හරින්නේ ධමනි මගිනි. මේ අතර ශිරා මගින් දේහයේ ඇති රුධිරය හදවත දෙසට ගෙන යයි. මෙම ශිරා හා ධමනි අතර සම්බන්ධතාවය පවතින්නේ සිහින්ව අතු බෙදී ගිය කේශනාළිකා මගිනි.

දෙපාවල නහර ගැට ගැසීම ඇතිවන්නේ මේ ශිරාවලය. නහර ගැට ගැසීමක් ඇති වුවහොත් එහි වේදනාව කකුල් දෙක පුරාම විහිදී යෑමට ද ඉඩ ඇත. එහෙත් වැඩි වේදනාවක් පවතින්නේ බත් කෙන්දේය. බොහෝවිට දෙපාවල දණහිසෙන් පහළ කොටසේ නහර ගැට ගැසීම සිදු වුවත් කලවා ප්‍රදේශයේ වුව ද නහර ගැට ගැසීම ඇති වේ. ඒවායෙහි විශාල නහර මතුපිටට දර්ශනය වී තිබී නම් රාත්‍රී කාලයේ එහි වේදනාව දරාගත නොහැකි තරමට උග්‍රව පවතී. සමේ කැසීම රාත්‍රී කාලයේදී කෙන්ඩා පෙරළීමක් ද වේ. සමහර අයට නිදහස්ව විවේකීව සිටින අවස්ථාවලදී වේදනාවක් පවතී. නමුත් ඇවිදින විට එම වේදනා තත්ත්ව නැතිව යන තත්වයක් ද පවතී. එක් පාදයක හෝ පාද දෙකෙහිම නහර ගැට ගැසී ඒවා විශාල වී දඟර ගැසුණු නහර දැක ගන්නට හැකි වේ. මෙසේ නහර ලොකුවීමේදී සම තුනීවීම, සම කළු වර්ණ වීම, සම කසන ගතියක් පැවතීම, පාදයේ ඇස්වටය ළඟ යම් තුවාලයක් වීම ආදින් ද සිදු වේ.

නහර ගැට ගැසීම සැමටම ඇතිවෙන්නේ නැහැ, බොහෝවිට නහර ගැට ගැසීමට ලක්වන්නේ වැඩි වේලාවක් වැඩි දෙනෙක් හිටගෙන සිටින වෘත්තීයන්වල යෙදී සිටින අයයි. මුර සේවයේ යෙදෙන අය බොහෝවිට දිවා රාත්‍රී දෙකෙහිම තම රාජකාරිය කරනුයේ හිටගෙනයි. එමෙන්ම කකුල්වලට යම් අනතුරක් සිදුවුවත් එම ස්ථානයේ මෙලෙස නහර ගැට ගැසීමක් ඇති විය හැකියි. නිසි වේලාවට මළ පිට නොකර මළ බද්ධයෙන් දීර්ඝ කාලයක් පීඩාවිඳින අයටත් අධික තරබාරුවෙන් පසුවන අයටත් ව්‍යායාම්වලින් තොරව ඇඟ නොවෙහෙසා සිටින අයටත් නහර ගැට ගැසීම් ඇති විය හැකිය.මේ විදියට ශරීරයේ පහළ කොටස්වල ඉහළට ශිරාවල සිදුවන රුධිර ගමනා ගමනයේ බාධාවීම් අවහිර හේතුවෙනුත් නහරගැට ගැසීම ඇතිවිය හැකිය. නහර ගැට ගැසීම ගර්භණී කාන්තාවන් තුළ බෙහෙවින් දැක ගත හැකිය. නහර බෙහෙවින් ඉදිරියටත් නෙරා පවතී. නමුත් ගර්භණී සමයේදී පවතින එම තත්වය දරුවා ලැබීමත් සමඟ සුව අතට පත්වේ. එහෙත් සමහර කාන්තාවන්ට දරුවා ලැබුණු පසුවත් නහර ගැට ගැසීම එලෙසින්ම පැවැතීම නිසා ප්‍රතිකාර ගැනීමට සිදු වේ.

නහර ගැට ගැසුණු සමහර අයගේ කකුල්වල දණහිසෙන් පහළ කොටසේ තදට කැසීම් ගතියක් පවතී. සම නියපොතුවලට සිරීම නිසා තුවාල පවා ඇති විය හැකියි. එමෙන්ම දද හටගත හැකියි. එවැනි අවස්ථාවලදී ඒ ගැන නිසි වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාගත යුතුයි. ශරීරය පුරාම ඇසට නොපෙනෙන හා පෙනෙන තරම් ඉතා සියුම් නාල පද්ධතියක් පැතිරී තිබේ. මෙම සියුම් නාලවලට ‍ස්‍රෝතස් නමින් හඳුන්වා ඇත.ආහාර මාර්ගය, ශ්වසන නාල, රුධිර නාල, කේශ නාලිකා වැනි ඉතා සියුම් ධමනි සහ ශිරා පමණක් නොව වසා නාල කේශනාලිකා වැනි ඉතා සියුම් නාළ සියල්ලක්ම මෙම ‍ස්‍රෝතස්වලට අයත් වේ. ශරීරයේ පවතින වාත, පිත , කඵ සහ සෙම යන ත්‍රිදෝෂයන්ට අයත් සංඝටකත්, රස රක්ත ආදී සප්ත ධාතුනුත්, මළ මුත්‍ර සහ දහඩිය ආදි අපද්‍රව්‍ය ශරීරයේ පවතින මෙම නාළ මගින් සිරුර පුරා පැතිර පවතී. මෙම ක්‍රියාව නිසි ලෙස සිදුවන්නේ ‍ස්‍රෝතස් නාල තුළය. ‍ස්‍රෝතස් තුළ ඇතිවන මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් පවතින වෙනස්වීම් එලෙසින්ම පැවතිය හැකිය. මෙවැනි අවස්ථාව ස්ථීර විකෘතිතා ‍ස්‍රෝතස් දෘෂ්ටි ලෙස හැඳින් වේ. මේ අනුව නහර ගැට ගැසීම යනු ආයුර්වේදයේදී ශිරා ග්‍රන්ථි ලෙස සැලකේ.

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.